මෛත්‍රිපාල සිරිසේන ජනපතිට හැට දෙලක්ෂයක් ඡන්ද ලබාදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පරාජය කිරීම සඳහා ක්‍රියාකාරී මෙහෙවරක් කළ සාධාරණ හෙටක් සඳහාවූ ජාතික ව්‍යාපාරය සංවිධානයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමි හා මෛත්‍රිපාල සිරිසේන ජනපති අතර ලොකු විරසකයක් හටගෙන ඇත.
මහින්ද රාජපක්ෂ රජයේ වංචා, දූෂණ, ඥාති සංග්‍රහය හා ඒකාධිපති ස්වරූපයට එරෙහිව කථාකිරීමට බොහෝ දෙනා ඉදිරිපත් නොවූ සමයක ජීවිත තර්ජන පවා නොතකා මහින්දට එරෙහිව සිවුරේ බලය පෙන්වූ සෝභිත හිමි මෛත්‍රි පාලනයට දින 180ක් ගතවූ තැන සෝභිත හිමිට ජනපති දුරකථන ඇමතුමක් ගත් අවස්ථාවේ සෝභිත හිමියන් ‘නොකළ යුතුදේ ඔබතුමා කළානේ. දැන් ඉතින් කථා කරලා වැඩක් නැහැ‘යි කියමින් සෝභිත හිමියන් දුරකථනය විසන්ධි කළ බව කියති.
නොකළ යුතු දේ කළා යනුවෙන් සෝභිත හිමියන් පවසා ඇත්තේ මහින්දට සන්ධාන අපේක්ෂකත්වය දීමයි. ජනපති ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර තමාට ඔහු හමුවීමට අවශ්‍ය බව සෝභිත හිමියන් කලින් දන්වා තිබුණි.
එහෙත් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එවැනිම ඉල්ලීමක් කර තිබුණාලු.
පසුගිය සිකුරාදා සවස 5ට ජනපති සෝභිත හිමියන්ට දුරකථන ඇමතුමක් ගෙන ඇත. එහෙත් ඒ වන විට මහින්දට මහ ඡන්දයට තරග කිරීමේ වරය ලැබී ඇතැයි සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබිණි. ‘දැන් ඉතින් අපි දෙන්නාගේ කථාවෙන් වැඩක් නැහැ‘යි සෝභිත හිමියන් ජනපතිට කියා ඇත්තේ එම වටපිටාව යටතේය. ජනපති චන්ද්‍රිකා හමුවේදැයි නොදන්නා නමුත් ඇගේ උපන්දින සාදයට ඔහු නොගිය බව කියති. හිටපු ජනපතිනියගේ 70 වැනි උපන්දිනය ජූනි 29 වැනිදාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් එදා සිට ඇගේ සමීප හිතවතකු වන මංගල සමරවීර මහතා ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ විදේශ ඇමැති නිල නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කර තිබිණි. ප්‍රධාන ආරාධිතයා මෛත්‍රිපාල සිරිසේන මහතාය. මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට එන බව කලින් ස්ථිර කර තිබුණි. ඔහු පමාවූ නිසා ජනපතිගේ විජේරාම මාවතේ නිල නිවසට දුරකථන ඇමතුමක් දුන්නේය. ජනපති නිල නිවසේ සහායකයකු පැවසූයේ සිරිසේන මහතා කලින් නින්දට ගිය බවයි. කොන්දේ අමාරුවක් ඊට හේතුව බවද ඔහු කියා ඇත. මුදල් ඇමැති රවී කරුණානායක එජාප සභාපති මලික් සමරවික්‍රම ඇමැති අර්ජුන රණතුංග, පද්ම මහාරාජා හා මනෝ තිත්තවැල්ලද එහි වූහ. එහි වෙනත් ස්ථානයකදී කුමාරතුංග මහත්මිය සිය නොසතුට පිට කළාය. ජනපති සිරිසේන මහින්දට නාම යෝජනා දී ඇතැයි කීවාය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඔහු පරාජය කළ යුතු බවද ඇය පැවසුවාය. එදා රාත්‍රියේ කුමාරතුංග මහත්මියට හෝ රනිල් වික්‍රමසිංහ අගමැතිට හෝ මුහුණ දීමේ හැකියාවක් ජනපතිට නොවූ බව එහි සිටි බොහෝ දෙනා කීහ.
සෝභිත හිමියන්ට ඇමතුම ගත් ජනපති ‘අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ලිපියක් එවා තිබුණා. දවසකින් දෙකකින් ඔබවහන්සේට දිනයක් දිය හැකි යැයි‘ කියා ඇත.
එවැනි කථාවක් ඇසීමට සෝභිත හිමියන්ට අවශ්‍ය නොවීය. නොකළ යුතු දේ කිරීමෙන් පසුව හමුවීමෙන් වැඩක් නැතැයි ඒ හිමියන් නොඉස්පාසුවෙන් කියා ඇත්තේ ඒ නිසාය.
‘දැන් අපි දෙන්නට කථා කරන්න දෙයක් නැහැනේ‘ යනුවෙන් සෝභිත හිමියන් මෛත්‍රී පූර්වකව ජනපතිට කියා ඇත. ඒ ඇසූ ජනපති සෝභිත හිමියන්ට පවසා ඇත්තේ ‘එම තීරණය ගැන මගේ කිසිම සම්බන්ධයක් නෑ. එය සන්ධානේ තීරණයක්‘ විචක්ෂණ බවින් කෙළ පැමිණ සිටින සෝභිත හිමියන් එවිට ජනපතිට යෝජනා කර ඇත්තේ ‘එහෙනම් මේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට මම ගරු කරනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ හැමදාමත් ගත්තේ හරි තීරණය. (ම)
ජනාධිපතිතුමා ඇතුළාන්තය දන්නවා. එතුමාට අතීතයේදී වැරදීමක් වුණ බව ඔහු දැන් දන්නවා. (නි)
පැණිවරකා ගහටත් හෙණ ගහනවා කියලා පැරැන්නෝ කිවුවේ නිකන්ද? (නි)
මේක සන්ධානයේ සාමාජිකයන්ගේ සාමුහික එකතුවක ප්‍රතිඵලයක්.ඒකට ඔබවහන්සේවත් චන්ද්‍රිකා නෝනාවත් විරසකවෙලා වැඩක් නැහැ.වැල යන අතට මැස්ස ගහන්න බැහැ වගේ තමයි රට යන අතට එහෙයි කියන්න බැරිනිසා තමා රටේ ජනතාව එතුමාට ආරාධනා කරලා තියෙන්නේ. (නි)
අයියෝ! ඔන්න ඕවා අමතක කරලා දාන්න (නි)
සමන් මහත්තයෝ,උන්වහන්සේ මුල් වුණා නම්, උන්වහන්සේ මේ ජනපතිව දිනෙව්වා නම් උන්වහන්සේ දැනගන්න ඕනෑ පොරොන්දු ප්‍රකාරව එතුමාව නිර්පාක්ෂිකව තියාගන්න.ශ්‍රී ලංකා එකේවත් සන්ධානේ අයවත් එතුමාව ජනපති කරන්න ඡන්දෙ දුන්නේ නැත්නම් උන්වහන්සේ කොහොමද කියන්නේ ඒ ලක්ෂ 58 ජනමතයට එතුමාට හිස නමන්න එපා කියලා.සන්ධාන නායකයා වුණා නම් නිදහස් පක්ෂ නායකයා වුණා නම් එතුමා වගකියන්න ඕනෑ ඒ ලක්ෂ 58ට. නැතුව 62 ට නෙමෙයිනේ. (නි)
ස්වභාව ධර්මයට ඉඩදීම හොඳයි වගේ (නි)
ඉටුකළ සේවයට අපි ඔබ වහන්සේට ණයගැතියි. (නි)
මෙදාපාර ලාංකීය දේශපාලන ඉතිහාසයම උඩුයටිකුරු වන ජයක් සන්ධානය සියතට ගන්නා බව පෙනෙන්නට තිබේ. මා මේ කියන්නේ 1994 සිට 2015 තෙක් ජනාධිපතිවරණය ඇතුළු සියළු මැතිවරණ නිරීක්ෂණය කිරීමෙන්ය. (නි)
සෝභිත හාමුදුරුවනේ, පසුගිය ජනපතිවරණ ව්‍යාපාරයෙදි ඔබ වහන්සේ කළ කැපවීම මහානුභාවයි. ඒත් බුදු දහමේ එන ත්‍රිලක්ෂණ සිහිපත් කරානම් කළකිරෙන්න අවශ්‍ය නැහැ නේද? හැම දේම අනිත්‍යයි!(හේ)
කුබුර කොටලා අස්වද්දන කෙනාට තමා කුබුර පාලු කළාම දුක තියෙන්නේ.නැතුව ගොඩ ඉඳලා බලා ඉන්න අයට නොවේ. උන්වහන්සේ ජීවිත පුජාවෙන් කළ මෙහෙවර පාවා දෙනකොට මොනවා කතා කරන්නද? (නි)
යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතාවක් ජගත්දේව කියන්නේ කොහොම හරි උන් වහන්සේ වෙනසක් කරන්න මුල් උනානේ එනිසා උන් වහන්සේට හිත අමාරුවක් ඇති (බ)
රටේ අගමැතිව පත්වෙන්නේ අපේක්ෂත්වයෙන් හෝ ඡන්දෙන් නෙවෙයි. රටේ ව්‍යවස්ථාව අනුකූලව 43(3) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය තිබෙනවා යැයි හැඟෙන මන්ත්‍රීවරයව තමයි අගමැති ලෙස පත් කරන්නේ. (නදී)
දැන් මෛත්‍රී මහත්තයාට කට්ටිය නැතුව යයි වගේ.(හේ)
ඇයි මේ රට බේරාගත් නායකයාව කොන්කරන්න හදන්නේ?තේරෙන කෙනෙක් ඉන්නවා නම් කරුණාවෙන් තේරුම් කරලා දෙනවද? (නි)
මෛත්‍රී මහත්තයා දැනුත් ප්‍රමාද නැහැ. තමන්ට අවනත නැති පක්ෂයෙනුයි සන්ධානයෙනුයි අයින්වෙලා තමන්ට උදව් කළ අය සමඟ තුන්වෙනි බලවේගයක් හදන්න. (නි)
ජගත්දේව,මෝඩ කතා කියන්න එපා. මේ ස්වාමින් වහන්සේ කොහෙද ආණ්ඩු හදන්න හෝ කඩන්න ගියේ? උන්වහන්සේ කළ එකම දේ රටේ දසඅතේ පැතිර තිබුන දුෂණය සහ භීෂණය නැතිකරන්න මිනිසුන්ට මග හෙළිකළ එක. රටේ වපුරවලා තිබුන දුෂණය උන්වහන්සේ දැකලා ඒවා නැතිකරන්න මිනිස්සු උනන්දු කරපු එක කොහොමද ආණ්ඩු පෙරළීමක් වෙන්නේ. පාට කණ්ණාඩි දාගෙන ප්‍රශ්න දිහා බලන ඔහේලා වගේ ගැත්තෝ මේ රටට කරන්නේ මහා විනාශයක්. (නි)
බොරුවට එතුමාට චෝදනා කිරීමෙන් පලක් නැහැ (නි)
හොඳම වැඩේ තමයි වුණේ කට්ටියට කට උත්තර නැහැ පැත්තකට වෙලා බලා ගෙන ඉන්න තමයි තියෙන්නේ (ම)
අනේ අපේ හාමුදුරුවනේ අපි හැමෝම රැවටුනා නේද ? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම පතනවා අපේ හාමුදුරුවනේ ! (නදී)
මෛත්‍රී කියන්නේ ඒ පක්ෂයේ නායකයා. හාමුදුරුවන්ගේ කීම අහල පක්ෂය දෙකට කැඩුවොත් ඒකට වගකියන්නේ කව්ද ? අන්තිමට තමන්ගේ විතරක් නෙමේ තමන් ගේ ළමයිගේත් අනාගතය විනාශ කරනවා කියල එතුමට හිතෙන්න ඇති. මොකද ඔය ජනාදිපති කම තව අව්රුදු 4 , 5 කින් ඉවර උනහම එතුමාගේ තත්වය මොකද්ද ? (නදී)
ජයදේවගේ වැකිය මමද අනුමත කරමි. (නි)
ඔබවහන්සේ පාඩුවේ ඉන්නකෝ පන්සලට වෙලා බණක් භාවනාවක් කරගෙන (නි)
ඔබ වහන්සේ ආගමික වැඩක් බලාගෙන ඉන්න එක තමයි හොඳම දේ.දේශපාලනය කරන්න ඕනෑ නම් සිවුරට අගෞරව නොකර ඕක අතහැරලා දාලා දේශපාලනය කරන්න. ප්‍රශ්නයන් නැහැනේ. (නි)
එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ ඒකීයබව රැකගත්තේ සිවුරේ බලයෙන් පමණයි. (නි)
අජිත් මහත්තයෝ..අපි කියන්නෙත් එකයි..තමන්ට අයත් නැති තැනක් එ්ක..එතන තියෙන්නේ තමන්ට ලැබුණු ජනවරමේ නියෝජනයක් නෙමෙයි.කලින්ම ගත යුතුව තිබුණු තීරණයක්..එහෙම වුනානම් අද මහින්ද මහත්තයා යටතේ සන්ධානය මැතිවරණයේ ජය නාම යෝජනා දෙන්නත් කලින් තහවුරු කරගෙන ඉවරයි.(හේ)
දැන් මොකක්ද වෙන්න යන්නේ කියලා කාටවත් හිතා ගන්න බැරුව ඉන්නේ.(හේ)
මෙහෙම අනුන්ගේ ජනමතයක් පාලනය කරන්න, මංකොල්ලකන්න, නීති දාන්න, යටපත් කරන්න, කාවවත් පොළඹවන්න, බල කරන්න කොහේද අශෝක මහත්තයෝ කියලා තියෙන්නේ. (නි)
මිිනිස්සු ඔබ වහන්සේට ගරු කළා. දැන් රටම කැවා. (නදී)
එච්. ජගත්දේව මහත්තයට ඔයවගේ හොඳ විශ්ලේෂණයක් කරන්න තිබුනා මහින්ද මහත්තය පරදින්න කලින්.එහෙම නම් ඔය වැරදි හදාගෙන යන්න තිබුනා (නි)
ජනපතිතුමාගේ තර්කය මෙතනදී නිවැරදියි. සන්ධානේ අපේක්ෂකයින් තෝරන්නේ මණ්ඩලයකින්. ජනපතිතුමා සන්ධානේ සභාපති පමණයි. (නි)
සමන් මහත්තයෝ..උන් වහන්සේ මුල් උනානම් උන් වහන්සේ මේ ජනපතිව දිනෙව්වනම් උන් වහන්සේ දැන ගන්න ඕන පොරොන්දු ප්‍රකාරව එතුමාව නිර්පාක්ෂිකව තියා ගන්න. ශ්‍රී ලංකා එකේවත් සන්ධානේ අයවත් එතුමාව ජනපති කරන්න ඡන්දෙ දුන්නේ නැත්නම් උන් වහන්සේ කොහොමද කියන්නේ ඒ ලක්ෂ 58 ජනමතයට එතුමාට හිස නමන්න එපා කියලා. සන්ධානේ නායකයා උනානම් නිදහස් පක්ෂේ නායකයා උනානම් එතුමා වග කියන්න ඕන ඒ ලක්ෂ 58 ට. නැතුව 62 ට නෙමෙයි. (නදී)
අයියෝ! මේ මොකක්ද කරගත්තේ? (නි)
ජනාධිපතිතුමාට කරන්න ඉතිරිව ඇත්තේ එකම දෙයයි. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරෙන් සහ පක්ෂයෙන් ඉවත්වී ස්වාධීන ජනාධිපතිවරයෙක් ලෙස ඉතිහාසයට එක්වීමයි. එය රටේ සියලු ජනතාව වෙනුවෙන් කළ යුතු උතුම් ආදර්ශයක් වෙන එක නොවැලක්විය හැකියි.(ම)
හාමුදුරුවනේ, දේශපාලන ගැත්තන්ගෙන් මේ රට බේරාගත හැක්කේ ඔබවහන්සේට පමණකි.මොළය ඇත්තෝ ඔබ වහන්සේ සමඟය!!! (නි)
ඔබවහන්සේ හැමදාම නිවැරදි, ජනතාහිතවාදී තීන්දු ගත්තත්, මෙදා නම් මොකද්දෝ වැරැද්දක් මට පෙනෙනවා. (නි)
මේ රටේ බොහෝ මිනිසුන්ගේ සාධාරණත්වයේ සහ අවංකකමේ හදගැස්ම සෝභිත නාහිමියන්ගේ වචනවල තිබෙනවා. (නි)
ඔබ වහන්සේ ගෙවිඳු කුමාරතුංග මහතා මේ ළඟ දී කළ කතාව කියෙව්වා නම් හොඳයි. ඔබ වහන්සේ ආණ්ඩු හදන්නටත් වෙනස්කරන්නටත් හැකි කෙනකු කියා සිතනවා නම් ඔබ වහන්සේ වාසය කරන්නේ සිහින ලොවක ය. අවංක ව පසුගිය ජනපතිවරණයේ ප්‍රතිපල නිරීක්ෂණය කළහොත් ඔබ වහන්සේට ම පෙනී යාවි සිරිසේන මහතා දින්නේ කෙසේ ද කියා. (බ)
සෝභිත හාමුදුරුවන්ට විතරක් නෙමෙයි මේ මාද ඇතුළුව ලක්ෂ 62 කක ජනතාවට අද පුදුම කළකිරීමක් තිබෙනවා. (නි)
ඒ දෙන්නා තරහාවෙලාද? (නි)
ජෙනරල් සරත් ෆොන්සේකා වගේ කොන්දක් තිබෙන,කරන දේ කියන,කියන දේ කරන නායකයෙක් ජනාධිපති කරවාගන්න නොලැබුණේ අපේ අනාගත දරුවන්ගේ අවාසනාවට කියලා කියන්නේ, මම නිකමට නෙමෙයි. (නි)
අද අපි අන්ත අසරණ වෙලා කියලා හිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ......! (නි)
අපිට කරන්න දෙයක් නැහැ මෛත්‍රී මහත්තයා කලේ තමන්ගේ වල තමාම කපාගන්න එක.(නදී)
සන්ධානය කියන්නේ මහින්ද මහත්තයාට ලක්ෂ 52 ක ජනතාව ඡන්දය දුන් තැනක්. ඒ ජනතාව තාමත් එතුමා සමඟ ඉන්නවා.මොකෙන් ඉල්ලුවත් 52 ම එතුමා සමඟග ඉන්න බව මතක තියාගන්න. (නි)
මේ කළ වරදට වැඩිකල් යන්න කලින් දඬුවම් ලැබෙනවා. (නි)