(මහින්ද නිශ්ශංක)
මෙවර සිංහල අවුරුද්ද නිමිත්තෙන් ගමන් බිමන් ගිය මගීන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ ලංකා ගමනාගමන මණ්ඩලය පසුගිය දින 11දී රුපියල් මිලියන 721 ක (රුපියල් කෝටි 72.1 ක්) ආදායමක් ලබා ඇතැයි එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරී පී.එච්.ආර්.චන්ද්‍රසිරි මහතා පවසයි.
අප්‍රේල් මස 6 සිට 16 දක්වා කාලයේ අතිරේක බස් රථ ඇතුළු බස් රථ 5600 ක් ධාවනයට එක් කළ බවත් රට පුරා ඇති ප්‍රාදේශික 12 න් වැඩිම ආදායම ඌව ප්‍රාදේශිකය උපයාගෙන ඇති බවත් එහි ආදායම රුපියල් මිලියන 79.4 ක් බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම ගම්බිම් බලා ගිය ජනතාව යළි ආපසු පැමිණි අප්‍රේල් 16 වැනිදා පමණක් ලංගම ලැබූ ආදායම රුපියල් මිලියන 59.8 ක් බවද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් උඹලට ලාභ ලබන්න නම්, හැමදාම සිංහල අවුරුදු එන්න වෙයි? ඒ කියන්නේ උන්ගේ නිවාඩුවට තමයි උඹලට ලාභ ලැබෙන්නේ?
දින 11 කදී ලංගමට කෝටි 72 ක අදායමක් ලැබුනේ, නිකුත් කරන ලද ටිකට් පත් නිසා බව කවුරුත් දන්නා කරුණක්. එහෙත්, ටිකට් නොදී කොන්දොස්තරලාගේ සාක්කු වලට දමාගත් මුදලුත්, ඉතුරු සල්ලි නොදීමෙන් මගීන්ගෙන් වංචාකාරී ලෙස එකතු කරගත් මුදලත් එකතු කරාම ශ්‍රී ලංගමයට අවම වශයෙන් රුපියල් කෝටි 100 කට වඩා අදායමක් ලබා ගැනීමට තිබුණා.
උතුමෙකුගේ කාර් බාගයක විතර සල්ලි
අදායම වැඩක් නෑ, සේවාවත් සමග ලාභ ලැබුවා නම් සතුටුයි.
පිළිමතලාව මහනුවර සේවයට යොදා තිබෙන බස් කබල්ය.පොදුජන සේවාවක් නැත.
ඔව් ඔව්..අර කට්ටියට තව කාර් ගෙන්න ගන්න බැරියැ..අධි වේගයෙනුත් ලොකු ගානක් හම්බ උනානේ..
ආදායම නෙවෙයි වැදගත්, ශුද්ධ ආදායම ඒ කියන්නේ වියදම් අඩු කළ පසු ලැබෙන අගය කීයද?
ඔය ඩ්‍රයිවර්ලායි කොන්දොස්තරලටයි ටාර්ගට් විදියට මුදල් ගෙවලා දැමිමාම වැඩි ගානක් ඉතිරි වෙන එකක් නෑ වැඩිපුර දුවපු බස් නඩත්තු කරන්න ආයෙමත් රටේ ජනතාවට තමයි බර දරන්න වෙන්නේ එතකොට හරිම සනිපයිනේ
ආදායම 72 යි, වියදම 100 යි
මේ ආණ්ඩුවෙන් ලංගමට හා දුම්රියට තවම කළ දෙයක් නැහැ. හැබැයි කතාකලේ තුන්ගුණය සංවර්ධනය. ඉදිරි අවුරුදු තුනේ වත් බලාපොරොත්තුවෙන් ඉමු.