දින 100 සම්පූර්ණ නිසා ජනාධිපති හා අගමැති ජනපතිවරණ සමයේ කිවු ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පවත්වන ලෙස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
අප්‍රේල් 27 හා 28 දිනට නියමිත 19 වැනි සංශෝධනය සම්බන්ධ විවාදයේදී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයන්ට පටහැනි වෙනත් සංශෝධන ඇතුළත් කොට තිබුණොත් ඒවාට විරුද්ධ වන බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ් මහත්තයෝ, ආණ්ඩුව වෙලාවට විසුරුවයි. ඒක නෙවෙයි ප්‍රශ්නේ. ඔබතුමාට පුලුවන්නම් අනික් පක්ෂවල වලිගෙ එල්ලෙන්නේ නැතුව ඔබතුමාගේ පක්ෂෙන් තනියම ඉල්ලලා දිනලා පෙන්නන්ඩ. (ස)
පහුගිය අාණ්ඩුව එක්ක සසඳද්දි මේ අාණ්ඩුව ගොඩක් හොඳයි.(දිල්)
පුෂ්පකුමාර, ඔයාට හොඳටම විශ්වාසද ඔයාට ඕනේ වෙලාවට එයාගේ හිතුමතේට ආණ්ඩුව විසුරුවයි කියලා?(දිල්)
රටට ආදරය කරන මිනිසුන්ව හඳුනා ගන්න බුද්ධියක් මෙන්ම රටට ආදරයක් තිබිය යුතුයි.දැන් මේ පොදු අපේක්ෂකයා වටා එක්වී සිටින්නේ රටට ද්‍රෝහී කුමන්ත්‍රණ කාරීන් පිරිසකි.මේ අයට එදා කොටින්ව පරාජය කරන විට එකතු වෙන්න තිබුනා.එසේ නොකර නිදහස් කල රට අද විනාශ කරන්න අද විදේශ කුමන්ත්‍රණ කරුවන් වෙනුවෙන් එකතු වී රට බේරා ගත්නායකයා ඇතුළු රට ආරක්ෂා කල පිරිස දඩයම් කරමින් ඉන්නේ.දිනේෂ් වගේ අය හැමදාම රට වෙනුවෙන් එඩිතරව ක්‍රියා කරන බව මේ අමන රැල දැනගතයුතුය. (ස)
ජනාධිපති මේ දෙපැත්තම හොදින් දන්නා කෙනෙක්නේ, (බ)
එකම කෙනා නම් 4 කින් මහින්දට කඩේ යනවා. (ස)
ජීවන වියදම සෑහෙන්න අඩු වුනා. කෝටි ගනන් බොරු වියදම් ජනාධිපති තුමාගේ සරල ජීවන රටාව නිසා රටට ඉතිරි වුනා. නිදහස ස්තාපිත වුනා. විදේශ ප්‍රතිරූපය ගොඩනැගුවා. රජයේ සෙවකයන්ගේ පඩිත් වැඩි වුනා. කොටි එනවෝ කියලා කට්ටිය මොර දුන්නට කොටි ආවෙත් නෑ. ඉතිරි පොරොන්දුත් ඉෂ්ට කරලා දුෂිතයන්ටත්, මිනී මරුවන්ටත් දඩුවම් දීලා ඡන්දේ තියන්න. (ර)
එතුමාට කඩේ යන්න විතරක් නෙවෙයි එතුමා වෙනුවෙන් පෝරකයට උනත් අපි යනවා. (ර)
අම්බලමේ පිනා....වළන් කදක් ගෙනා.....ඒක බිඳපි ගොනා....ඒකට මට හිනා..... (ස)
ඔය කටවල් කලින් හිටපු ජනාධිපති උතුමාණන්ට ප්‍රකාශ කලානම් ඉන්න හිටින්න තැන් හොයාගන්න වෙන්නේ අපායෙන් තමයි. (ස)
වසන්ත මෙන්න මගෙන් මල් මිටි පන්සීයක්ම . ඔයාගේ කතාව මසුරං. (ස)
නින්දිතයින්ට මෙය නොතේරුනාට රට බේරා ගත් නායකයා වෙනුවෙන් අපි ඉන්නවා. (ර)
ඇයි ඔබතුමාට ඉක්මනින් ගෙදර යන්න ආසද? (ස)
අපිට ජනාදිපතිතුමා විස්වසයි කට තියන පලියට කැ ගහන්න එපා. (ර)
අනිත් අයට හදිස්සි වෙලා ඡන්දෙ තිබ්බට අපේ ජනාධිපතිතුමා තියන්නේ නෑ (දිල්)
කලබල වෙන්න එපා (දිල්)
කූඩැල්ලා බොහෝදුරක් යන්නේ වෙනත් සතෙකුගේ ඇඟේ එල්ලිලා. සමරවිට මගදීම හැලෙනවා. (ර)
මේ අය ටික සන්ධානයෙන් හලලා දාන්න තියෙන්නේ (අ)
යසපාල හීනෙන් නැගිටලා වගේ කතා කරන්න එපා. කට තිබුන පලියට දොඩවනත් එපා. ආණ්ඩුව විසුරුවන එක ජනාදිපති මිසක් වටේ ඉන්න අයගේ ඕනේ එපාකමට කරන්නේ නෑ. එල්ලෙන්න වැල් නැතිව ඉන්න වීරවංස දිනේෂ් වගේ බඩ වඩාගන්න දේසපාලනේ කරන උම්මත්කයෝ කියන දේවල් කරන කවුරුවත් සුදානම් නෑ. (ස)
ගරු ජනාදිපතිතුමනි ආණ්ඩුව විසිරවීමට පෙර ඡන්ද ක්‍රමය අාසන මට්ටමින් සිදුකරන ලෙසට වෙනස් කර සන්දානය අවලංගුකර ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් පමණක් ඡන්දයට එදිරිපත් වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමට අවශ්‍ය අවම ඡන්ද ප්‍රමාණය දැනට පවතින ප්‍රමාණයට වඩා 25% වැඩිකරන ලෙසත් ඉල්ලා සිටිමි. එවිට මෙවන් වැඩකට නැති අය දේසපාලන පිටියෙන් ඉවත් කල හැක. එවිට තවත් මහජන දේපල හා මුදල් ජනතවගේ මුලික අවශ්‍යතාවන් සදහා වෙන් කල හැක. මේ අයවලුන් කරන්නේ මහජන මුදලින් සැපවිඳීම පමණයි. (ස)
අනිවාර්යෙන්ම... යහපාලන නඩේට කොන්දක් තියෙනවා නම් පාර්ලිමේන්තුව විසුරවලා මහා මැතිවරණෙට යා යුතුමයි. යහපාලනේට කඩේ යන කට්ටිය හිතාගෙන ඇති දැන් ලංකාව සිංගප්පුරුවක් වුනාය කියල. ඒත් මේ රටේ බුද්ධිමත් ජනතාවට දැන් ඇස් ඇරිලා, කන් ඇහිලා තියෙන්නේ. අරහේ විල්පත්තුවෙත් අක්කර ගාණක් හිතුමතේට ගෙවල් හදල ලංකාව වෙනත් කට්ටියකට පවරන්නැයි හදන්නේ මෙහෙන් මුල්‍ය වංචා කරලා තවත් කාලයක් ආණ්ඩුවේ ඉන්නයි කට්ටිය හදන්නේ. මහා වංචා කරපු යහපාලන නඩේ අපිට මහා මැතිවරණයක් ඉක්මනින්ම දිය යුතුයි. (අ)
ජී එල් සහ දිනේෂ් කියන්නේ දේශපාලන කිනිතුල්ලෝ. කිසිම ජනතා සහයෝගයක් නැති පිරිසක්. (අ)
දැන් මේගොල්ලෝ වීරයෝ වගේ ඇවිල්ල අදහස් ප්‍රකාස කරනවා නමුත් මහින්දත් එක්ක ආණ්ඩුවේ ඉන්නකොට ගල් ගිලපු ඔටුවෝ වගේ හිටියේ ඔක්කොට එහෙයි සර් කියාගෙන වරද දුටු විට එය නිවැරදි කරන බැරි පඬිවරු අද කෙවට්ට්යන්ගේ චරිතය රඟපාති.(අ)
ආ...! කියනකං හිටියේ! (ස)
පොඩ්ඩක් ඉන්න හදිස්සි නොවී මන්ත්‍රීතුමා. (ර)
ඔබ තුමන්ලා ගැන විතරක් හිතන්න ඒපා රටට මිනිසුන්ට හොඳ කලක් යනෙකාට බලා ඉන්න අමාරු අැති නේද මන්ත්‍රීතුමා (බ)
ජනාධිපතිතුමා එ්ක අවශ්‍ය වෙලාවට කරයි. අනික අය කියන දේවල් වැඩක් නෑ (දිල්)
ඉවසන්න බල තණ්හාව අත්හරින්න. රට ගැන තව ටිකක් හිතන්න (දිල්)
හදිස්සි නොවී කොහොමද සුනිල්? මේ දින සීයට අපේ රට නාගත්තු ... බාල්දි ගානයි නැති කර ගත්තු මුදල් කන්දරාවයි පිරිහුණු පිරිහිල්ලයි හොඳටම ඇති. හරියකට නටපු නැටුමක් නැති වුණාට මොකද බෙරේ පලු දෙක ම නෑ. තවත් බලාන ඉන්නේ මොකටද? දැන්වත් මේ අටමගලේ විසුරුවලා දානවා මිසක්. (බ)
ඔබතුමා දේශපාලන පොර පිටියේ එක එක්කෙනාගේ ඇඟේ හරියට කුඩැල්ලෙක් වගේ එල්ලිලා සැහෙන් දුරක් ගියා හොඳටම ඇති. මොනවා හරි හොඳක් කරලා තියෙනවනම් ඔබට ස්තුති කියන්ට අපි අමතක කරන්නෙත් නැහැ. ඔබට දැන් ගෙදර යන්ට කාලේ හරි කියන්ටත් පසු බට වෙන්නේ නැහැ. දැන් කටේ සද්දේ විතරයි. කුහක කම් නොකර දැන් විශ්‍රාම යන්ට. ජය වේවා. (බ)
නුවන් සහ මාතර සම්පත් ට නොතේරුණාට රට ගැන හිතන නිසා රටට හොඳ කලක් යන්න ඕනේ නිසා තමයි මේ වින්නැහිය මෙතනින්වත් නවත්තගන්න දිනේෂ් මහතා උත්සාහ කරන්නේ. බල තණ්හාව තියෙන්නේ බල තණ්හාව නිසා විදේශ බලවේග වලට රට පවා දෙන යහපාලකයන්ටත් තමන්ගේ පක්ෂය සතුරන්ට පාවා දෙන සිරිසේන ජනාධිපතිටත් මිස දිනේෂ් මහතාට නොවෙයි. පිලිප් ගුණවර්ධන මහතාගේ මේ අතිජාත පුත්‍රයා කවදාවත් බල තණ්හාවෙන් රටට ද්‍රෝහිකම් කරලා නැහැ. (බ)
මැතිවරණයක් පවත්වන්න කියනකොට යහපාලන කට්ටියගේ අැගේ මයිල් කෙලින් වෙනවා.යහපාලන ආණ්ඩුව රැකිලා තිබෙන්නේත්, එකමුතු කම තිබෙන්නේත් එහි සියලුම දෙනා මැතිවරණයකට යන්න ඇති බය නිසාමයි. යහපාලන හවුලේ එක්කෙනෙක් හරි මොකකට හරි විරුද්ධ වුන ගමන් අනික් අය කියනවලු "මෙහෙම යන්න බෑ විසුරවල ඡන්දෙකට යනවා" කියල.එතකොට ඕනෙම දේකට අත උස්සනවලු ඡන්දෙකට යන්න බයට. මෙහෙමලු මේ හවුල රැකිලා තියෙන්නේ. අනිත් හයිය තමයි ඔබාමා මාමයි, නරේන්ද්‍ර මෝදි මාමයි කියනවලු කොහොමහරි ඇදගෙන යන්න, උදවු කරන්නම් කියල.හැබැයි ඔය ලනුව කාපු ඉරාකේ,ලිබියාව,ඇෆ්ගනිස්තානේ,සිරියාව දවසෙන් දවස අළු වෙමින් වැනසෙමින් යනවා. ලනු ගිලින ලංකාවේ අපිටත් ළගදීම දැනෙන්න පටන්ගනිවී.හැබැයි එතකොට පරක්කු වැඩියි.. අබ සරණයි! (බ)
මේනක විජේසුරිය, පසුගිය ඡන්දයේ ලක්ෂ 58 ම දාලා තියෙන්නෙත් එක්කෙනෙක්ම වෙන්න ඇති නේද? (නි)
පුෂ්පකුමරයෝ, සම්පතෝ, අපේ රටට මෙහෙම වෙනකොට තවත් බලං ඉන්න බැරියෝ ... දින සීය ඉවසල්ල හිටියේත් රට ගැන හදේ කොච්චර සෝකෙන්ද? ඔයාලාට වගේ නෙවෙයි අපේ රට අපිට වටිනවා. මේ අටමගලේ අපිට දැන් හොඳටම ඇතියෝ. (ස)
අපට නම් කිසිම හදිසියක් නෑ.මෙතුමාට හදිසියි වගේ (දිල්)
කවුරුත් කියන දේවල් ඉටු කරන අය නොවේ (දිල)
ඔහොම යන් ඔහොම යන් (දිල්)
ඔබතුමා කලබලනොවී ඉවසලා ඉන්න.ජනාධිපතිතුමා රටට අවශ්‍ය කරන සුදුසුම දේ අවශ්‍ය විදියට කරන්න දන්නවා.අනික ඔබ වැනි අයගෙන් පහුගිය කාලයේ රටට සිදුවුණ යහපත මොකක්ද? (නි)
ඔයාගේ කතාව නම් සහතික ඇත්තයි සත්‍යපාල. මේ යහපාලන ආණ්ඩුව ඡන්දයක් එනවට පුදුම බයක් තියෙන්නේ. අපේ සමහරුන්ටත් මෙයාලගේ බොරු චාම්කමකට ගිනිකන වැටිලා. ඔබාමාගේ මොදිගේ ලනු කාපු ඉරාකේ,ලිබියාව,ඇෆ්ගනිස්තානේ සහ සිරියාව වගේ රටවල් ගොන්නට අපිත් වැටුණු දාට තමයි මෙයාලට තේරෙන්නේ. මමත් මේ ගැන කීප වාරයක් ලිව්වට එව්වට යහපාලන වාරණයද කොහෙද. ඔයත් ලියපු එක හොඳයි අනේ . (ස)
මොකක්ද සම්පත් මහත්තයෝ දැන් රටට වෙලා තියෙන හොඳේ..කාටද බල තන්හාව තියෙන්නේ..මෛත්‍රී මහත්තය ජනාධිපති වුනේ එතුමාගේ තියෙන විශේෂත්වයකට නෙමෙයි..ඒ දීපු පොරොන්දු පත්‍රය නිසා.එකේ තිබුනේ දින 100ණ් සියල්ල අත ඇරලා වෙස්සන්තර වෙන්න මිසක් එයා ඉන්නකම් බලතල තියාගෙන පස්සේ අත අරින්න නෙමෙයිනේ..දීපු පොරොන්දු ඉටු කරගන්න බැරිනම් පාර්ලිමේන්තුව විසුරවල තමන්ට පක්ෂපාත රජයක් පිහුටුවාගෙන ඒ පොරොන්දු ඉටු කරනවා මිසක් මොකද මේ හොර ගල් අහුලන්නේ..කාට බයේද? ලැබුණු ඡන්ද ලක්ෂ 62 වැඩි වෙලා මහින්ද මහත්තයාගේ 58 ලක්ෂේ චන්ද 20 ට වැටිලනම් මොකද මේ පිළිණු බත් කන්න දගලන්නේ. (ස)
අනිත් අයට පොඩි පුටු. මට විතරක් නිල් ලොකු පුටුවක් තිබුනානම් හොඳයි වගේ. (ර)