(නිමල කොඩිතුවක්කු)
දෙදෙනකු ආරක්ෂා කරනවා වෙනුවට දෙකෝටියක් ජනතාව ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ කැපවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අද(30) පැවසීය.
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ජනතාව විසින් සිදු කරනු ලැබූ සාමකාමී අරගලයට එරෙහිව ආණ්ඩුව දුර්දාන්ත ලෙස මර්ධනය ආරම්භ කොට ඇතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මේ මොහොතේ වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවත් රට තුළ පවතින වාතාවරණය හමුවේ කොළඹ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිදු කරමින් ඔහු මේ බව පැවසීය.
එකකට එකක් පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සන්නද්ධ ආරක්ෂක අංශ ලවා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කොට ජනතාව මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව කැස කවමින් සිටින බවත් විපක්ෂනායකවරයා එහිදී කීවේය.
මේ මොහොතේත් සන්සුන්ව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් කටයුතු කරන්න යැයි ජනතාවගෙන්ද විපක්ෂනායකවරයා ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොඳ වූ ජනාධිපති සිහිනයේ අතරමංව මොහු මරු දොඩවන්නේය...
බලලෝභීකමේ හොඳම එක... ලෑස්තිවෙලා හිටියේ... ජනාධිපති වෙන්නනේ...!
ලියුම් ලියන්නයි, ප්‍රකාශ නිකුත් කරන්නයි, කයිය ගහන්නයි නම් කියාපු කෙනා. මොනවා නැතත්..., අද කොහේද හැංගිලා උන්නේ මේ වෙනකම්...!
ඒ ගමන්ම පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවටත් කියමු අර ජනාධිපති මන්දිරයේ තියෙන කවිච්චිවලට කාබන් ටෙස්ට් එකක් කරලා බලන්න කියලා නේද? අවුරුදු 32කට වඩා පරණ නැහැ කියලා ප්‍රතිඵල ලැබෙයි කියලා තමයි සමහරු කියන්නේ...
සජිත් ප්‍රේමදාස..! අඩුම ගානේ මේ මොහොතෙ ඉඳල වත් මෝඩ කතා කීම නවත්වන්න
අනේ මෙහෙම අවස්ථවාදී මිනිස්සු
මෙහෙම අවස්ථාවාදී මිනිස්සු.
ජනාධිපති මන්දිරයේ තිබූ පෞරාණික පින්තූරත් ඒ කාලේ නැති වුණාලු නේද?