IMG-LOGO

'දේදුණු ආකාසේ' තුළින් සිනමාවට පායන 'ටීනා'

නව පරපුරේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවන් අතරේ ටීනා ෂනාලී ප්‍රනාන්දුට හිමිවන්නේ විශේෂ තැනකි. නිරූපිකාවකට අමතරව, වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිණියක්, ගීත රූප රචනා සඳහා පෙනී සිටින්නීයක්ද වන ඇය මෑතක සිට චිත්‍රපට රංගනයට එක්ව සිටියි. ඒ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන 'දේදුණු ආකාසේ' චිත්‍රපටය තුළිණි. එමෙන්ම ටීනා ඉදිරියේදී තුර්කියේදී පැවැත්වීමට නියමිත 'ඉන්ටර්නැෂනල් ග්ලෝබි' තරගාවලිය සඳහාද එක්වීමට සූදානමින් සිටියි. ටීනා සිය අලුත්ම තොරතුරු අපි සමගින් මෙසේ බෙදාහදා ගත්තේමු.

2016-05-30-ent-25මොනවද අලුත් තොරතුරු?

මේ දිනවල සුපුරුදු පරිදි නිරූපණ කටයුතු වලට සහභාගී වෙනවා. ඒ අතර, මියුසික් විඩියෝ හා වෙළෙඳ දැන්වීම් කිහිපයක වැඩ කරගෙන යනවා. ඉදිරියේදී ඒ කලා කටයුතු තුළින් මගේ ආදරණිය රසික, රසිකාවියන් මාව දකින්නට ලැබෙවි. ඊට අමතරව පසුගිය කාලේ ප්‍රියන්ත කොළඹ මහතා අධ්‍යක්ෂණය කළ 'දේදුණු ආකාසේ' චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු වලට සම්බන්ධ වෙලා වැඩ කළා.

 

'දේදුණු ආකාසේ' කියන්නේ ටීනාගේ පළමු චිත්‍රපටය?

ඕව්, පසුගිය වසරේ 'මිස් ශ්‍රී ලංකා' කිරූළ දිනා ගැනීමත් එක්ක මා ගැන ගොඩක් දෙනෙක් කතා කළා. ඒ වගේම විවිධ ක්ෂේත්‍ර වල බොහෝ පිරිසක් මට අඳුනගන්නත් පුළුවන් වුණා. ඔය අඳුනාගැනීම් මත තමයි 'දේදුණු ආකාසේ' චිත්‍රපටයට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. හැබැයි මීට කලිනුත් ගොඩක් ආරාධනා ලැබුණා රංගනය පැත්තට යොමු වෙන්න. නමුත්, මට ගැළපෙන චරිත එම ආරාධනා වල තිබුණේ නැහැ. ඒ නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා. 'දේදුණු ආකාසේ' චිත්‍රපටයේ මා සමගින් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ වගේම 2014 වසරේ 'මිස් ශ්‍රී ලංකා' කිරූළ දිනාගත් චුලක්ෂි රණතුංගත් ප්‍රධාන චරිත සඳහා දායක වෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රියන්ත කොළඹගේ, ඩොනල් ජයන්ත, කැමරාකරණයෙන් සහය වූ රංග අයියා, මහේන්ද්‍ර පෙරේරා ඇතුලු ඔහුගේ ඇකඩමියේ සියළු දෙනාට මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරනවා.

 

මෙහි ඔබ නිරූපණය කරන චරිතය ඔබටම ගැළපෙන එකක් කිව්වොත් හරි?

ඕව්, චිත්‍රපටයේ හැටියට මම මෙහි පෙනී ඉන්නේ ටිකක් දඟකාර, කෙළිලොල් චරිතයක්. චිත්‍රපටයේ පිටපත ලැබෙන කොටම මම ගොඩක් කැමති වුණා මේ චරිතයට දායක වෙන්න. මොකද, මේ චරිතය මගේ ජීවිතේටත් ටිකක් සමාන හින්දා. ඒත්, සඳහන් කරන්න ඕනා මගේ ස්වරූපයෙන් මම ටිකක් දඟකාර ගතිපැවතුම් තියෙන කෙනෙක් විදිහට පෙනුණට ඇත්තටම මම එච්චරට දඟකාර කෙනෙක් නම් නෙවෙයි කියලා.

 

ඉදිරියේදී පැවැත්වීමට නියමිත 'ඉන්ටර්නැෂනල් ග්ලෝබි' තරගයට ටීනාගේ සූදානම කොහොමද?

මේ දිනවල මම ඒ තරගය වෙනුවෙන් ගොඩක් වෙහෙස මහන්සි වෙනවා. රටවල් 50 තරගකාරියන් සහභාගී වෙන මේ තරගය ජුලි මාසයේ 15 වැනිදා තුර්කියේ තියෙනවා කියලා තමයි මට දැනුම් දිලා තියෙන්නේ. මම සහභාගී වෙන පළමු විදෙස් රූපරාජිණි තරගාවලිය නිසා මේ තරගාවලිය මට අභියෝගාත්මක තරගාවලියක් වේවි කියලා. මේ තරගාවලියෙන් යම් ජයග්‍රහණයක් මගේ මව් රටට ලබා දෙන්න පුළුවන් කියන විශ්වාස මත තමයි මේ තරගාවලියට මම සහභාගී වෙන්නේ.

 

තරගාවලිය සඳහා ඔබගේ සූදානම කොහොමද?

මෙවැනි තරගාවලියකට යන කොට ගොඩක්ම හිතන්නේ ඕනා. සිරුරේ හැඩය ගැන. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව වගේම සාමාන්‍ය දැනුමත් ගොඩක් අවශ්‍යයි. ඉතින් ඒ ගැන මම වැඩිපුර අවධානය යොමු කරලා තියෙනවා. ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වෙන පළමු වතාව නිසා අත්දැකිම් මදිකමක් තියෙනවා. මම හිතනවා ඒක ලොකු ගැටළුවක් වෙන්නේ නැති වෙයි කියලා. මොකද, මේ තරගාවලියට එක්වෙන බොහෝ දෙනා මම වගේම මේ තරගයට අලුත් නිසා.

 

ඉදිරි ඉලක්කයන්?

ගොඩක් තියෙනවා. ඒ ඉලක්කයන් එකින් එක හෙමින් පසු කරන්න මම බලාපොරොත්තු වෙනවා. 

බුද්ධික සේනාධීර / ඡායාරූප - අනුග්‍රහය ටීනාගේ ෆේස්බුක් ගිණුම


2016-05-30-ent-23 2016-05-30-ent-24 2016-05-30-ent-26 2016-05-30-ent-27 2016-05-30-ent-28 2016-05-30-ent-29

 



අදහස් (0)

'දේදුණු ආකාසේ' තුළින් සිනමාවට පායන 'ටීනා'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site