වසර 32කට පසු උතුරේ සිට ඉන්දියාව දක්වා දින දහයක කාලයකට මගී නෞකාවකට ගමන් කිරීම සඳහා රජය අවසර ලබාදුන් බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා පැවසීය.
දකුණූ ඉන්දියාවේ කෝවිලක පැවත්වෙන උත්සවයකට උතුරේ හින්දු වන්දනාකරුවන් රැගෙන යාම සඳහා රජයෙන් ඉල්ලා තිබූ අවසරය සම්බන්ධයෙන් ඔහු එසේ කීවේය.
ලබන ජනවාරි 2 සිට 12 දක්වා දකුණු ඉන්දියාවේ කෝවිලක ''තිරුවාතිරෙයි'' හින්දු උත්සවය පැවැත්වීමට නියමිතය.
කන්කසන්තුරේ වරායේ සිට දකුණු ඉන්දියාව තෙක් ගමන් කිරීම සඳහා අවසරය ඉල්ලා ඇති බවත් වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව වැඩි නම් ගමන් අවස්ථා කීපයක් යාමට සිදු වන බවත් ''ශිවසේනා'' හින්දු සම්මේලනය කියයි.
තමන්ගෙන් කළ ඉල්ලීම ආරක්ෂක අමාත්‍යංශයට හා ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉදිරිපත් කර අවසර ලබා දුන් බවත් ගමනට අවශ්‍ය බලපත්‍ර, වීසා හා නැව් ගාස්තු වන්දනාකරුවන් විසින් දැරිය යුතු බවත් ආණ්ඩුකාරවරයා කීවේය.
මීට පෙර ඉන්දියාව හා ලංකාව අතර නැව් ගමනාගමනයක් අවසන් වරට සිදුව ඇත්තේ 1984 බව නාවික හමුදාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසංගත ලෙඩ රෝග වලට එහෙම දැන් ඉඳන්ම සුදානම් වෙන එක හොඳයි. (නි)
පියවරෙන් පියවර ඉස්සරහට යමු (නි)
නැව එහෙ නවත්වා ගන්නවා නම් හොඳයි කියා සිතෙනවා. (නි)
හොඳයි හොඳයි. ඔහොම යමුකෝ (නි)
පොඩ්ඩ පොඩ්ඩ ඔහොම යමු. අපිට අඬන්න වෙන දවස වැඩි ඈතක නැහැ (නි)
නැව ආපසු එනවිට අවි අායුධ හෙරොයින් කොකේන් පටවාගෙන නොඑ්වා කියා පතමි (නි)
අපි නිශ්ශබ්දව සිදුවෙන දේ දෙස බලාසිටිමු (නි)