දෙපා අහිමි කාන්තාවකට ආදරය කළ ආබාධිත පෙම්වතා විවාහ වී දරු සුරතල් බලමින් සතුටින් ජීවත්වෙයි .මධුරන්කුලියේ පදිංචි මෙම යුවල දඹුල්ලට පැමිණ සිටිති.
බිරිය රෝද පුටුවේ වාඩිවී දරුවා ඔඩොක්කුවේ තබාගෙන හුරතල් කරන්නීය. කිහිලි කරුවක ආධාරයෙන් දෙපා බිම තියන සැමියා මේ දෙන්නා සමග රෝදපුටුව තල්ලුකරගෙන යයි. මේ ඔවුන්ගේ ජීවිතයයි..ජනතාවගෙන් ලැබෙන රුපියල් දෙක ඔවුන්ගේ කුස ගින්න නිවයි.
ඊ .ඒ .බන්දුසේන (52) මහතා උපතින්ම ආබාධිතය .වසන්තිලතා මිට වසර ගණනාවකට පෙර ඇගැළුම් ශාලාවක සේවය කළාය ඇය දුම්රියෙන් යමින් සිටියදී ඇඳවැටී දෙපා අහිමිවිය .දෙපා අහිමි වූ පසු පවුලේ පිරිසට එපා වී මහමඟ දැමූ බව කියති. පසුව බන්දුසේන ඇගේ නිත්‍ය ආරක්ෂකාය විය .ඔවුන්ගේ දරුවාගේ වයස අවුරුදු එකහමාරකි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කටවුට් සහ පොස්ටර් වලට කරන වියදම් මේ වගේ අයට දුන්න නම්. (ර)
වචනයට වඩා ක්‍රියාවෙන් දෙයක් කිරීම උතුම් වේ.(ම)
මෙහෙම මිනිසුන්ට උදව් කරන්න කැමති අය ඕනෙතරම් ඉන්නවා. කරුණාකරලා ඔහුගේ නමට බැංකු ගිණුමක් ආරම්භකර එම විස්තරය පත්තරේ පළකරන්න. (ම)
මේ ආදරයට මේ ලොව වැඩවසන දෙවියන්ගේ ආරක්ෂාව ලැබේබා....... ඡන්ද ප්‍රචාරණ කටයුතු වලට යොදන සල්ලි වලින් දරුවාගේ අධ්‍යාපනයට උදව් කළානම්? (ම)
කරුණාකර මට මේ අය සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් පළකරන්න (නි)
මුදල් හදල වලින් උපකාර කිරීම උසස් ගුණයක්. එත් මුදල් යනු පවුල් අවුල් කරන යක්ෂයෙක්. මුදල් යහමින් ලැබුන විට ආදරයට වින කරනවා.බලන්න දෙන්න ඉන්න අපූරුව.(හේ)
හරිම සංවේදී දර්ශනයක්, ජීවිතේ අපි මොන සැපක් විදිනවද කියල හිතෙනව ...කෝටි ගණන් නිරපරාදෙ නාස්ති කරන සල්ලි වලින් මේ නොදරුවාගේ ජීවිතයට එළියක් දෙන්න වැඩපිළිවෙලකට යොමුවෙන්න බලධාරීන්ගේ දෙඇස් යොමුවේවා...! (ම)
තෙරුවන් සරණයි ඔබ තිදෙනාට! යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
පෙර සසරේ පතන් ආපු ආදරයක් වෙන්න ඇති.දරුවන්ගේ අනාගතය යහපත් කරන්න හැකි විදියක් බලලා සකසා දෙන්න කටයුතු කරන්න.අපිත් උදවු කරන්නම්.(හේ)
හරිම සංවේදී දසුනක් මෙි අහිංසක දරුවා ගැන හිතලා හැමෝම උදව් කරමු.(දිල්)
මේ වගේ අබාධිත අයට සමාජ සේවා සංවිධාන, කාන්තා සංවිධාන වලින් පිහිටක් නැද්ද මේ අයට පිහිට වෙන ක්‍රමයක් වත් පළ කරනවා නම් අපි ආධාර කරනවා. (හේ)
මේ අයට පිහිට වෙන්න රජයට හෝ අනෙක් සංවිධාන නැත්නම් අපිවත් පිහිට වෙන්න ක්‍රමයක් හදනවනම් හොඳයි. (ර)
මේ තමයි සැබෑ ආදරය.(හේ)
එහාට මෙහාට පනින අයට සුභ පතන්න එපා (දිල්)
ලංකාදීපේ අයට බොහොම පින්.කරුණාකරලා මේ අයට කොහොමද උදව් කරන්නේ කියලා අපිට දන්වන්න. (නි)
ඔය බැනර් ගහන සල්ලි වලින් මේ මිනිස්සුන්ට ගෙයක් හදලා දීලා එ්ක නිව්ස් වලට දුන්නා නම් මීට වඩා ඡන්ද ලැබෙනවා.(හේ)
මෙවැනි අයට උදව් කරන්න මොකක් හරි සමාජ සේවා ක්‍රමයක් නැද්ද ? දරුවා දකින කොට මගේ හිතට පුදුම දුකක් හිතුනා. මටත් පුතාල දෙන්නෙක් ඉන්නවා. (හේ)
උදවු කරන්න ඕනේ මේ වාගේ අයට (බ)
කොච්චර දුප්පත් උනත් මට මගේ පොඩි පුතාව මතක් උනා.එක රුපියලක් හරි මටත් දෙන්න ඇත්නම්.(දිල්)
වසන්තිලතාගේ පවුලේ අය නම් කරලා තියෙන්නේ බොහොම අමානුෂික ක්‍රියාවක්. ඇය හොඳින් මුදල් හම්බ කරන කාලේ බොහොම ආදරෙන් බලා කියා ගන්න ඇති. නමුත් ඇයව ආදරෙන් බලා ගන්න හොඳ සැමියෙක් ලැබිලා තියෙනවා. (හේ)
අවන්ක කම හොදට තියෙනවා දුකයි ඒත් ආඩම්බරයි.(හේ)
සැබෑ ආදරය...යාන වාහන මිල මුදල් නැතත් ඔවුන් හරි අපුරුවට ආදරෙන් ඉන්න හැටි දැක්කම ඇස් වලට කදුළු උනනවා.. ඇත්ත "පිදුරු සෙවී කල පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ. (හේ)
මිල මුලට ගන්නට බැරි ආදරයක් තුරුළු කරන්,මහපාරේ හිටියත් දැන් රජගෙදරක වැඩි සතුටක්;නොලැබුණු දෙය නොඉල්ලාම ලැබුණු දෙයින් සිත් සනසන මේ දෙමහල්ලන් දැක්කම බොහෝ දේ ඇත ඉගෙන ගන්න!(හේ)
කරුණාකර පිහිට වීමට ක්‍රමයක් පලකරන්න. ආධාර කිරීමට සතුටින් කැමති වෙමි. (ර)
අපිට අපේ ජීවිත ගැනම දුක හිතෙනවා, මේ ආදර්ශමත් දෙන්න දුටුවම. හුරතල් දරුවත් එක්ක ඉතාමත් ආදරෙන් ඉන්නේ ලැබේවා. දෙවි පිහිටයි. (ර)
හිත හයිය මිනිසෙක්. (ර)
මංගල කරුණු පිළිපදින පොහොසත් මිනිසුන් (ම)
සියලු ශක්තිය ධෛර්ය ලැබේවා. ජාති ජාතිත් වාසනා.(හේ)
අපේ ලංකාදීප පත්තරේට පින්සිදු වෙනවා (නි)
සැබෑ ආදරය මෙයයි (නි)
මගේ ඇහැට කදුළු ආවේ එයාලගේ ආදරේ නිසා නෙවෙයි. ඔයාල දාලා තින කමෙන්ට් වලට බලන්න නැවතිලා ඔයාල මොන තරන් යහපත්ද? ඔයාල ගැන මට ගොඩක් සතුටුයි. (ර)
මටත් ඇස් දෙකට කදුළු අව, පොඩි පුතාගේ මූණ දැක්කම මගේ පුතාව සිහි වුණා. (අ)
උදවු කරන්න ක්‍රමයක් අපිටත් කියන්න. (නි)
අපේ රටේ දේශපාලුවෝ මොනතරම් ගසාකනවද? මේ වගේ අහිංසක මිනිසුන්ට පිහිටක් වෙන්න බැරිද/ මේකද රටේ ආශ්චර්ය? (නි)
කරුණාකරල මට දන්වනවද මේ අයට උදව් කරන්නේ කොහොමද කියල (බ)
මේ වගේ ආබාදිත පුද්ගලයින්ගෙ නඩත්තුව වෙනුවෙන් අපි ජීවත්වන යුරෝපයේ ගොඩක් රටවල පහසුකම් ගෙවීම් තිබෙනව. නමුත් ලංකාව ඉන්දියාව වගේ නොදියුණු එහෙත් ධනවාදී රටවල් මේවා නොකරන්නෙ මුදල් නොමැතිකමට වඩා දියුනු මානුෂික තත්වයකින් රට පාලනය නොකරන නිසයි. හුදී ජනයාගේ සුබසාධන කටයුතු වලට වඩා තමන්ගේ ගොඩ ලොකු කර ගැනීම ගැනයි පාලකයින් හිතන්නෙ. (බ)
දිරිය මින්සුන් කවදාවත් අනුන්ගෙ උපකාර පැතුවෙ නැහැ. ඔබ පවුලට යහපත සලසා ගැනීමට ඔබට ම ශක්තිය ධෛර්යය ලැබේවා!! (අ)
ආදරය කියන්නේ මේකටයි. ලෝකයට අපේ කොච්චර අඩුපාඩු පෙනුනත් අපිට පන වගේ ආදරය කරන කෙනෙක්ට ඒවා අඩුපාඩු විදියට පෙනේනේ නැහැ. මොන දේ කොහොම වුණත් ආදරය කරන කෙනා තමන්ගේ පන වගේ (නි)
කරුණාකරලා මැතිවරණ කටවුට් වලට වියදම් කරන සල්ලි මේ මිනිසුන් වෙනුවෙන් වියදම් කරන්නකෝ .(හේ)
මේ තිදෙනාට උදව් කිරීමට සහ සම්බන්ද කර ගැනීමට හැකි මගක් දන්වන මෙන් ඉල්ලා සිටිමි (නදී)
මේ අයට උදවු කරන්න පුලුවන් විදියක් කියන්න. (ර)
පුළුවන් අයට පුළුවන් විදිහට උදව්වක් කරන්න ලිපිනයක්, බැංකු ගිණුමක් පළ කලොත් අගෙයි. (හේ)
මේ අයට උදවු කරන්න පුලුවන් විදියක් කියන්න පුලුවන්ද? (නි)
මට මේ අය සම්බන්ද කරගන්න ක්‍රමයක් දන්වන්න .(හේ)
දේශපාලනය පැත්තකින් තියා,මේ අයට උදව් කරන්න.(හේ)
අම්මා අප්පාගේ සවිබල නැතත් ගතේ..... දෝරෙ ගලන දරු සෙනෙහස තිබෙයි හිතේ..... දකිනා විටදි නුඹෙ සියුමැලි මුහුණ පුතේ... උනනවා කඳුලු මිනිසත් සැමගෙම දෙනෙතේ... (නි)
පපුව පිච්චිලා ගියා වගේ දැනුණා අනේ මේ දරුවා ඉක්මනට ලොකු වෙනවානම් කොච්චර හොදයිද ? මේ අයට උදව් කරන්න ක්‍රමයක් නැතිද ? බුදු සරණින් කිසි කරදරයක් නොවේවා.! (ර)