පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යනුකූල නොවන ආයතනයක් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් යටතේ එය අවලංගු කරන බවත් එහි මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද විපක්ෂ නායක කාර්යාලයේදී කීවේය.
මෙවැනි නීත්‍යනුකූල නොවන ආයතනයක් මගින් හිටපු ඇමැතිවරුන්, දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ඇතුළු ප්‍රභූන් ගෙන්වා නිසි ක්‍රමවේදයකින් තොරව දඬුවම් ලබාදුන් හා චරිත ඝාතනය කළ අයට ඉදිරියේදී වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් මහලේකම්වරයා කීවේය.
එය මෙම ආත්මයේ හෝ ලබන ආත්මයේ විය හැකි යැයිද හෙතෙම කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කතාවක්! (නි)
එතකොට ප්‍රභූන් යන පිරිසට නීතියක් නැද්ද? ඒ ගොල්ලෝ වැරදි කළොත් දඬුවම් කරන්න බැරිද? ප්‍රභූන්ට කරන දඬුවම් මඩ ගැසීමද? (නි)
අපි කියන්නෙත් ඕකම තමයි.හොයාගන්න අමාරු ලෙස රටේ සම්පත් කොල්ලකාලා තිබෙන්නේ.මේවාට නීතියෙන් අච්චු නොලැබුනොත් විශ්ව කර්ම බලවේගයක් මඟින් හෝ මේ ආත්මයේදීම විපාකයන් විඳින්න ලැබේවි. (නි)
පිටිගල, අපේ මිනිසුන්ට තේරුම් ගන්න අමාරු ඇයි කියන දෙය ලොකු ප්‍රශ්නයක්? (නි)
ප්‍රසන්න ,මලානි, රත්නායක, මසුරන් කියුම්! (නි)
ස්වාධීන කොමිෂන් අවලංගු කළ නීතිය වල්වැදුන යුගයක් මේ රටේ නැවත බිහිවෙන්න දෙන්නේ නැහැ. සත්තයි. (නි)
මට පැහැදිලි නැහැ. ඒ කියන්නේ ඔබතුමාලට මේ ආත්මය ගැන වැඩි විශ්වාසයක් නැහැ කියලද? (නි)
දේශපාලනයට ඇවිල්ලා සමහරු සල්ලි අතගාපු ගමන් ප්‍රභූ පට්ටමක් ගහගන්නවා. අලි දෙන්නෙක් තුන්දෙනෙක් ගන්නවා. පරණ වලව්වක් සල්ලි වලට ගන්නවා.. මුල් පවුල් පසුබිම දන්නෝ දනිති. හැබැයි මහජනයාට පෙන්වන්නේ බකිංහැම් මාළිගාවෙන් පැවතගෙන එනවා වගේ. ඔන්න මම මේ කියන ප්‍රභූන්ගේ හැටි. (නි)
"ප්‍රභූන් " ගැන නම් අපි කතා කරන්නවත් කැමති නැහැ (නි)
පළමුව ඔය ප්‍රභූන් කියන වචනය අර්ථ දක්වන්න. අපිට දැන් ඔය වචනය ගැන පැටළිලි ගොඩයි. (නි)
එහෙනම් මුලින්ම වන්දි ගෙවන්න වෙන්නේ කාටද කියලා අපි දන්නවා (නි)
කරුණාකර කියන්න තවම අපේ රටේ වැඩ සිද්ධ වෙන්න ඕනෑ රාජාණ්ඩු පැවතුන කාලයේ වගේද කියලා. ප්‍රභූන්ට එක නීතියක්. සාමාන්‍ය මිනිසුන්ට තව නීතියක්. (නි)
දියුණු රටවල දේශපාලකයන් දුම්රියේ බයිසිකලයේ යන ගමන් සාමාන්‍ය ජීවිත ගතකරන්නේ. අනිත් මිනිසුන්ගේ නීතිය ඒගොල්ලන්ටත් තිබෙන්නේ. ඒකට ලංකාවේ දේශපාලකයන්! එයාලට "ප්‍රභූ උණ "! (නි)
හොඳයි අපි බලමුකෝ... (නි)
මෙහෙ ප්‍රභූන් නැහැ. එම නිසා ලෝකයේ දියුණුම රටක්. ලංකාවේ තවමත් සමහර කට්ටිය හිතාගෙන ඉන්නේ එයාලා පාරේ යනකොට මිනිස්සු කරේ තිබුන කම්බි ලේන්සුව අතට අරගෙන කාණුවට බහින්න ඕනෑ කියලා. (නි)
මේ ආත්මයේ වැඩ සිද්ධවුණ විදියට සමහරුන්ට ඊළඟ ආත්මයක් තිබෙනවාද කියලත් අපිට අවිශ්වාසයි. (නි)
ඔය කවුරු කවුරුත් ගැන අපි දන්නවා මහත්තයෝ (නි)
ඔක්කොම අවලංගු කළාම හරියාවි. ඇයි මේක විතරක්. පොලිසි අධිකරණය උසාවි ඒවාත් අවලංගු කරන්න. එතකොට ඔය සමහර වැරදි කරන ප්‍රභූන්ට බඩපිනුම් ගහ ගහා ඉන්න පුළුවන්නේ! (නි)
මොන පොතේද තියෙන්නේ ප්‍රභූන්ට විතරයි කීර්ති නාමයක් නම්බුවක් තියෙන්නේ කියලා. මේ අවශේෂ මහජනයා වන අපිට එහෙම එකක් නැද්ද? අපිට බලපාන නීතිය නෙමෙයිද එයාලට බලපාන්නේ ? (නි)
ඔබතුමා සමහරු ප්‍රභූන් කියලා හිතාගෙන හිටියාට අනේ අපි නම් එහෙම හිතන්නේ නැහැ. දේශපාලනයට පින්සිද්ධ වෙන්න සල්ලි අතගාලා,ගෙවල්, කාර්,වතුපිටි ලැබුනාට සමහරුන්ගේ මුල අපි හොඳට දන්නවා. ඒ නිසා අපිට ප්‍රභූන් ගැන මතක් කරන්න ගිහින් විහිළුවක් වෙන්න එපා. (නි)
බලපත්‍ර නැතුව ඇමති පුතෙක් කහ ඉරේදී මනුස්සයෙක්ව වාහනයට යටකරලා මැරුවා. අත්අඩංගුවට ගන්නෙත් නැතුව හිටපු රටටම පිටත්කළා. එතකොට නම් මේ වගේ කොමිසම් තිබුනේ නැහැ. කොච්චර හොඳද? (නි)
බොහොම හොදයි ඡන්දෙට ඉස්සර කියපු එක. දැන් අපි දන්නවා හොරු අල්ලන්න ඕනෙනම් කාටද ඡන්දෙ දෙන්න ඕනේ කියලා. (ර)
ආත්මෙයන් ආත්මයට සමහර පවු නම් පළදෙනවා (නි)
හොරු, කුඩුකාරයෝ ආරක්ෂා කරන්න හදනවාද? ඡන්දෙ හම්බවෙයි බලාගෙන ඉන්න. අපි මෛත්‍රී මහතාව පත්කළේ ඔය හොරු කුඩුකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ නීතිය හමුවට ගෙනයන්න. වැරදි කරලා නැත්නම් මොකද බය? (නි)
හොද දෙය අහකට දම නරක දෙයම සැමවිට තුරුළුකරගන්න මෙවැනි දේශපාලකයන් රටට මින්ඉදිරියට ඕනෙද කියල ජනතාව තීරණය කරන්න ඕනේ මීලග මැතිවරණයේදී.(කේ)
ඒ වගේම කැලැ නීතියෙන් පලිගන්න ඕනෙනම් කාටද දෙන්න ඕනෙත් කියල දන්නවා (කේ)
මේ ප්‍රභූවරුද? (නි)
හරිම අපූරුයි පැතුම එලෙසම ඉටුවේවා (කේ)
" දඬුවම් ලබාදුන් හා චරිත ඝාතනය කළ අයට ඉදිරියේදී වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් මහලේකම්වරයා කීවේය. එය මෙම ආත්මයේ හෝ ලබන ආත්මයේ විය හැකි යැයිද හෙතෙම කීවේය." මේ තර්ජනය කිරීමක්ද ? (කේ)
කිව්වා නේද මේ ගැසට් එක එයා දැක්කේ නැහැ. එක අවලංගු කරනවා කියල.අවලංගු කලේ නැත්තේ තවමත් දැකල නැතිව ඇති මගේ හිතේ.(කේ)
කිසිම ලැජ්ජාවක් නැති මිනිස්සු ටිකක්. ප්‍රශ්නේ තියෙන්නේ රනිල්ගේ පක්ෂයේ අයත් හොඳ නැති එක තමා. (කේ)
මේවට තමයි ඉල්ලන් කනවා කියන්නේ.(කේ)
කලින් හිටපු දියවඩන නිලමෙලා ඔක්කොම ඉදිරිපත් කල මාලිගාවේ ගිණුම් වාර්තාව දැන් නිලමෙලෙට චරිත ඝාතනයක් වෙන්නේ කොහොමද ? (කේ)
ඝාතනය කරන්නත් චරිතයත් තියෙන්න එපායා (කේ)
කොහොම හරි කමක් නැහැ හොරු අල්ලනවනම් (කේ)
ඔයගොල්ලෝ රජය කලේ සුදු වැන් , එකෙන් පුද්ගලයන්ව පැහැරගෙන ගිහිල්ල අතුරු දාහන් කලේ මොන නීත්‍යනුකූල නීතියක් යටතේද, කැලේ නිතිය යටතේ ද ? පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දඩුවම් දෙන්නේ උසාවියෙන් රටේ නිතිය අනුවයි එක අමතක කරන්න එපා වංචා කලේ ඔයාගේ පක්ෂ අය කියල පොලිස් දොස් පවරලා හරියන්නේ නෑ , වංචා කලේ නැතිනම් උසාවියට කරුණු පෙන්නලා නිදහස් වෙන්නයි තියෙන්නේ (කේ)
දැන් එතකොට ඔය ප්‍රභූන් ඝණයට වෙලේ සුදාලා එහෙමත් වැටෙනවද? දන්නේ නැති නිසා අහන්නේ. ඔබතුමාගේ ප්‍රභූන් පිළිබඳ විශ්ලේෂණය නිසා අපිට ඔක්කොම පැටලිලා (නි)
මේවා කිව්වහම මේ මිනිස්සුන්ට තියන චන්ද ටිකත් හම්බ වෙන්නේ නැ.(කේ)
අනේ ඔව් රටට හරියන්න නීතිය නෙවෙයි ප්‍රභූන්ට හරියන්න නීතිය තමයි තියෙන්න ඕන. (කේ)
මේ රටේ නීතියක් කියල දෙයක් නැති තරමට ප්‍රභූන්ට හොඳයි නේද මැති තුමෝ ? (කේ)
එහෙනම් අගමැති රනිල්ම තමයි ලබන පාරත් හොරු කවුද කියල හොදටම පැහැදිල්යි (කේ)
අනේ ඔව් ප්‍රභූන් මාර්ගපල ලබපු උපාසක අප්පුලා නිසා ඒගොල්ලන්ගෙන් වැරද්දක් වෙන්න විදියක් නැහැ. (කේ)
ඔව් ඔව් ප්‍රභූන්ට කියල වෙනම අපායක් නැහැ . වැරදි කල ඔක්කොමටම අන්න අපායේ විසා නිකුත් කරලා තියන්නේ .(කේ)
චන්දෙට කලින් කිව්වා කියලා...කොරයි කියලා තමය් බය (කේ)
එතකොට ඔබ තුමාලගේ ආණ්ඩුවක් යටතේ අල්ලස් චෝදනා වලට අල්ලපු සියලු දෙනා චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනවද...ඇයි ඔබ තුමාලගේ කාලේ ඔය දේවල් වලට පරීක්ෂණ කරේ නැත්තේ...අපිත් ඔබ තුමාලට චන්දෙ දීපු අය විදියට අහන්නේ... සමහර එතනෝල් ගෙන්නපු අය ගැන ඔබ තුමාලා හැන්ගුවට ජනතාව දන්නවා එයාල වැරදි කරන අය කියල...(කේ)
ප්‍රතිචාර පල කරන්නේ දෙන්නෙක් විතර වාගේ කියලයි හිතෙන්නේ.තවම මේ අයට රනිල්ලා කරපු සහ කරන ක්‍රියාවන් නොතේරීම ගැන හරි පුදුමයි, (ස)
ඒ කාලයේ ඔබ ඔය කියන නීතියට අනුව වැඩ කළා නම් ජනතාව ලොක්කාව ගෙදර යවල ගෝලයන්ට මෙහෙම මාධ්‍ය හමු තියන්න වෙන්නෙත් නැහැ. (කේ)
දැන්ම කියපු එක ගොඩක් හොදයි (කේ)
දැන් බොරු දේවල් වලටත් කගහනවා , මේ ආත්මේ. දඩුවම්. ලැබෙන එක. කට්ටියට ෂුවර්. නැහැ. ,මොකද මහා මැති වරණයෙන් පරදින බව. දන්නා. නිසා. හිතේ තියෙන. දේවල් එලියට එන්නේ මේවගේ. තැන් වලදී (කේ)
මීට කලින් හිටපු දියවඩන නිලමෙලා ඔක්කොම මාලිගාවේ ගිණුම් වාර්තා ඉදිරිපත් කල අතර දැන් ඉන්න නිලමේ ගිණුම් වාර්තා ගැන ප්‍රශ්න කිරීම තමන්ගේ චරිතය ඝාතනයක් ලෙස සලකන්නේ කොහොමද කියලා අපිට අපැහැදිලියි. (කේ)
දැන් ඔය කීර්ති නාමය තියෙන්නේ ප්‍රභූන්ට විතරද ? සාමාන්‍ය මිනිස්සුන්ට නැද්ද ? (කේ)
කෝ අනේ ඔය ඝාතනය කල කියන චරිත ටික ? (කේ)
ආණ්ඩු පක්ෂයේ ඉන්න සාන්තුවරුන් ගැන පරීක්ෂණ අකැපද ? (ම)
මේගොල්ලෝ මේ ඇවිත් කාවද රවටන්න මෙච්චර වලිකන්නේ? (කේ)
ඔබතුමා වැනි නීතිය උගත් ඇමතිවරු ඉන්දෙද්දී ඒ කාලයේ නීතියක් කියල එකක් හයි ෆයි අපරාධ කරුවන්ගේ ඉදිරියේ ක්‍රියාවේ යෙදවුනාද කියල මට නම් මතක නැහැ. (කේ)
"ප්‍රභූන්" කියන්නෙ කවුද.....? මොනවද ප්‍රභූ වරයක් ලබන්න සපුරන්න ඕන සුදුසුකම්.....? (කේ)
හලෝ මේ ආත්ත්මේදී නැතිනම් නිරයේ තමා දඬුවම අනිවාර්යයෙන්ම. (කේ)
හොරුන්ටත් ප්‍රභූන් කියන රටක් තිබෙන්නේ ආසියාවේ ආස්චිර්ය නිසා.මතක තබාගන්න. අපට පුද්ගලයා කවුරුන්ද වදගත් නැහැ.වැරදි කරලා තිබෙනවානම් ඒ හැමෝම නීතිය ඉදිරිය එක සමානයි.(කේ)
දැන් මේ කට්ටිය භූමි තෙල් ගෑවුන ගැරඬි වගේ. පවු කොහොමත්ම මේ ගොල්ලන්ට ඕවා වෙනස් කරන්න හම්බ වෙන්නේ නෑ. දිනන්න එපායැ ඒවා කරන්න. (බ)
වෘත්තියෙන් නීතිඥයෙක්ලු. වැඩවලින් පොල් කඩන්නෙක් වගේ. එ්කනේ මහින්දත් කිහිප වතාවක්ම මෙයාගෙන් ඇහැව්වේ "මොකෝ සුසිල් ගණන් පත්‍රයත් අනාගත්තද කියල. මෙයාට තියෙන්නේ අනාගත්ත අතීතයක් විතරයි. මේවගේ අයට පාඩමක් උගන්වන්න ජනතාව පුල පුලා බලා ඉන්නවා. (බ)
කොහොම වුණත් නියම කතාවක් (නි)
ඇත්තටම රටේ හොඳ නීතියක් තියෙන්න ඕනෑ. නැත්නම් රටේ ජනතාවගේ සම්පත්, මුදල් ඔය ප්‍රභූන් කියන කට්ටිය (ඇත්තටම හොඳ අය ඉන්නවා) සූරාගෙන කනවා. පහුගිය පාලන සමයේ එහෙම අය ඕනෑතරම් හිටියනේ. ඒ අයට දඩුවම් දියයුතුමයි.මොකද නැත්නම් හැමදාමත් ජනතාව හුරගෙන කනවා. ඒත් ඒක වෙන්න ඕනෑ පළිගන්න චේතනාවෙන් නොවෙයි. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙන්නේ රටේ නීතිය ලොකු පොඩි හැමදෙනාටම පොදුවේ ක්‍රියාත්මක වෙනවා බලන්න. (නි)
ප්‍රභූන් කියලා ඔක්කොම වැරදි කළාම හරිද? (නි)
අටලෝදහම දැන්නේ මතක්වෙලා තියෙන්නේ! (නි)
මෙයාල දන්නවා වගෙයි ඊළඟ ආණ්ඩුවක් එන්නේ ලබන ආත්මෙදි කියල. ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරනු විනා මේ බඩ වියත රැක ගැනීමට කරන වැඩක් බව කටත් තේරෙනවා. (බ)
නැහැ නැහැ. මේ ආත්මයේදීම ලැබෙයි (නි)
පොලිස් අපරාධ මුල්‍ය ඒකකය නීත්‍යනුකූල නොවන්නේ කෙසේද, රජයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙද්දී? හොඳට මතක තියාගන්න, කොහෙන් විමර්ශනය කළත් දඬුවම් ලැබෙන්නේ ස්වාධීන අධිකරණයේ බව. (නි)
වැරදි නම් ඔප්පුකළ හැකි සාක්ෂි තියේනම් පොලිස් අපරාධ මුල්‍ය ඒකකය හරහා නිතිය හමුවට පමුණුවන්න. නැතිව කළැයි සැකපිට රිමාන්ඩ් කිරීම, කරුණු සෙවීමට උසාවියෙන් කල් ඉල්ලීම එතකන් රිමාන්ඩ් කිරීම මහජන සේවය කළ මිනිසුන්ට නිගරුවක්..නොහොබිනා වැඩක්....වෛරී දේශපාලන වැඩක්...(බ)
ඊළඟ ආත්මය වෙනතුරු ඉන්න අවශ්‍ය නැතිවෙයි (නි)
ඔය කියන හොරුන්ට මේ ආත්මයේදීම දඬුවම් ලැබේවි එයාලගේ ආරක්ෂාව ඉවත්කරලා දැම්මොත්. (නි)
කර්මඵල විපාකයෙන් කිසිවෙකුට ගැළවීමක් නැත (නි)
වැරදි කළේ නැත්නම් ඇයි ඔච්චර බයවෙන්නේ? රටේ ඒ වගේ ස්වාධීන ආයතන තිබිය යුතුයි. නැත්නම් රටේ ලොකු ලොකු මිනිසුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. (නි)
කර්මය පස්සෙන් එනවට සමහරු බයවෙලා වගෙයි. (නි)
ඔව්, පහුගිය කාලෙ කළ පව් දැන් සමහරුන්ට පලදීගෙන එනවා. (නි)
සල්ලි වලින් ජනමතය පවා වෙනස් කරන යුගයක් මේක. (නි)
වෛරී දේශපාලනයක් කරන්න කවුරුන් හෝ හිතනවා නම් මීළඟ ඡන්දෙදි අපි බලාගනිමු (නි)
මොකක්ද මේ සමාජගතකොට ඇති සුදු වෑන් කතාව? යහපාලානේ අනිත් ඒවාට තිබෙන උනන්දුව වගේ ඇයි ඒවා හොයා වැරදිකරුවට දඬුවම් කරන්නේ නැත්තේ? (නි)