(සිරාජ් හසීම්)
තමන් සමස්ථ හමුදාවටම දඩුවම් දිය යුතුයැයි කිසි විටක සදහන් නොකරන බවත් යුද්ධය මුවාවෙන් අපරාධ කළ පිරිස්වලට දඩුවම් කළ යුතු යැයි බලකර සිටින බවත් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.
උතුරේ සංචාරයක නිරත වූ ශ්‍රීලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිවරයා සමගින් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් මහ ඇමැතිවරයා මේ බව සදහන් කර ඇත.
මෙහිදී මාධ්‍යවේදින් පසුගියදා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය රණවිරුවන් නීතිය ඉදිරියට ගෙන නොයන බවට කරන ලද් ප්‍රකාශය සම්බන්ධයෙන් මහ ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් මහ ඇමැතිවරයා මේ අදහස් පලකර සිටියේය.
හිටපු ජනාධිපතිනියගේ එම ප්‍රකාශය අළුත් දෙයක් නෙවෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයත් ඒ ප්‍රකාශ කලා. යුද්ධයේදී යුද අපරාධ කළ හමුදා නිලදාරීන් දඩුවම් ලැබිය යුතුයි. ඒ හැර යුද්ධයේ කැපවූ සමස්ථ රණවිරුවන්ම දඩුවම් ලැබිය යුතු නැහැ. එහෙම අපි කියන්නෙත් නෑ. ජාත්‍යන්තරය කියන්නෙත් නෑ.
උදාහරණයකට එක් පාසලක එක් සිසුවෙකු වරදක් කලා නම් එම සිසුවාට දඩුවම් කරනවා කියන්නේ සමස්ථ පාසලටම දොස් පැවරීමක් වෙන්නෙ නැහැනේ. තනි පුද්ගලයකු යුද්ධයේදී හෝ යුද්ධයට පසු අපරාධ කලා නම් ඊට සම්බන්ධ අය කවුරුන්ද කියල හඳුනාගෙන දඩුවම් කරන්න කියල බල කරනවා.අමතරව මුළු හමුදාවටම දඩුවම් කළයුතු නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුධ අපරාධ කලේ එල්.ටී.ටී.ඊ නිසා ඒ අයට දඩුවම් දෙන්න.
ඔබට අවශ්‍ය දෙය කරගත්තා නේද. ප්‍රභා ඉවරනෙ. දැන්වත් කට වහගෙන ඉන්නවද, තවත් රට විනාශ නොකර. අහිංසක ගම්මු මරපු මිනි මරුවෝ.
ඇමෙරිකාවේ හමුදාවට එක නීතියක් ලංකාවට එක නීතියක්, ඉරාකයේ ෆළුජා වල බ්‍රිතාන්‍ය හා ඇමෙරිකා හමුදා කල යුධ අපරාද ඔක්කොම අහෝසියි, අපේ හමුදාව අපේ රට බේරා ගන්න කල සටනේදී සිදුවූ සිදුවීම් යුධ අපරාධ ලෙස හංවඩු ගහන්න විනේශ්වරන්ට හෝ කොහෙවත් තානාපති වරුන්න්ට ඇති අයිතිය කුමක්ද? අපේ රජය නිදිද, මේවාට කතාකරන්න කෙනෙක් නැද්ද?
කොටි දකුණේ බෝම්බ පුපුරවලා සිංහල දෙමල මුස්ලිම් ඔක්කොම මැරෙනකොට කොහෙද හිටියේ මහත්තයෝ එතකොට ඔබ තුමා කොළබ නේද හිටියේ
මෙයා ලෝක අැම්බැට්ටයෙක්. බැරි වෙලාවත් කොටි ගැන සදහන් කර නැහැ.
යුදදේ දී කොහොමත් වෙන්නේ අපරාද තමයි. නමුත් රණ විරුවන්ට අත තියන්නේ බලාගෙන.
එහෙම කරලා කොටි (පවු දේශපාලන හිරකරුවන් ) නිදහස් කලයුතුයි . ආණ්ඩුවේ රස්සාත් දියයුතුයි .කොටි අපරාද කරුවන්ට දේශපාලනිකව උදවු කල , කොටි මිනිස් පවුරු හදනකොට කට වහගෙන හිටපු ටී.එන්.ඒ රොත්තත් , මුන්දත් කොටි අපරාද වලට හිරේ යැවිය යුතුයි .