(නිමල කොඩිතුවක්කු)
වෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සහ අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වන ලෙස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආශික කමිටුව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙතින් කළ ඉල්ලීමක් මත වැඩබලන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
ඒ අනුව ජාතීන් අතර සහජීවනය සහ රාජ්‍ය ආරකෂාවට බාධා වන ආකාරයෙන් අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කිරීම, විවිධ ජනවාර්ගික හා ආගමික කොටස් අතර සාමය හා සහජීවනය පවත්වාගෙන යාමට සහ රාජ්‍ය ආරක්ෂාවට බාධා වන ආකාරයෙන් වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වන ලෙස මෙම නව සංශෝධන සිදුකිරීමට නියමිතය.
අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාර සම්බන්ධයෙන් වැරදිකරු වන පුද්ගලයෙකුට රුපියල් දස ලක්ෂයක් දක්වා වන දඩ මුදලක් නියම කිරීමට හෝ වසර 05 කට නොවැඩි සිරදඩුවමක් නියම කිරීමට හෝ එම දඩුවම් දෙකටම යටත් වන පරිදි සහ වෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වන පුද්ගලයෙකුට දඩ මුදලක් හෝ සිරදඬුවමක් නියම හැකි වන පරිදි පරිදි මෙම නීති සංශෝධනය කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පත්තරෙන් විතරක් ද ...?
මේ ගමන්ම යටත් විජිත යුගයේ ගෙනා 365 සහ 365A වගන්තිත් ඉවත් කරන්න.
මේ අමාරිස් ගොයියෝ ඔයා කතාව ඇත්තටමද? නැත්තම් පත්තරේට විතරක්ද?
225 ටත් එය බලපානවාද ?
මේ නිතිය රටේ එක පාර්ශවයටම බලපායිද දන්නේ නැහැ. නීතිය කඩකරනවා පෙනී පෙනී කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. හැම නිතියක්ම පොතට පමණයි.
මේ නීතිය රටේ එක් පාර්ශවයකටම බලපායිද දන්නේ නැහැ. නීතිය කඩකරනවා පෙනි පෙනී කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. හැම නීතියක්ම පොතට පමණයි.
මේ කතාව කියන්න පාර්ලිමේන්තුවේදී. මෙවැනි දේ කියන්නේ කරන්නේ ඔය නඩේගුරාලා.. ඔය නඩේ අසරණ මිනිසුන්ට කියලා උසිගන්නලා ඊටපසු මොවුන් හිමින් සීරුවේ සෝදිසි කරලා බලනවා. දුන්නු ගින්දර පත්තු වුණාද කියලා? අතට අහුවුණත් පොලිසිය මුකුත් කියන්නේ නැහැ. මොකද මොවුන්ගේ වාහනේ ලොකු එකක්නේ. සෙරප්පු දෙක ගෙන එන්න කොල්ලෙක් උස්සන් යනවා. ලකුණු දාගන්න. ඔය දණ්ඩනීතිය හොඳ ඔය නඩේට මිසක් ජනතාවට නෙමේ. ජනතාවගේ නිදහස ඒ...
ඇත්ත බොරු කියල කොහොමද තෝරගන්නෙ. ඒ තීරණය ගන්නෙ බලධාරියෙක්ද එහෙම නැතිනම් පොලිසියේ ඕඅයිසී ද?
මතුවෙමින් පවතින්නේ ඒකාධිපති වාදයක ලක්ෂණයි. සාමකාමීව සිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඕනෑම පුරවැසියෙකුට ඇත. යම් ප්‍රකාශයක් මගින් අහිතකර ප්‍රතිඵල ඇතිවන්නේ නම් එයට හේතුවක් තිබිය යුතුය. ඉවත් කල යුත්තේ ඒ හේතුව මිස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නොවේ.
පය බරවාට පිටකර බෙහෙත් බැදීමෙන් වැලකී වැරදි කරුවන් සඳහා දඩුවම් ලබා දිමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරමි.
වෛරය වැපිරවීමවත්, සත්‍ය යටපත් කිරීමවත් නොව ඇත්ත පෙන්වා දීමට හැකි නීතිපද්ධතියක් සකස් කිරීමට බලධාරීන් කටයුතු කල යුතුයි.
හොරුන් විසින් සම්පූර්ණ මුහුණු ආවරණ හෙල්මට් භාවිතා කරන නිසා එම හෙල්මට් තහනම් කරන්න නීතිහදන මෝඩ රැටක් ලොවේ තවත් ඇති බව මා අසා නැත රාත්‍රී කාලයේ අඩුවක්, ස්කුරුප්පු නියනක්, රු.10 රබර් ග්ලවුස් කහිපයක් (මේවා ගෙවල් බිඳුම් උපකරණ යටතට අයත්වන බව පවසමින්) ළඟ තබාගැනීම වරදක් ලෙසට සලකමින් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා මෝඩරටක ජීවත්වන ජනතාවගේ මානව සංවර්ධනයට දෙයියන්ගේම පිහිටයි...