(කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ අවුඩන්ගාව දී අද(19) සවස සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි සිගිරිය පොලිසිය කියයි.
පොළොන්නරුව සිට කොළඹ බලා සහල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සහ දඹුල්ල සිට හබරණ දෙසට ධාවනය කරමින් තිබු යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුවී ඇති බවත් මියගොස් ඇත්තේ යතුරුපැදියේ යමින් සිටි තරුණයන් දෙදෙනා බවත් පොලිසිය පවසයි.
අනතුරත් සමග යතුරු පැදිය සම්පුර්ණයෙන් කැබලි බවට පත්ව කොටසක් ගිනිගෙන විනාශවී තිබිණි.
අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන සිගිරිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියකු කිවේ මියගිය තරුණයන් දෙදෙනාට දඹුල්ලේදී වේග සිමා ඉක්මවා ධාවනයකොට දඩ පත්‍රිකාවක් ද නිකුත් කොට තිබු බවත් නැවත සිගිරි පොලිස් බල ප්‍රදේශයේදී අනතුර වන්නට මද වේලාවකට පෙර වේගයෙන් ධාවනය කරද්දී පොලිසිය නවත්වා අවවාද කොට පිටත්කර තිබූ බවත්ය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියනේ !!! මෙහෙමත් දේවල් .. පව් ඉතින්
අධික වේගය මාරයා රැගෙන යාමෙන් තවත් තරුණයන් දෙදෙනෙකු රටට අහිමි වේලා. ලංකාවේ සියලුම යතුරු පැදි ආනයනයන් නියමිත තත්ත්ව පරික්ෂණය කරන්න... විශේෂයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදන.? ජපානයේ නිෂ්පාදන හොඳ ප්‍රමිතියෙන් යුතුයි.
ආණ්ඩුවේ ලොරියකටනේ හැප්පිලා තියෙන්නේ..
රුවනි, යන්නේ කොහෙද මල්ලේ පොලනේ ඔය කියන්නේ ලංකාවේ රිය පදවන බොහොමයක් නීතියට ගරු කරමින්ද තම රිය පදවන්නේ...? මේවට තමුන්ම තමා වගකියන්න ඕනේ. පොලිසියේ මහත්වරු මෙයාලට අවවාද කලේ රටේ පවතින නීතිය කැඩූ නිසා නෙවෙයිද..' තම වේග සීමාවේ සිට මොටෝර් බයිසිකලය පැදෙව්වනම් මෙවන් දෙයක් වෙන්නේ නැහැ නේද...? මේකට වගකියන්න ඕනේ මේ මැරුණ දෙන්නම තමා.. තව දෙයක් තියෙනවා කියන්න ලංකාවේ රිය පුහුණු කරන බොහෝ කණ්ඩායම් සහ රියදුරු බලපත්‍ර නිකුත් කරන ආයතනයේ සියලුම දෙනා පගාව අරගෙන කිසිම සුදුසුකමක් නැති මේ වගේ අයව පාරට දමන බව ඔබ තුමිය දන්නේ නැද්ද...? මේ මරණ වලට මේ සියලු දෙනාම වග කිව යුතුයි. මෙය පගා අරගෙන රියදුරු බලපත්‍ර දෙන අයටත්, පගාව දී තම මරණය සහ තවත් කෙනෙකුගේ මරණය ලියාපදිංචි කරන මේ වගේ මොලේ කලඳක් නැති පුහු වීරත්වයක් පෙන්වන්න දඟලන බොහෝ දෙනාටත් හොඳ පාඩමක් බව මතක තබා ගන්න. කරුණ කරලා ලිඳෙන් ගොඩට එන්න බලන්න.
යතුරු පැදි පරීක්ෂා කිරීමට පෙර මේව පදින උන්ගේ මොලේ පරීක්ෂා කරවන්න ඕනේ.
මේ අනතුර සිදුවූ ආකාරය ගැන ප්‍රවෘත්තිය තුලින් පැහැදිලි අදහසක් ගත නොහැකි වුවත්, නොසැලකිල්ල නිසා සිදුවූ අනතුරක් බව පෙනෙන්නට තිබේ. ප්රශ්නය වාහනය නොවේ. යතුරුපැදිය යනු ඉතාමත් අනාරක්ෂිත වාහනයක් වුවත්, සංයමයෙන් පැදවීමෙන් අනතුරු සිදුවීම අවම කරගත හැක. ලිපියේ ඇති අයුරින් දෙවරක් පොලිසියෙන් නැවත ඇති බව පෙනෙනවා. තරුණයක් දෙදෙනා දෙවෙනි වර පොලිසියෙන් මිදෙන විට (කලින් දඩ කොලයක් තිබුණු නිසා ගැලවෙන්නට ඇති) පොලිසියට සිනාසෙන්නට ඇති. වේගය උද්වේගකර නමුත් අනතුරු වලට ඇතවනයි. අප රටේ රියදුරන්, පදවන වාහනයේ සැකැස්ම, වේගය වැඩි වන විට එහි හැසිරීම, තිරිංග වල හැරිසිම, වේගයට අනුව නවත්වන්නට උවමන දුර ප්‍රමාණය යන කරුණු නොදන්නවා, නැතිනම් නොසලකා හරිනවා. අප වාහනයක් ගන්නට පෙරුම්පුරන මුත් නඩත්තුව ගැන සැලකිලිමත් වන්නේ නැහැ. රෝද කැරකෙන්නේ නම්, ගමන යාමේ වරදක් නැති බවයි සිතන්නේ. තමන් අනතුරකට පත්වන තුරු මේ කරුණු සිතට ගන්නේ නැහැ. ලංකාවේ ඉතා විශාල වශයෙන් අනතුරට මුහුණ දෙන්නේ කුඩා ළමුන්. මෝටර් බයිසිකල් වල හෙල්මෙට් නැතිව කෙතරම් ළමුන් ගෙන යන්නේ ද? වෙනත් මෝටර් රථ තුලට ආරක්ෂක අසන සහිතව ළමුන් ගෙනයන්නේ කීයෙන් කී දෙනාද?
මාතලී වරම් ලැබුණා, මේ මහා පාර අප්පාගේ දේපළ, මේ අපේ වැයික්කිය කියල හිතාගෙන රියපදවන තරුණයන් මේ අනතුර ගැන සිතා බැලිය යුතුමයි. මේ වේගයෙන් ගිහින් වෙනත් වාහනයක ත්‍රී රෝද රථ හෝ පදිකයෙක් නොවැදුණු ඒක ගැන සතුටුයි. මොකද එහෙම වුනා නම් මේ නොහැදුණු තක්කඩි දෙන්නා නිසා දුකට පත් වන්නේ කොහෙවත් යන අසරණ මිනිසුන්. මොවුන්ට නියමිත අවවාද සහ දඬුවම් ද දුන්නත් වරද තේරුම් ගෙන නිවැරදි කරගන්න අවස්ථාව ලැබිලත් නිවැරදි කර නොගත් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්න වුනා. මොවුන්ගේ දෙමවුපියන් සහ දරු පවුල් ගැන සිතන විට තද කම්පාවක් ඇති වෙනවා. මිනිසුන් අන්‍යයන් ගැන නොසිතීමේ විපාක!
මට පේන විදියට මේක ජපන් බය්සිකලයක්, අනික මේ දෙන්න මැරෙන්නම අපු ගමනක් වගේ මේක,
මම නම් පව් කියන්නේ නැහැ. මොකද ඉල්ලන් කාලා තියෙන්නේ. ලොරි රියදුරා අමාරුවේ ඉතින්.ඒ මනුස්සය පව්
ලොරියේ තියෙන නම දැක්කම කොල්ලෝ දෙන්න වැරදි කාරයෝ වගෙයි පේන්නේ
හිත හදාගනින් කාලකන්නි දෙන්නෙක් ඉවර වුනා කියලා. නෙත්නම් අහින්සක ජීවිතයක් නැති වෙන්නෙ.
ටයර් හොඳටම ගෙවිලා. බ්රේක් වදින්න නැතුව ඇති.
මෙවැනි අධිවේගී යතුරුපැදි ලංකාවට ආනයනය කිරීම තහනම් කල යුතුයි. මොකද මෙවැනි යතුරුපැදි වල යන්නේ ලාබාල තරුණයින්. කිසිම අත්දැකීමක් නෑ... නොදන්න කමට යනවා.
ලොකු දෙයක් ලොරියක හැපුණු එක !