ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය නියෝග කළාය.
ඇපකරුවන් දෙදෙනෙකු රජයේ සේවකයන් විය යුතු බවටත්, ඇප කරුවන් දෙදෙනකු ළඟම ඥාතීන් විය යුතු බවටත් කොන්දේසි පැනවිනි.
රිමාන්ඩ් බාරයේ සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්. ඒ. කේ. රණවක, දිවි නැගුම බැංකුවේ සභාපති පී. බී. තිලකසිරි ද එම කොන්දේසි මතම ඇප ලැබූහ.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ එක්කෝ. මහින්දත් එක්ක නැගිටිමුකෝ.(හේ)
නන්ද ලාල් කිව්වා වගේ ගෙවන වාට්ටුවේ ගත්තු බෙහෙත් ටික දිගටම ගන්න. (ම)
දෝෂාභියෝගය අත්සන් නොකරම පින ළුල දිලා (ම)
කෝ සත්‍යපාල, තවම වැඩේ වෙන්නේතෙය්. (ම)
ඇප ලබාගන්න හොරකම් කරපු සල්ලි සැහෙන්න වියදම් කරලා වගෙයි. ඇප ලබාදෙනවාට විරුද්ධ නැහැයි කියපු අය හෙට අනිද්දම තට්ටු ගෙවල් ගහන හැටි බලන්න පුළුවන්. (ම)
යහපාල ඔයාද රජයේ සේවකයා බැසිල්ට අැප දුන්නු. රජයට හිග මුදල් කන්දරාව. ලියන්න ඉලක්කනුත් නැහැ. ඇපේ ලක්ෂ 20 මේ ඇප දුන්නු දෙන්න බැසිල්ව පිටේ තියන් දියයටින් පිනාගෙන. ඇමරිකාවට එයිද දන්නේ නැහැ (බ)
මම ජනපති උනානම් මම මෙවැන්න්නට මරණ දඩුවම් නියම කරනවා. ඔහු අපේ මුදල් සොරකම් කළා. ඒ මුදල් විදේශ රටවල ආයෝජනය කළා. ඔහු ඩුබායි වල හෝටලයක් හැදුවා. (නදී)
පොඩි මිනිහෙක් කිතල බිත්තර ටිකක් අහුලාගෙන ගියාට 30000 දඩ , රටේ සල්ලි ටොන් පිටින් ගිල්ල මේ වහන්සේලාට ලක්ෂ එකයි දඩය , මාර නීතිය නේ ,පොඩි එකාට එකක් ලොකු හොරුන්ට එකක් ,හෙන ගහපන් මෙකලාට (බ)
නියමයි නේ මෙයාට පනාවපු කොන්දේසි ටික නම්. නඩු ඉවර වෙනකම් වලව්වට වෙලා තමා ඉන්න වෙන්නේ, බැසිල් මල්ලිට. "රක්ෂිත බන්ධනාගාරයේ ගෙවන වාට්ටුවේ " හිටිය කාලේදී ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටත් අමතක කරන්න එපා....(ම)