
(බී.ජී. චතුරංග)
අනුරාධපුරයට බලපා ඇති දැඩි අව් රශ්මිය හා උෂ්ණත්වයෙන් බේරීමට බොහෝ පිරිසක් වැව් අමුණුවලට බැස සිසිලක් ලබා ගන්නා අයුරු දැකගන්ට ඇති සුලබ දසුණකි.
පිටස්තර ප්‍රදේශවලින් පැමිණි බැතිමතුන් කුඩා හා මහා පරිමාණ ජලාශවලට බැස වැඩි වේලාවක් ගත කරන අයුරුද දැක ගත හැකි විය. එමෙන්ම ඇතිවන දැඩි පිපාසය හේතුවෙන් තැඹිලි, කුරුම්බා සහ දොඩම්පානයට ද දැඩි ඉල්ලුමක් ඇතැයි වෙළෙන්දෝ පවසති.
මීට මාසයකට පෙර පිටාර ගැලූ මල්වතු ඔය මේ වන විට කුඩා දිය කඩිත්තක් බවට පත්ව තිබේ.
අනුරාධපුර නගරයේ අද දහවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක අගයක පැවතුණි.
උදෑසන සිටම පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ශරීරයේ දහදිය දමන ප්‍රමාණය වැඩිවී රාත්‍රී කාලයේ නින්ද නොයන තත්ත්වයකට ඇති බවත් කාලයේ ශරීරයේ දැවිල්ල, හිසේ කැක්කුම, මුත්‍රා දැවිල්ල දක්වා එය වැඩි වන බව නගර වැසියෝ පිරිසක් මෙහිදී පැවසූහ.

2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැඩි උණුසුමෙන් බේරෙන්න වැවට බැහැලා