මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වසර තුනක් පමණ බන්ධනාගාර ගතව සිට නිදහස් වී ආ තරුණයකු (27) බදාදා රාත්‍රී (09) කපා කොටා මරා දමා ඇතැයි මීගමු පොලිසිය කියයි.
ඔහු යතුරු පැදියකින් යද්දී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මේ ඝාතනය සිදු කරන්නට ඇතැයි සැක කරයි.
මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වසර තුනක් පමණ බන්ධනාගාර ගතව සිට නිදහස් වී ආ තරුණයකු (27) බදාදා රාත්‍රී (09) කපා කොටා මරා දමා ඇතැයි මීගමු පොලිසිය කියයි.
ඔහු යතුරු පැදියකින් යද්දී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මේ ඝාතනය සිදු කරන්නට ඇතැයි සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳුනි, එහෙමද නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ? ඒ මිනිසුන්ගේ පවුල් වල අයයි ඒ මිනීමරපු අයයි කොච්චර අසරණද දැන්? මෙතන හුඟක් අය ඉන්නේ සැබෑ ලෝකයේ නොවේ, සිනමාවේ (නි)
රටේ නීතිය වල්වැදී ඇති ආකාරය මෙයින් පෙනෙනවා. කිසිම පුද්ගලයෙකුට ආරක්ෂාවක් නැති එකත් පැහැදිලියි. සැකකරුවෙකු මරාදැමීම සාධාරණීකරනය කරන්න බැහැ (නි)
නිරාන්, කාලෙකින් ඇසූ බුද්ධිමත් කියමනක්.මම මේක මගේ පොතේ ලියාගන්නවාමයි. මේක ඔබේම පඩිවදනක්. (නි)
ඔය මරණ දඬුවම ලස්සනට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ... (නි)
මිනි මැරුමක් නම් නිතිය ඔයිට වඩා බලාත්මක විය යුතුයි. අවුරුදු දෙකෙන් තුනෙන් එලියට එන්න තරම් නිතිය එච්චරටම ලිහිල්ද අපේ රටේ. ඔන්න ඕක නිසා තමයි රටේ අපරාද රැල්ලත් වැඩි වෙන්නේ. දැන් ඉතින් මේක මෙතනින් නතර වෙන පාටක් නැහැ. ජාලයක් වගේ මේක දිගින් දිගටම යාවි. (ස)
ගරු මහත්ම මහත්මියනි, තිබෙන නීතිය ආරක්ෂා කරගෙන එය තව දුරටත් ශක්තිමත් කිරීම මිසක් මේ වගේ ක්‍රියා අනුමත කරන්නා වාගේ අදහස් ප්‍රකාශ කිරීම නිවැරදි යයි මට හිතෙන්නේ නැහැ. නීතිය වල් වදින්නේ මේ රටේ මිනිස්සුම තමන්ට ඕන ආකාරයට නීතියෙන් රිංගන්ඩ ඉහල අයව විවිද ආකාරයෙන් නම්මාගන්න නිසා. අවුරුදු විසි හතරෙන් හිරේට ගිය කොල්ලෙක්ව විසි හතේ මරල දාල...මට නන් ඒක අනුවේදනීය පුවතක්...මොකද අවුරුදු විසි හතරේ කොල්ලෙක්ට අවස්තාවක් ලැබෙන්ඩ ඕන කියල හිතෙනවා තිස් පහේ හතළිහේ මිනිහෙක්ට වැඩිය...අනේ මන්ද මට නං එහෙම හිතෙනවා. නීතියක් තිබ්බත් ඒ වගේ අයව පුනුරුත්තාපනය කෙරෙන විදිහේ නීතියක් නං වඩාත් හොඳයි...නීතිය වුනත් ජීවිතයට ජීවිතයක් ගැනීම මට නං හිතෙන්නේ අපේ රටේ වගේ හොඳ බෞද්ධ මිනිස්සු වැඩියෙන් ඉන්න රටකට අවශ්‍ය නැහැ කියල...මේ රටේ හොඳ ප්‍රධාන ආගමක් තියනවා නීතිය ක්‍රියාත්මක කරද්දීත් උපයෝගී කර ගත හැකි. (ස)
වරදට නිසි දඩුවම් ලැබේ නම් මෙ වැනි දේ සිදු නොවේ. පිටිගල , නිරාන් , නිලන්ත , එරංග ඔබ හරි. (ස)
මේ වැඩේ මම හෙලා දකින්නේ නෑ...මගේ පුතත් තිරිසනෙක් ගේ වෙඩි පාරකින් මැරුණා...හාරගම ගුරුදෙනියේ ..මිනීමරුවා තාම නිදැල්ලේ. (ස)
සඳුනි, පිටිගල, සීල , මම කිසිම තැනක කියලා නැහැ මිනීමරුවාට සමාව දෙන්න කියලා. (නි)
ඇන්ඩ්රු ඔයා මොලේ බලවගන්න.නීතිය එදා හරියට ක්‍රියාත්මක වුනානම් මිනිස්සු නීතිය අතට ගන්නේ නැහැනේ.වැඩේ වැරදි වුනත් මේක කරපු යට මම සුබ පතනවා. (දී)
ඇන්ඩෘ, මෙහි ලියා ඇති අදහස් වලින් මට නම් පෙනෙන්නේ නීතිය තවදුරටත් වල්වැදී ඇති බවයි (නි)
ඇන්ඩ්රු මහත්තය අපිටද කියන්නේ නීතිය ආරක්ෂා කරන්න කියල. ඕව කියන්න දෙසපාලකයින්ට, අපට නොවේ. සුළු උදාහරණයක් නම් උසාවියෙන් වරෙන්තු දීපු අය අවුරුදු ගානක් නිදැල්ලේ.අපිද එකට වරද කාරයෝ?.නිකන් අන්තර් ජාලය තිබ්බ පලියට මනස්ගාත ලියන්න එපා. (දී)
ඒ කියන්නේ 24 කොල්ලෙකුට මිනිහෙක් මැරුවම සමාව දෙන්න කියලද? එහෙනම් නීතය වැඩක් නැහැ. මිනීමැරුම් නඩු සමත මණ්ඩලයට දැම්මා නම් හරි. (දී)
නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න නම් පෙරකදෝරුවෝ අවංක වෙන්න ඕන. මුදලට නීතිය අවතක්සේරු කරලා මිනීමරුවා එලියට ගන්න එයාල ඇසින් දුටු සාක්ෂි පවා බොරු කරනවා. මුදල් පසුපස හඹායන සමාජයක අද නීතියට තැනක් නෑ. එවිට තමාට සිදු වුනු අසාදාරනය සාදාරණය කර ගන්න මෙවැනි දේවල් කරනවා. (ස)
නීතිය වල් වැදිලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවගේ වරදින් නොවෙයි. සල්ලි ලොකු කුට්ටි ගණන් හම්බකරගන්ට විත්තිකාරයින්ව බේරාගන්ට උසාවියේදී උත්තර දිය යුත්තේ කෙසේදැයි ඔවුන්ට උපදෙස් දෙන නීතිඥයින් නිසයි. (නදී)
ඇන්ඞ්‍ර මහත්මය හිතනවද දන්නේ නෑ අපිත් එයා වගේ කොන්ඩේ බැඳලා කියල .
දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ මොකටද කියල දන්නවද (දී)
තමන්ගේ එකෙක් මරපු කෙනාට රිටන් එක දෙන එක දිට්ඨධම්ම වෙන්නේ කොහොමද මලේ ? (නදී)
එක එක කොමිෂන් වල ලොකු ලොකු මහත්වරුන්ට නොතේරෙන නීතියේ සාධාරණය ත්‍රිරෝද රථවල යන අයට තේරෙන බව පෙනෙනවා .එහෙමද කමනි (දී)
නිහාල්, ඔබ හරියටම හරි (නි)
මිනිස් ඝාතනයක් කළා නම් නීතියෙන් ගැලවුනත් විපාකයෙන් ගැලවීමට නොහැකිය. නීතියෙන් සාධාරණය ඉටු නොවන විටත් මෙවැනි දේ සිදුවිය හැකිය. (ස)
නිහාල්ගේ කියමන සියයට 200 ක් නිවරදියි (නදී)
සධාරනව නිතිය ක්‍රියාත්මක නොවන බව සනාථ උන රටක වනචාරී නීතියට බලවත් වීම වැළකිය නොහැකිය. (ස)
රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන කොට ජනතාව නීතිය අතට ගන්න එක වලක්වන්න බෑ. ඉදිරියට පොලිසියට, දේශපාලනඥයින්ට දඬුවම් දෙන්න පොදු ජනතාව පටන් ගනී. (ස)
මම මේ වෙලා තියෙන දේ අනුමත කරනවා නෙමෙයි. ඒත් උසාවි ගිහින් අවුරුදු ගානක් නඩු කියලා, මෙයා හිරේ ගියත් එල්ලුම් ගහත් නැති එකේ, ඇත්තටම මිනිහෙක් මරලාත් තියෙනවා නම් මෙහෙම වුණ එක හොඳයි කියලා හිතෙනවා (නි)
මහතුරුනේ, මිනීමැරීමට දඬුවම් රටේ නීතියට අනුව ලැබිය යුතුයි. එහෙම නැතුව නීතිය අතටගෙන මෙහෙම මිනීමරාගන්න ගියොත් අපිටත් බල්ලෝ බළල්ලු ගානට මඟතොටේ මැරිලා යන්න වෙයි.ලෝකයම අපි දිහා වපර ඇහින් බලන වෙලාවක මේවා මෙහෙම නොවිය යුතුයි. (නි)