IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


දුටුගැමුණු කාලේ සිරිත් කතරගම අදත්

රුහුණේ ඇසළ මංගල්‍යයේ දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන තවලම් මගින් පුද බිම වෙත රැගෙන යෑම සාම්ප්‍රදායික ක්‍රියාකරකමකි. ඒ සඳහා ඉරිදා (3) ගව පට්ටි හිමිකරුවෝ කතරගම පුද බිම වෙත පැමිණියහ.

දියුණු උපකරණ එන්නට පෙර අපේ රටේ  ගොවියන්  සී සෑවේ ගවයන් ආධාරයෙනි.

සිය බඩු බාහිරාදිය රැගෙන එන්නට භාවිතා කළේ තිරික්කල් හා ගොන් බැඳ තවලම්ය.  

තාක්ෂණය කොතරම් දියුණු වුවත්  අතීතයේ දී සිදු කල සම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමයට මුල් තැන දී බුත්තල දෙවියන්ගේ වෙළේ කුඹුරු කරන ගැමියෝ තවමත්  සිටිති. මෙම පිරිස  දුටු ගැමුණු රජුගේ අණට කීකරු වී දෙවියන්ට රාජකාරි කරමින්  අභිමානයෙන් වර්තමානයේ ද කටයුතු කරනු ලබන බව ජනප්‍රවාදයයි.

ප්‍රවාහන පහසුකම් කෙතරම් දියුණු වුනත්  කතරගම දෙවියන්ගේ කූඹුරු වල වී සහල් අදත් රැගෙන එන්නේ තවලම් මගින්ය. ලංකාවේ තවලම් සංස්කෘතිය සජිවීව  දැක ගත හැකි එකම පුදබිම වන්නේ කතරගම  පමණි.  අපේ ඉතිහාසයේ නොමැකෙන සම්ප්‍රදායන් අදටත් එලෙසින්ම පවතින කතරගම දේවාලයේ දෙවියන්ගේ නින්දගම් ඉඩම් විශාල ප්‍රමාණයක් ඇත.

බණ්ඩාරවෙල දක්වාද ඇතිමලේ රන්දෙනිගල දක්වාද කතරගම දෙවියන්ට අයත් ඉඩකඩම් ඇත.

මෙම ඉඩම් අතරින් කතරගම දෙවියන්ටම අයත් බව කියන ගොඩමඩ ඉඩ කඩම් රැසක් පවතින්නේ බුත්තල පැල්වත්ත  මුත්තෙට්ටුව ප්‍රදේශයේය. කතරගම දේවාලය සාදවා දෙවියන්ට පුජා කළ බව කියන දුටුගැමුණු මහා රජතුමා  ඉර හඳ පවතිනා තුරා පුද පුජාවන් පැවැත්වීම පිණිස රාජකාරි කරුවන් පත් කර ඔවුන්ට ජිවත්වීමට ගොඩ මඩ කුඹුරු ඉඩම් ලබා දුන් බවත්, දේවාලයේ පැවැත්මට ඉඩම් බදු දී   ලැඛෙන මුදලින් දේවාලයේ නඩත්තු කටයුතු කිරීමටත්  දෙවියන්ගේ දානය පිළියෙල කිරිමටත් දෙවියන්ටම සුදුසු බිම් තෝරා රාජකාරි කරුවන්ට  ඉඩම් ලබා දී කුඹුරු සාදවා පුද පුජා කටයුතු සිදු කරන්නට  රාජ්‍ය නියෝගයක් පැනවූ බවත් ජනප්‍රවාදයේ එයි.

කතරගම දේවාලයේ පාරම්පරික රාජකාරි කරුවන් රැසක් පදිංචිව සිටින බුත්තල හොරබොක්ක,  මුත්තෙටිටුවේ ඇති කුඹුරු අක්කර 500 ක් අතරින් හරි මැද ඇත්තේ දෙවියන්ගේ වෙලයි.  මෙම කුඹුරු වල වී වැපිරීමට පෙර ප්‍රථමයෙන්ම සිදු කරන්නේ  නැකතක් අනුව වැඩ ඇල්ලීමයි. අලූපුහුල් යැදීම නම් යාගයක් කරන අතර දේවාලයේ පනික්කයා විසින් පුරා රැටක් බෙර පද ගසමින් දෙවියන්ට කන්නලව් කිරීමෙන් පසු උදෑසනම ගොවියෝ  එක්ව  දෙවියන්ගේ කුඹුර වගා කිරීම අරම්භ කරති.

මෙම කුඹුරේ වී වැපිරීමට මඩ කර ගනු ලබන්නේ ගවයින් ගේ සීසැම මගින්ය. පසුව නැකත් අනුව ප්‍රථමයෙන් වී වපුරා දෙවියන්ගේ කුඹුරේ වැඩ කර පසුව අනිත් කුඹුරු වල වී වැපිරිම සිදුකෙරෙනු ලබයි.

 මෙම කුඹුරට මැසි තෙල් හා පොහොර වැනි ද්‍රව්‍ය යෙදීමෙන් වළකින අතර  කිසිදු අයුරකින් මැසි කීටයින් බෝවීමක් සිදු නොවන බව කතරගම දේවාලයේ පාරම්පරික ලේකම් මහාඛෙත්මේ දයානන්ද අධිකාරි මහතා පවසයි.

දෙවියන්ගේ වෙලේ වැඩ කරනු ලබන කිසිදු අයකු සෙරෙප්පු දෙකක් වත් පැලදීමක් නොකරන අතර අඩුම තරමේ වැස්සකටවත් කුඩයක් හිසට උඩින් රැගෙන යැම නොකරති.

කුඹුරේ වී පැසුණු පසු මුත්තෙට්ටුවේ යායේ සියළුම දෙනා එක් වී  කුඹුරේ ගොයම් දෑකැති වලින් කපා පාගා සියළුම ගොවියන් හා  දේවාලයේ මහා ඛෙත්මේ කුඩා ඛෙත්මේලේකම් වරුන් එක්ව ගම්මඩුවක් තනා දේවතිර එල්ලා විශේෂිත වු යාගයක් කරනු ලබති. පසු දින දෙවියන්ගේ කුඹුරේ ප්‍රථම සහල් උපයෝගී කරගෙන පැණිබතක් , කිරිබතක් , හත්මාලූවක්  සාදවා දෙවියන්ට කැපකර සියලූම දෙනාට අනුභවයට දී සෙත්පතන බව පාරම්පරික දේවාලයේ ලේකම් මහාඛෙත්මේ දයානන්ද අධිකාරි ලේකම් මහතා සඳහන් කරයි.

 ඉන් පසු මුත්තෙට්ටුවේ කුඹුරු යායේ ගොවියන්ගේ අනිකුත් කුඹුරු වල ගොයම කපා පාගා මුල්ම වී සහල් ටික දෙවියන්ට කැප කොට මහඛෙත්මේ ලේකම් වෙත ලබා දෙනු ලබයි. මෙම වී සහල් කතරගම ඇසළ මංගල්‍ය ලංවන විට දී දේවාලයේ සිටින ගවයින් යොදවා ගෝනිවල පුරවා තවලම් මගින් දින 03 ක් පුරා ගමනකින් පසු දේවාලයට රැගෙන එති.

මහාඛෙත්මේට හා කුඩා ඛෙත්මේ ට අයත් තවලම් පංගු දෙකෙන්  වී මෙතෙක් ප්‍රමාණයක් රැගෙන එන බව ලිඛිතව දේවාලයේ ගබඩාරාළවෙත දන්වා යවයි. දේවාලයේ ගබඩා බාර කපු මහතා මෙම වී කිරා බලා බාරගෙන දෙවියන්ට අයත් කොටස වී කොටා දෙවියන්ගේ මුරුතැන් පුජාව (දේවදානය සෑදිමට)  වට වී ගෙට ආලත්ති අම්මලා 08 දෙනාට බාර දෙයි.

 ආලත්ති අම්මලා මෙම වී  මෝල් ගසින් කොටා සහල්  කර දෙවියන්ගේ දානය සකස් කිරීමට මුරුතැන් ගෙට ලබා දෙති.

මේ අතර දේවාලයේ රාජකාරි නිළපංගුවේ දේවාලයට අයත් ගම්පහේ විදානේරාළලා විසින් ගම්පහේ ගොවි ජනයාගෙන් පැණි හකුරු, වතුමුවා, අල බතල වැනි එළවළු එකතුකර කත් නිළයාට බාර දෙනු ලබයි.   කත් නිළකරු මේවා  දේවාලයේ මුරුතැන් ගෙට ලබා දිමෙන් අනතුරුව දෙවියන්ගේ දානය පිළියෙළ කිරීමට ගනියි.

සෙනසුරාදා කෙම්මුර දිනට කැවුම් කිරිබත් වලට අමතරව එළවළු සමග බතක් දේව දානයට පිළියෙළ කරනු ලබන අතර  සතියේ පුජාවන්ට අමතරව දෛනිකව උදැසන 4.30 පුජාවත් දහවල් 10.30 පුජාවත්, රාත්‍රී 6. 30 පුජාවත් දේවාලය ආරම්බළ දා පටන් අදත් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.  

මෙම දේව දානය සැම පුජාවක් අවසානයේ දීම බැතිමතුන්ට අනුභවයට  දෙයි.

2(10) 11(12) 34(2) Kathagama-thawalama-1 Kathagama-thawalama-2 Kathagama-thawalama-3 o

 



අදහස් (0)

දුටුගැමුණු කාලේ සිරිත් කතරගම අදත්

කුමාර Monday, 04 July 2016 10:27 AM

මෙවැනි ලිපියක් පළකිරීම ගැන ගොඩක් ස්තුතියි කතරගම දෙවි පිහිටයි (බ)

:       0       0

විකුම් Monday, 04 July 2016 07:03 AM

ඡායාරූප වලින් හෝ මෙවන් දෙයක් දැකගන්නට ලැබිම ගැන සතුටුයි (නි)

:       0       0

සෑම් Sunday, 17 July 2016 06:54 PM

මේ ප්‍රවෘත්තිය ඉතා වැදගත්. ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 492 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 302 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site