‘වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 100කින් වැඩි කරන්න නැතහොත් අපි වැඩ වර්ජන කරනවා‘ යැයි කඳුරට නව ගම්මාන පහසුකම් හා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් අද (26) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැති වැවිලි කර්මාන්ත වෘත්තීය සමිති සම්මේලනය සංවිධානය කළ සත්‍යග්‍රහයට එක්වෙමින් පැවසීය.
වතු කම්කරුවන්ගේ වැටුප් දැනට අවුරුද්දයි මාස 4ක සිට වැඩි කර නැති බවත් තොන්ඩමන් ඇමැතිවරයාගෙන් තමන් ඇතුළු පිරිස දිනකට රුපියල් 100 බැගින් මසකට 2500ක් පමණක් ඉල්ලූ බවත් දින 14ක් තුළ පිළිතුරු නොලැබුණහොත් කම්කරුවන් සමග වැඩවර්ජනයකට යන බවත් ඔහු කීවේය.
සත්‍යග්‍රහය සඳහා ජාතික සංවාද ඇමැති මනෝ ගනේෂන්, අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී.රාධාක්‍රිෂ්ණන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගම්බරන්, බිම් මට්ටමෙන්ම පැමිණි ඔබ හරි..! සදා දුක් විඳින වතු කම්කරු ජනතාවට එය අනිවාර්යයෙන් ලැබිය යුතුයි. මෙතෙක් කල් වතු කම්කරුවට තොණ්ඩු දමා දමා මුට්ටි කාසි වලින් සැප විඳි අය මෙතෙක්කල් කළේ කුමක්ද? (නි)
අනේ ඒ අහිසක අයටනම් 100 නෙමේ 500 හරි දෙන්න වටිනවා විදින දුකට.ඉන්නේ ලයිම් ගෙවල් වල කිසි පහසු කමක් නෑ පවු (හේ)