පල්ලෙකැලේ දිගන  ඉදි කෙරෙන පළාත් ක්‍රිඩා සංකීර්ණය සඳහා 2004 වසරේ දි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සමයේ මුල්ගල් තැබු දවසේ පටන් වසර 12 ක් පමණ ගෙවි ඇතත් එහි වැඩ නිමවී නොමැති බව ප්‍රදේශවාසිහු පවසති.

මීට වසර ගණනකට පෙර ක්‍රිඩාංගනය කෙලවරක තිබු විශාල ගල් පර්වතයක් කඩා දැමිමට ගල් වෙඩි දමන අවස්ථාවේදි දෙදරිම් නිසා තමන්ට තම නිවෙස් වල පවා සිටින්නට බැරි තත්වයක් උදා වු බවත් ඔවුහු කියති.

ක්‍රිඩාංගනය පසෙකින් ගම්මානයට යැමට ඇති මාර්ගය ද නායයැම් වලින් කැඩී ගිය බවත්  බැම්මක් ගසා ඒ තැන් සාදනවා වෙනුවට නායයැමේ අවදානම් තත්වයේ ඇති තැන් වලද යකඩ කනු සිටුවා ඇති බවත් කියති.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක පැවැසුයේ වසර 12 ක් තිස්සේ ඉදිකෙරෙමින් පවතින මෙම ක්‍රීඩා සංකීර්ණයෙන්  වන අඩුපාඩු හා මහජනයාට වන පීඩා පිළිබඳ විමර්ශනයක් අරඹා ඇති බවත් එම විමර්ශනයෙන් පසු කරුණු සොයා බලා ඒ සම්බන්ධව නිසි ක්‍රියා මාර්ග ගන්නා බවත්ය.

7 8 32 35 37