පසුගිය දවසක කොළඹ අවට රූ ගත කෙරුණු ටෙලිනාට්‍යයක් අතරතුර නව පරපුරේ නිළියක් හා නව පරපුරේ නළුවෙක් අතර සිදුවූ අපූරු දෙබසකි මේ.
නිළිය: අනේ අයියේ ඊයේ රෑ ටීවී එකේ ඔයා ලස්සනට සිං කළානෙ. මාරයි ආහ්....
නළුවා: අනේ මන්දා නංගි ඉඳලා හිටලා හොඳට සින්දු එනවා ඉතිං..... තෑන්ක් යූ.
නිළිය: ඒක නෙවෙයි මගේ වෙඩිං එක ලබන මාසෙ. අයියා සින්දුවක් කියන්නම ඕනෙ හරිද?
නළුවා: බලමුකො... බලමුකො....
නිළිය: එහෙම කියලා බෑ. මේක මනමාලිගෙ ඉල්ලීමක්.
නළුවා: අනේ නංගි මම කියන දේ අහන්න. මම වැඩියෙන්ම හොඳට කියන්නෙ විරහ ගීත. වෙඩිංවල ඔය සින්දු කියන්න බැහැනෙ. මීට කලිනුත් යාළුවෙක්ගෙ නංගිගෙ වෙඩිං එකේදි එහෙම සින්දුවක් කියලා ගුටි නොකා බේරුනේ අනූනමයෙන්.
නිළිය: පිස්සු කතා කියන්න එපා අයියෙ. ඔයා කියන සින්දුව මට කියන්න. මම බෑන්ඩ් එකට කියන්නම් ඒකත් ප්‍රැක්ටිස් කරන්න කියලා.
නළුවා: මට බෑ නංගි. මම කියන්න ආස සින්දුව කියන්න බැහැ.
නිළිය: ඒ මොකෝ.... මෙයාගෙ බොරු කෝලංද කොහෙද...? හා එහෙනම් කියන්නකො ඔයාගෙ සින්දුවෙ මුල් පද ටික.
නළුවා: දීග නොයන් රත්තරනේ.... ඔබට නොකීවට දැක්ක දිනේ සිට.... ආල සිතින් බැඳි මා දමා.... දීග නොයන් රත්තරනේ....

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd