(සුජිත් හේවාජුලිගේ,සනත් ගමගේ සහ ජේ.කේ.එල් චාමින්ද)

දකුණු පළාත තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය දැඩි අවදානම් මට්ටමකට ළඟා වෙමින් පවතින බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එම්.ජී.එස්. පණ්ඩිතරත්න මහතා පවසයි.

ජනවාරි මාසයේ සිට මේ දක්වා ගත වූ මාස 06 තුළ පමණක් දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 7,969 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් රෝගීන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව අැත.

සෞඛ්‍ය අංශ සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ දකුණු පළාතේ නිවාස 100ක් පරීක්ෂා කළහොත් ඉන් නිවාස 20කම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවයි.