දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව ආසන්නයේදී 2016 ජනවාරි 26 අලුයම 2.25ට පමණ තමා ගමන් කළ මෝටර් රථයට හා තවත් වාහන රැසකට කඩාකප්පල්කාරී පිරිසක් මාර්ගයේ මැදට පැමිණ එල්ල කළ ගල් ප්‍රහාර නිසා තම රියේ ඉදිරිපස වීදුරුව කැඩී ඇති බව නිරෝෂන් ප්‍රියදර්ශන වික්‍රමාරච්චි මහතා ලංකාදීප එසැණ ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.
මෙවන් ක්‍රියා සිදුකරන්නන්ට එරෙහිව මාර්ග සංවර්ධන අධිකාරිය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි ඔහු විමසයි. අධිවේගී මාර්ගයේ ගමන්කරන වාහන හා අපගේ ජීවිත සඳහා ආරක්ෂාවක් නැතිද? මෙලෙස ඕනෑම මිනිසකුට ඒ පාරේ සිටිය හැකිද? මෙවන්ක්‍රියා සඳහා ඉඩ ඇතිනම් තව නොබෝ දිනකින් හොරුන් මංකොල්ලකාරයන් ද මාර්ගයේ සැරිසැරීමට ඉඩ ඇතැයි ඔහු මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රකාශකයකු පැවසූයේ මෙවැනි සිද්ධියක් වී ඇති බවත් ගල් ගැසූ අය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත්ය. එහෙත් දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය පැවසූයේ තමන් එවැනි සිද්ධියක් නොදන්නා බවයි. ආරක්ෂක කැමරා පොලිසිය සතුව නැති බවත් ඒ ගැන මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසිය යුතු බවත් පොලිසිය පවසයි. එහි ප්‍රකාශකයකු පැවසූයේ ආරක්ෂිත කැමරා නැති ප්‍රදේශයකදී මේ ප්‍රහාරය සිදුවී ඇති බවයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසූයේ එවැනි සිද්ධියක් වී ඇති බවයි. කිලෝ මීටර් 21 - 22 කණු අතර දී කොළඹ බලා එමින් තිබූ වාහන හත අටකටම ගල් ප්‍රහාර එල්ල කර ඇති බවයි.
මෙම ප්‍රහාරවලින් වාහනවල සිටි අයට තුවාල වූයේ දැයි දැනගන්නට නැත. අලාබ හානි වූ වාහනවලට රක්ෂණ වන්දි ලබාගැනීමේ ලියවිලි නිකුත් කළ බවත් ඔහු පවසයි. ආරක්ෂක කැමරා නැති ප්‍රදේශයකදී වැටෙන් පැන මේ පිරිස අධිවේගී මාර්ගයට පැමිණ ඇතැයිද දකුණු කළුතර පොලිසිය සමග තවත් පොලිසි කිහිපයක් පරීක්ෂණ අරඹා ඇතැයිද ඔහු පවසයි.
සැකකරුවන් අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකි වෙතියි ඔහු පවසයි.
ගැලනිගම හරියේදී අධිවේගී මාර්ගය ආක්‍රමණය කළ කලිසම් ඇඳ සිටි බව පෙනුණු හතර පස් දෙනකු මිනිත්තු 10ක පමණ වාහනවලට ගල් ගැසූ බවත් රියේ කුඩා දරුවකුද සිටි නිසා වඩාත් බියට පත්වූ බවත් එම සිද්ධියට මුහුණ පෑ වික්‍රමාරච්චි මහතා ලංකාදීපයට පැවසීය.
‘මම හිතුවේ පාර මාරුවන පිරිසක් කියලා. වාහනයේ වේගය අඩු කළා. ගල් ප්‍රහාර අප දෙසට එල්ල කළා. එතැන පෝලිමට පැමිණි තවත් වාහන කිහිපයකටම ගල් ප්‍රහාර එල්ල වුණා. අපි මේ ගැන අධිවේගී පොලිසියට පැමිණිලි කළා. මගේ වාහනයේ ඉදිරිපස වීදුරුවට හානි වුණා. රුපියල් 15,000ක් පමණ යනවා නැවත වීදුරුවක් දාන්න. අනෙක් වාහනවලත් ඉදිරිපස වීදුරුවට හානි සිදුවුණා‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ වාහනයට ගැහුවා නම් මම පන්න පන්නා ගිහින් හරි යටකරලා යන්නේ. හදන්න බැරි නම් මකන්න හරි ඕනෑ (නි)
මේක නව ආරම්භයක්, කඩිනමින් ප්‍රතිකර්මයක් යෙදුවේ නැතිනම් ඉදිරියේදී හැම තැනටම පැතිරේවි. (බ)
මේක නම් අධිවේගී මාර්ගයේ යනවට ඊර්ෂියාවට කළ දෙයක්. (ම)
නයිට් කඩ කාරයන්ගේ වැඩ(කෞ)
ගාලු පාරේ බොහෝ වෙළෙන්දෝ මිනිසුන් මේ මාර්ගයේ යනවාට කැමති නැත. නමුත් මෙය සිතුවිල්ලක් පමණි. මේ මාර්ගය නිසා විශාල ප්‍රමාණයකට අදායම අහිමි වීමක් සිදු වුනි. කොහොම නමුත් මේ සෙල්ලම නැවැත්විය යුතුය. (බ)
වාහන නැති උන් ඊර්සියාවට කළ දෙයක් (බ)
එ්කත් සිංහල ජාතිවාදීන්ගේ වැඩක් කියාවිද (බ)
මේ වැඩේ අධිවේගයට ඉඩම් අහිමි වූ අය නම් කීයටවත් කරන්නේ නැහැ. ඒ අයට මිලියන ගණන් වන්දි ලැබුණු නිසා. මේ මාර්ගයේ රෑ දවල් දෙකේම වාහන දහස් ගණන් යනවා. ඒකට අකමැති දේශපාලන කුහකයන් කළ වැඩක් වෙන්න ඕනේ මේක. (බ)
මම ඉතා පැහැදිලිවම කියන්න අවශ්‍යයි පාරේ යන වාහනවල එන පොලිසියේ අය මගින් බැහැල කන්ද පහලට පයින් යනවා ඔය කියන හරියේදී. ඔවුන් වැඩ ඇරිල එන්නේ යුනිෆොර්ම් එක අන්ද ගෙනමයි. මේක ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න (බ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරන දී මාර්ගයට සිදුවන හානි සඳහා වාහනය ඉවත්කර ගැනීමට ප්‍රථම, වාහන හිමියන් විසින් අලාභය ගෙවිය යුතුයි. මෙවැනි දේ සඳහාත් වාහන හිමියන් තමන්ගේ රක්‍ෂණයමත යැපිය යුතුයි. කෙතරම් සාධාරණද.......? (බ)
අපේ රට ඉතින් දියුණු වෙයිද? (නි)
ඕක එක්තරා ලෙඩක්. ඕක තිබෙන්නෙ ලංකාවේ විතරයි. එම ලෙඩේට නම් ගොඩක් තිබෙනවා. කුහකකම, ඊර්ෂ්‍යාව, මෝඩකම, පණ්ඩිතකම සහ ලෝභය යනාදී ලෙස. පිටරට වලත් පාලු හයි වේ තිබෙනවා. නමුත් මෙවැනි දේවල් වෙන්නෙ නැහැ. (නි)
අධිවේගී මාර්ගය සම්පුර්ණයෙන්ම ආවරණය වෙන විදියට ආරක්ෂක කැමරා පද්ධතියක් නැතිකම ලොකු අඩුවක් නේද ? මාර්ග නීති කඩකරන්නන් කොටුකර ගැනීමටත් එය අවශ්‍යම දෙයක් නේද ? (බ)
ඉස්සර හඳට පොලු ගහපු කට්ටියගේ ඥාතීන් තවම ඉන්නවා වාගෙයි. තමුන්ට නැති නිසා අනුන්ගේ සැපතට ඊර්ශ්‍යා කරන මිනිසුන් ඕනෑතරම් රටේ ලෝකේ ඉන්නවා. අධිවේගී මාර්ගය හදපු ළඟදිත් කට්ටියක කන්දක් උඩ ඉඳන් ගල් ගැහුව සිද්ධියක් මතකයි. (බ)
යට කරගෙන යන්න තිබුනනේ (බ)
මේකට වෙන කිසිදෙයක් කරලා වැඩක් නෑ අධිවේගී මාර්ගය පදිකයන්ට තහනම් කර ගමන් කර සිදුවන වැරදි වලට නීතිය ක්‍රියාත්මක නොකරන බව සියලුදෙනා දැනුවත් කරන්න එවිට කරන්න ඕනේ දේ රියදුරන් කරාවී ආයේ නොයෙන්න පාරට (බ)
වාහනයට එකෙක් හරි යට කරලා දාන්න තිබුණෙ (අ)