(ජේ.ඉඳුරුවගේ)
තම රැකියා සුරක්ෂිත කර දෙන ලෙසත් රැකියා අහිමි වුවහොත් එසේ කරන අයට දඬුවම් ලබා දෙන ලෙසත් ඉල්ලමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අංශ කීපයක සේවකයෝ පිරිසක් අද (2) කන්දේ විහාරයේ කාලි දේවාලයේ පොල් ගැසුහ.
රජයේ වග කිවයුත්තන් විසින් අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ හේතුවෙන් තමනට මෙලෙස රැකියා අහිමිවීමේ අවදානමක් ඇතිවේයැයි බියක් පවතින බව එම සේවකයෝ පැවසුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයි වේ එකට අධිපති දෙවියන් වැඩ ඉන්නේ ආර්.ඩී.ඒ දේවාලේ බව මේ ගොල්ලෝ දන්නේ නැතුවා වත්ද?
වැඩක් කරන්නේ නැහැ. බැලුවොත් නිකන් ඉන්නේ වැඩට එන්නේ නෑ පින් පඩි ගන්නේ. තව රැකියාව ආරක්ෂා කරගන්න පොල් ගහනවා. අනේද කියන්නේ...
අම්මපා මේ වගේ රැලක් එක්ක රට කොහොම දියුණු කරන්නද?
තරුණයින්ට රැකියා දෙමු.
දේශපාලන පත්වීම්කාරයෝ.. 500 ක් විතර ඉන්නව, දවසට එන්නේ 100යි ...අනෙක් අය පින් පඩි.
අධිවේගී මාර්ගයට මෙපමණ සේවකයන් ප්‍රමාණයක් කුමටද අනවශ්‍ය සියල්ලන් ඉවත් කර දමන්න
අනේ ඉතින් මේ පිරිස අතර වැඩි දෙනාගේ උප්පැන්න සහතිකවල ආගම කියන තැන බෞද්ධ කියලා නේද..? හරිම අසරණ තත්ත්වයක වර්තමාන ලාංකික බෞද්ධයා..!
පොල් ගහ ගහ ඉන්න ළඟදීම ඕකත් විකුනනවා. ණය බර නිසා.
කිසිම කැබිනට් තීරණයක් නැතිව බොරුවට කලබල කරනවා.
පහත් මානසික තත්වයෙන් තවමත් මිදිය නොහැකි රාජ්‍ය සේවකයෝ සහ විරුද්ධ පක්ෂ. ශ්‍රී ලංකාව කවදා දියුණු වේවිද? බහුබූත නොකර විකල්ප ක්‍රියාමාර්ග යෝජනා කිරීම නොවේද කලයුත්තේ..
කතා කලොත් නියම බෞද්ධයො. ගෙවල් වල පිරිත් ඳාගත්තු ගමන් ඉන්නෙ. මෙතන ඇවිල්ල පොල් ගහනව තව කෙනෙකුට කරඳරයක් වෙන්න කියල. අනේ අපේ රටේ මිනිස්සු..!
ජනතාවගේ බදු මුදල් වලින් ඔහෙලාට පින් පඩි ගෙවන්න බැහැ. පොල් බැරිනම් ගල් ගහ ගන්න!
සෙනග ඉන්න වෙලාවටවත් හදිස්සියට වැඩකරන්න බැරි අඩුවෙන් ඉතිරි සල්ලි දෙන මෙගොල්ලන්ට දෙයියො බලයිද පොල් නාස්ති නොකර හිටියොත් හොඳයි
මේගොල්ලෝ හිතන් ඉන්නේ හයිවේ එක ආණ්ඩුවේ කියලද? ඒක දැනටමත් චීනෙට විකුනලා ඉවරයි හිටපු ජනපති
කාලයක් පොල් ගහගෙන ගහගෙන ආවා , නමුත් අපරාදේ පොල් ටික. කිසිම වැඩක් වුන බවක් ඔබ දුටුවාද? ළඟකදී එක බලගතු දෙවි කෙනෙකුට කලින් දවසේ සවස ඉඳන් පහුවදා දවල් වෙනකම් බඩගින්නේ ඉන්න වුනා. ඒත් කාටවත් දඬුවමක් පැමිනවුන බව ඔබ දුටුවා ද ? ඒක නිසා වෙන්න ඇති දැන් යක්ෂණියන් ඉදිරියේ පොල් ගසන්නේ. මොනවා කරන්නද ඉතින් , මේ කලින් පොල් ගහපු උදවිය විසින් මෙතැනට පත්කරන ලද කණ්ඩායමක් වෙන්න ඇති. ඔය පොල් ටික නැති බැරි අයට දුන්නා නම් ඒ උදවිය ඔබලාට පිං දෙයි.
පෙනෙන විදියට නම් මත්තල වගේම නිල් බලකායේ කට්ටියක් වගේ..
මේක මාර වැඩක්නේ. කරදර එන්නත් ඉස්සෙල්ලා පොල් ගහනවා. දෙවියොත් මේවා අහනවද?
මේ අය මොන ආගමකද මන්දා, බෞද්ධ නම් වෙන්න බැහැ... මොකද බුදු වදන් වලට අනුව දේවාල ගානේ ගිහින් පොල් ගහන්න කියලා නැහැනේ.
අපේ කට්ටිය යන්නේ ඉන්දියාවේ දෙවියෝ ගාවට. ඔයගොල්ලොත් ඉන්දියානු දෙයියෝ හම්බවෙලා කපුරාළලාට නැත්නම් පුතාට ගාණක් දුන්නොත් කාරණේ කරගන්න පුළුවන් ....