බිමල් ශ්‍යාමන් ජයසිංහ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී ජිප් රථයක් පෙරලීයාමෙන් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් හා පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ නැටුම් උපදේශිකාවක් ලෙස රැකියාව කරන නදිරා චන්ද්‍රමාලි නැමැති 45 හැවිරිදි කාන්තාවකි.
මිද්දෙනිය ප්‍රදේශයේ මල ගෙදරකට සහභාගි වී යලි කොළඹ බලා පැමිණෙමින් සිටියදී ජිප් රථය ලිස්සා ගොස් ආරක්ෂක වැටෙහි වැදී පෙරලීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසියි කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පෙනුමෙන් නම් මොන්ටෙරෝ සපෝර්ට් එකක් වගෙයි. L200 ඩබල් කැබ් එකට එස් යු වී බොඩි එකක් සවි කරලා කියලයි හැමෝම කියන්නේ. මේ වාහනේ ගුරුත්ව කේන්ද්‍රය අවශ්‍ය තැනට ඉහලින් තිබෙන නිසා වේගයෙන් යනකොට තියුණු වංගුවක් ගත්තොත් විසිවෙන්න ඉඩතියෙනවා.
අනාරක්ෂිතව රිය පදවපු රියදුරා ට මොකුත් කියන්නේ නැතුව. වාහන නිර්මාණය ගෙන කතාකරනවා ලංකාවේ ගොඩක් අය තමන් දන්නා දේට වඩා කියවන්නේ නොදන්නා දේ ගෙන. මිට්සුබිෂි වැනි ආයතන ඔයවගේ මෙයා කියන සිල්ලර දේවල් කරලා වාහන වෙළදපොලට නිකුත් කරවී කියලා හිතන්න බැහැ. ප්‍රංශයේ අදිවේගී මාර්ගයේ අනතුරු වුන ඩයනා ගේ කාර් එකේ ගුරුත්ව කේන්ද්‍රය මෙයා කියන විදිහට අහසේ වෙන්න ඇති තියෙන්න ඇත්තේ. දවසකට අධිවේගී මාර්ග වල දහස් ගණන් අනතුරු වෙනවා ඒවාට වග කියන්න ඕනේ අනාරක්ෂිතව රිය පදවන මෝඩ රියදුරෝ මිසක් වාහන හදන ආයතන නොවේ.
ලංකාවේ අධිවේගී මාර්ගයේ අනතුරු වලට හේතුව බොහෝ දුරට රියදුරාට ක්ෂණිකව නින්ද යාම සහ බොහෝ රියදුරන් තම ලෙන් එකේ යන්නේ නැතිව මැදට වෙන්න යන එකත්, ඉස්සර කිරීමට යාමේදී පසුපසින් එන වාහන ගැන කිසිම තැකීමක් නොකොට සිග්නල් නොදමා එකවර මං තීරුව මාරු කිරීමත්ය පැයට කි.මි 100 ධාවනය කරන කොට ගුරුත්වාකර්ෂණ ප්රශ්නය මතු වන්න තරම් තියුණු වැලමිටි වංගු අපේ අධිවේගී මාර්ගයේ නැත .
වාහනයක් වේගයෙන් යනකොට ලිෆ්ට් ෆොර්චේ එක වැඩිවෙනවා. එ්කේ ප්‍රතිඵලයක් තමයි... රෝද පාරත් එක්ක තියෙන ඝර්ෂණය අඩු වෙලා පාවෙනවා වගේ තත්වයක් ඇතිවෙන එක. මේ වගේ වේලාවකදී පොඩි ගේට්වීමක් වුනත් හානිය වැඩියි. ඩිෆෙන්ඩර් රථය කොයිවිදියට පෙරලුණත් රෝද යටට හිටින්නේ. එ්කට හේතුව ගුරුත්ව කේන්ද්‍රය ඉතාම පහළින් පිහිටන විදියට එය නිර්මාණය කිරීම...