(ඉන්දිකා රාමනායක )
ගතවු මාස 5 ක කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන නීති කැඩු බව කියන රියදුරන් 19,837 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මොවුන්ට දඩ පත්‍රිකා දීමෙන් සහ අධිකරණයට ඉදිරිපත් කර දඩ වශයෙන් රුපියල් කෝටියකට ඉතාම ආසන්න මුදලක් (99,19,930 ක්) රජයට උපයා දී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
මෙම වසරේ ජනවාරි මස 01 වැනි දා සිට මැයි මස 15 දක්වා කාලය තුළ මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.
අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් 7127 දෙනකු ද, මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 2189 දෙනකු ද, අදුරු වීදුරු සහිත රථ ධාවනය කිරීමෙන් 1378 දෙනකු ද, සංඥා පුවරුවට විරුද්ධව ධාවනය කරවීමෙන් 180 දෙනකු ද, වමෙන් නොපැදවීමෙන් 197 දෙනකු ද ජංගම දුරකතන භාවිතා කරමින් රථ ධාවනය කිරීමෙන් 346 දෙනකු ද, විදුලි පහන් වැරදි සම්බන්ධයෙන් 4007 දෙනකු ද ,රියදුරු බලපත්‍ර නොමැතිව රථ ධාවනය කිරීම සම්බන්ධයෙන් 108 දෙනකු ද, බීමත්ව රිය පැදවීමෙන් 21 දෙනකු ද,වාහන නැවැත්වීම හා නවතා තැබීම සම්බන්ධයෙන් 244 දෙනකු ද, ඇතුළු විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොදයි මේ නීතිමය පියවර රටේ සියලු ප්‍රධාන මර්ගවලටත් මේ ආකාරයෙන්ම යොදවන්න එසේම නොසැලකිලිමත් රථවාහන ධාවනය, වමෙන් ඉස්සර කිරීම, සිග්නල් නොමැතිව රථ හැරවීම , බස් නැවතුමෙන් පිට බස් රථ නැවත මගීන් ගැනීම , අනවශ්‍ය ලෙස මාර්ගයේ බස් රථ නවතාගන කල්මැරීම ,මාර්ගයේ ඉඩ තිබියෙදී මාර්ගය මැද අවහිර වන ආකාරයට රථ ධාවනය (ත්‍රී වීල් හා යතුරුපැදි ) යන සියල්ලටම දඩුවම් නියම කල යුතුය මේ දේවල් කල යුත්තේ අදායම් බලාගෙන නොව රියදුරන්ගේ විනය ඇති කිරීමත් ජනතාවගේ පහසුවත් සදහාය
වේගයට අදාල වාහන අතර නියමිත පරතරය පවත්වා නොගැනීමට දඩ ගැසිය යුතුයි. මා දැක ඇති පරිදි බොහෝ රියදුරන් ඉතාම පටු පරතරයකින් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කරයි. මෙය ඉතාම අනතුරුදායක තත්වයක්. පිට රටවල තත්පර දෙකේ රීතියක් තියනවා. තමන්ට ඉදිරියෙන් ගමන් ගන්න වාහනයේ පසුපස අන්තය කණුවක් වැනි සලකුණක් පසුකරනවිටම බින්දුව .... එක ... දෙක ... කියා සාමාන්‍ය වේගයෙන් ගණන් කරන්න. අදාල සලකුණ දෙක කියන්න පෙර ඔබගේ වාහනයේ ඉදිරිපසට ලඟා උනොත් ඔබ එනව ලඟ වැඩියි. හැබැයි වැස්ස වෙලාවට හෝ වාහනයේ ටයර් ගෙවිලනම් හෝ බ්‍රක් මදිනම් හෝ දහයට ගණන් කරත් ඇඟට ගුණයි.
ලංකාවේ බොහෝ රියදුරන්ට තවමත් අධිවේග මාර්ගයේ ධාවනය පිලිබඳ අවබෝධයක් නැති බව තේරෙනවා.
වෙනත් මාර්ගවලත් මෙවැනි දඩ ආදායමක් ලබාගන්න පුළුවන් , නමුත් දඩකොල දෙනවා වෙනුවට පොලිසිය පගාවක් ගහල රියදුරෝ නිදහස් කරනවා , අධිවේගේ කැමරා සහ තාක්ෂනය නිසා හොරකම කරන්න අපහසුවේ, අනිත් මාර්ගවලත් දියුණු තාක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කලොත් , නියම දඩ ආදායමක් ලබාගත හැක