සංවර්ධන විශේෂ විධි විධාන පනත දකුණු පළාත් සභාවට ඉදිරිපත් කර ඡන්දය විමසීමෙන් පසු වැඩි ඡන්ද 19කින් අද (27) පරාජයට පත්විය.

දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා අද පනත සභාවට ඉදිරිපත් කළ අතර මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ අදහස් දැක්වීමෙන් පසු ඡන්දය විමසීම ආරම්භ කැරිණි.

පනතට විපක්ෂව ඡන්ද 33ක් හා පක්ෂව ඡන්ද 14ක් හිමිවූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ඊට විරුද්ධව ඡන්දය ලබා දුන්හ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනා පමණක් ඊට පක්ෂව ඡන්දය දුන්හ.