(සිරංගිකා ලොකුකරවිට)
ආපදා හේතුවෙන් දකුණු පළාතේ පාසල් සිසුන් අට දෙනකු මියගොස් තවත් අට දෙනකු අතුරුදන්ව ඇතැයි දකුණු පළාත් ආපදා කළමනාකරණ විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රසාංජලී ගමගේ මහත්මිය පවසයි.
ඉන් වැඩිම සිසුන් පිරිසක් මියගොස් ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි.
මාතර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් හය දෙනකු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි.
අතුරුදන් වූ අට දෙනාම මාතර දිස්ත්‍රික්කයෙනි. ඔවුන් අට දෙනාම දෙනියාය කලාපයේ මොරවක කණිෂ්ට විද්‍යාලයේ දරුවන් වන අතර ඔවුන් සියලු දෙනාම අතුරුදන්ව ඇත්තේ කොටපොළ කන්ද නාය යාමෙනි. එම ස්ථානයේ සිරුරු සොයමින් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd