ශ්රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ කැලණිය දළුගම දාස ව්‍යාපාරයේ නිර්මාතෘ එස් ඩී ගුණදාස මහතා (83) අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ දාස මුදලාලි මාතර තලල්ලේ ඉපදී හැත්තෑව දශකයේ කොළඹ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු විය.
ඔහුගේ දේහය කොළඹ ජාවත්ත පාරේ අංක අට දරණ ස්ථානයේ තැන්මත් කර ඇත. අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (10) සවස හතරට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතය.
1931 සැප්තැම්බර 05 වැනි දා සුන්න දෙනියේ ගුණදාස (දාස මුදලාලි) තලල්ලේ දී ඉපදුණේය. ඔහුගේ පියා එස් ඩී රොමානිස් සිල්වා මහතාය. මව කළුහාමි මාතාවයි. සහෝදරයන් තිදෙනකුගේත් සහෝදරියකගේත් පවුලේ බාලයා වූයේ ගුණදාස මහතාය.
මවගේ සැකැස්ම හා සකසුරුවම් ගතිය ඔහුගේ ව්‍යාපාරවල පදනම වන්නට ඇතැයි ඔහුගේ සාර්ථකත්වය පිළිබඳ ඩේලිනිවුස් පුවත්පතට ලිපියක් ලියූ කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා කියයි.
මව ගමේ දී ලනු ඇඹරීම සංවිධානය කළ ආකාරයත්, පසුව එය පාඩමකට ගෙන පාසල් කාලයේ ළමයිනට පැන්සල් කොපිපොත් ආදිය විකුණා යම් මුදලක් සොයා ගැනීමත් දාස මුදලාලිගේ චරිතයේ කැපී පෙනන ලක්ෂණයක් විය
ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳහලක් වීම ආරම්භ කරන ලද්දේ දාස මුදලාලි විසිනි. ඔහු තලල්ලේ සිට කොළඹ අවුත් බඩු පෙට්ටි හිසේ තබාගෙන සෙරප්පු දෙකක්වත් නැතිව කොළඹ වීදි ගානේ ගියේය. ඉන් පසු අත් කරත්තයක බඩු පටවාගෙන ගියේය.
ටිකෙන් ටික ඔහුගේ ව්‍යාපාර දියුණු වෙද්දී සහෝදරයෝද කොළඹට ආහ.
ඔහුගේ සුවිශේෂ ලක්ෂණයක් වූයේ දවසේ වෙළෙඳාම් වියදම හා ලාභය පොතක සටහන් කිරීමය. ලාබයක් ලද විටක ඔහු සත හැටකට බුරියානි පිඟානක් මිලට ගත්තේය. ඒ රාත්‍රී ආහාරයටය. ඩියූරෝ කමිසය හඳුන්වා දුන් ඔහු ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයේ ද පුරෝගාමියෙක් විය.. ඉන් පසු ඔහු ලොව සුප්‍රකට පියරේ කාර්ඩින් කමිසය ශ්‍රී ලංකාවේ නිපදවීමේ අවසරය ද ලබා ගත්තේය.
ආගමට දහමට නැඹුරු ජීවිතයක් ගත කළ ඔහු ඒවායේ දියුණුවට බෙහෙවින්ම අතහිත දුන්නේය.
මාතෘ නිවාස, පෙර පාසල් හා වැඩිහිටි නිවාසවලට ද ඔහුගේ ආධාර නොමසුරුව ලැබිණි.
ඔහුගේ බිරිය ද ඔහුගේ ගමේම කාන්තාවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා හදවපු ගොඩනැගිල්ලක සෙවනේ මමත් ඉගෙන ගත්තේ ඔබතුමා සුගතියකම ඉපදේවා (නදී)
ඔබ තුමාට නිවන් සැප ලැබේවා ! (නදී)
ඔබට නිවන් සුව පතමි. (ස)
නිවන් සැප ලැබේවා! ඔබ කළ සේවය අගය කරමි (නදී)
බොහොම ආදර්ශමත් මහත්මයෙක් අපිට ඉගෙනගන්න දේවල් ගොඩයි (නදී)
එතුමාගේ චරිතය හා උත්සාහවන්ත භාවය වර්තමානයේ සිංහල තරුණයන්ට අගනා ආදර්ශයක්. එතුමාගේ චරිතාපදානය පොතක් වශයෙන් පලකිරීමේ අදහස කාලෝචිතයි. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (අ)
හැමෝම පිලිගන්නවා ලංකාවේ අංක එකේ දක්ෂ මොලයක් තියන පුද්ගලයින්ගෙන් එක්කෙනෙක්. දේශීය අනන්‍යතාවක් එක්ක මිනිසුන් දහස් ගානක් ජීවත් කරවපු එක්කෙනෙක්. ඒ පිනම වටිනවා අාත්ම ගනනකටම. නමුත් අවසාන කාලේදී දේශපාලන සහ විවෘත ආර්ථික රැල්ලට මුණ දෙන්න බැරි උණා. තමන්ගේම යටතේ හිටපු අය (කල දුටු කල වල ඉහගත්) නිසා ව්‍යාපාර වැටුනා. අවසාන කාලෙත් ව්‍යාපාර දේපලවලට අඳුරු හෙවනැල්ලක් වැටුනා. සමහරවිට ඒ හිතේ අමරුවත් තියෙන්න ඇති. කොහොම උනත් කරපු පින් ඇති. ඔබට නිවන් සුව! (නදී)
රටක් වටින මනුස්සයෙක්. ඔබට නිවන් සුව ලැබේවා (නදී)
මේ උතුම් මිනිසාට නිවන් සැප ලැබේවා! (නි)
ඔබතුමා සැබෑ අංවක චරිතයක් (නි)
ඔබට නිවන් සුවයම අත්වේවා! (නි)
දක්ෂ ව්‍යාපාරිකයෙක් (නි)
මුල අමතක නොකළ විශිෂ්ට ගනයේ උතුම් මනුෂ්‍යයෙක් ! නිවන්සුව පතමු. (නදී)
රටට ජාතියට ආදර්ශමත් මහත්මයෙක්. දාස මහතාට නිවන් සුව ලැබේවා! (නදී)
පසුගිය පොසොන් පෝය දවසේ මෙතුමාත් මැතිනියත් දරුවනුත් නාගදීප පින්බිමට පැමින නාගදීප දෙමල ජනතාවට දහවල් අහර පරිත්යාග කර මහා පින්කමක් කළා . නාගදීප විහාරයේ සංවර්දනය සදහා ද ලොකු පරිත්‍යාගයක් කලා , මනුස්ස ජිවිතයක් ලබා දෙවියෙක් වගේ ජීවත්ව සිට පරලොව සැපත් ගුණදාස මෙතිදුන්ට නිවන් සැප පතමු. (දී)
1974-1975 කාලයේ මෙතුමා ලංකාවේ පළමු කෝටිපතියා. අපි නිතර මෙතුමා ගැන කතාකරනවා. පසුගිය කාලයේ සොයා බැලුවට ආරංචියක් නැතී උනාට අද ලැබුන ආරංචිය ඉතාම දුක් බරයි. ගරු සිරිමාවෝ මැතිනිය කාලයේ ඔබට ලබුන අත හිත අනිත් අයගෙන් නොලැබුණේ තරුණයින්ගේ අවාසනාවට. " ඔබතුමා මේ ආත්මයේ කල පින අනන්තයි " නිවනට මග පාදාගත් මෙතුමා හරිම වාසනාවන්තයෙක් . (නදී)
ඔබතුමාට නිවන් සුව!! (නි)
එතුමා රටට ආදර්ශයක් ජනතාවට ආදර්ශයක් තමන්ගේ උත්සාහයෙන් දියුණු වෙච්චි මිනිහෙක්. අපි හැමෝටම හොඳ ආදර්ශයක් තමන් ස්වඋත්සාහයෙන් දියුණු වී අන් අයටද ආදර්ශයක් දී විශාල පිරිසකට රැකියා ලබා දී මෙහෙවරක් කළ ඔබ තුමා රටක් වටින මනුස්සයෙක්. ඔබට නිවන් සුව ලැබේවා!! (නදී)
දකුණේ දක්ෂයා, මනුස්ස ආත්මයට පැමිණි දෙවියා. (නදී)
පිරිපුන් හදවතක් හිමි ඔබට ඔබට නිවන් සුව ! (නි)
ඔහුගේ සුවිශේෂ ලක්ෂණයක් වූයේ දවසේ වෙළෙඳාම් වියදම හා ලාභය පොතක සටහන් කිරීමය. ලාබයක් ලද විටක ඔහු සත හැටකට බුරියානි පිඟානක් මිලට ගත්තේය. ඒ රාත්‍රී ආහාරයටය. ඩියූරෝ කමිසය හඳුන්වා දුන් ඔහු ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයේ ද පුරෝගාමියෙක් විය.. ඉන් පසු ඔහු ලොව සුප්‍රකට පියරේ කාර්ඩින් කමිසය ශ්‍රී ලංකාවේ නිපදවීමේ අවසරය ද ලබා ගත්තේය. මෙතුමාගේ ජිවිත කතාව කවුරු හරි දක්ෂ ලේඛකයෙක් පොතක් වශයෙන් පලකරනවා නම් එය බොහෝ දේශීය ව්‍යාපාරිකයින්ට හොඳ අත්වැලක් වේවි. නැති බැරිකම කියා කියා වැඩ කල් දමන මෝඩයින්ට, කම්මැලිකමට කල යුතු දේ හරියට නොකරන සිසුවන්ට පාඩමක් වේවි. රටක් වටින මනුස්සයෙක්. ඔබට නිවන් සුව ලැබේවා!! (නදී)
නිවන් සුව අත්වේවා! (නි)
ඔබතුමාට නිවන් සැප! (නි)
මොහුගේ පුත්තු එතුමා ගොඩ නැගු ලෝකය විනාස කලා.(අ)
ඩියුරෝ නිෂ්පාදන අතින් බලන කල ශ්‍රී ලංකාවේ ගාමන්ට්ස් නිර්මාතෘ දාස මුදලාලි යයි කීවොත් නිවැරදියි. ඩියුරෝ සාරි,කමිස මදුරුදැල් ,නිෂ්පාදනය කලේ , එතුමා උපන් ප්‍රදේශයේ කාන්තාවන්.ට නේවාවාසික පහුකම්,ආහාර තුන් වේල නොමිලයේ දී මහඟු සත්කාරයක් කළා.කෙසේ වෙතත් දේශපාලන පලිගැනීම් මත නිෂ්පාදන අඩාල උනත් වෙනත් අංශයකින් හෝ ඉදරි ගමන යාමට අවස්තාවක් නොලැබුණේ එතුමා උදව්කල,යටතේ හිටපු අයවලුන් උපදෙස් දීමට වඩා ඒ දැනුමෙන් පෞද්ගලික ව්‍යාපාර ආරම්භ කල නිසාය. කෙසේ වෙතත් සිංහල බෞද්ධයෙක් හැටියට අපි අද ..ආඩම්බර වෙන්නේ ඩියුරෝ .... අදත් බැබලෙන සිංහල බෞද්ධ ධජය නිසාය. !!එතුමාට දෙව්, මිනිස් සැප කෙලවර අමාමහ නිවන් සුව අත්වේවා !!!(අ)
දේශීය නිෂ්පාදන වලට මුල් තැන දුන් හිත හොද මාතර මිනිසා ... (දී).
නිවන් සැප ලැබේවා! ආදර්ශමත් චරිතයක් (නදී)
තමන්ගේ උත්සාහයෙන් දියුණු වෙච්චි මිනිහෙක්. අපි හැමෝටම හොඳ ආදර්ශයක් . දේශපාලන කටයුතු කෙසේ වෙතත් හොඳ මනුස්සයෙක් . නිවන් සැප ලබාගන්න ඔබ කරපු පින් හොදටෝටම ඇති. දහස් ගණන් මිනිසුන්ට රක්ෂාවල් දීපු එකම ඔබ තුමාට නිවන් දකින්න මාර්ගය විවර කරවී. ඔබට අජරාමර නිවන් සුව !!! (ස)
ඔබතුමාට නිවන් සැප! අර දෙසපලුවෝ ගැන නොවෙයි මෙන්න අපි කතා කලයුතු මිනිස්සු! (දී)
අර තලල්ලේ පාර අයිනෙම තියෙන දාස හොස්පිටල් එක එයා හදවපු එකක් නේද (නදී)
ඔබතුමාට නිවන් සැප ලැබේවා! (නදී)
දාස මුදලාලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක් බව ඇත්ත උනාට ශ්‍රී. ල. නි. පක්ෂයේ "ආරම්භක සාමාජිකයෙක්" කියලා නම් විශ්වාස කරන්න අමාරුයි. (නදී)
විවෘත ආර්ථිකය නිසයි ඔහුව බන්කොලොත් වුනේ. ඔබට නිවන් සුව (නදී)
සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙකු වූ මෙතුමාගේ ව්‍යාපාරය වල පල්ලට යැව්වේ දේශපාලන පලිගැනීම් කල කාලකන්ණි දේශපාලකයෝය. දාස ව්‍යාපාරය දිගටම දියුණු වුනානම් ආසියාවේ දියුණුම ව්‍යාපාර වලින් එකක් අපේ රටේ සිංහලයෙකු සතු වන්න තිබුනා. මමත් ඩියුරෝ කමිස ඇඳපු කෙනෙක්. ජාතියේ වාසනාවට පහලවූ ලක් පුතෙකුගේ ඉදිරි ගමන ජාතියේ අවාසනාවට පහලවූ පාහර දේශපාලකයින් විසින් වැළැක්වුවා. දාස මැතිදුන්ට නිවන් සුව අත් වේවා! (නදී)
ඔව් දසුන්, මොහු ව්‍යාපාර ලෝකය ජයගත්තා.ඔහු පැමිණි ගමන්මඟ දෙස බලනවිට විශාල ගෞරවයක් ඇති වෙනවා. (නි)
හොඳ මහත්මයෙක් (නි)
මෙතුමාගේ ජිවිත කතාව කවුරු හරි දක්ෂ ලේඛකයෙක් පොතක් වශයෙන් පලකරනවා නම් එය බොහෝ දේශීය ව්‍යාපාරිකයින්ට හොඳ අත්වැලක් වේවි. නැති බැරිකම කියා කියා වැඩ කල් දමන මෝඩයින්ට, කම්මැලිකමට කල යුතු දේ හරියට නොකරන සිසුවන්ට පාඩමක් වේවි. (නදී)
කොහොම වුණත් අද ඉන්න අයට වඩා මෙතුමා ඉතා හොඳ කෙනෙක්. (නි)
අද අපට ආදර්ශයට ගැනීමට සිටින පුද්ගලයින් විරලයි. දාස යනු එකතරා විදියක වීර චරිතයක්. පදික වේදිකාවෙන් මහා මන්දිරයක වාසයට ඒමට වාසනාව ලැබුවද තමන්ගේ චරිතයේ හෝ ප්‍රතිපත්ති වල වෙනසක් කරගත්තේ නැහැ. බොහෝ දෙනෙකුට මේ යුග පුරුෂයා මහඟු ආදර්ශයක්. (නි)
නිවන් සැප ලැබේවා! (නදී)
බොහොම හොඳ ආදර්ශවත් චරිතයක් (නි)
ඔහුගේ බිරියට ඔහු ගැන මොනතරම් භක්තියක් තියෙන්න ඇද්ද ජීවත්වෙන කාලයේ? දාස මුදලාලි සාමදානයේ සැතපේවා! (නි)
අද ව්‍යාපාරිකයන්ට හොඳ ආදර්ශයක්. ඔබට අමාමහ නිවන් සුව! (නි)
ඔබතුමාට නිවන් සුව! (නි)
ඔබතුමාට නිවන් සැප ලැබේවා! (නි)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් මිනිසෙකි. ඔබ තුමාට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමි.(අ)
තමන් ස්වඋත්සාහයෙන් දියුණු වී අන් අයටද ආදර්ශයක් දී විශාල පිරිසකට රැකියා ලබා දී මෙහෙවරක් කළ ඔබ කුමාට නිවන් සැප ලැබේවා (නදී)
ඔබතුමාට නිවන් සැප ලැබේවා! (නි)
එතුමා ජීවිතය ඇරඹූ හැටි නවකතාවක වගෙයි. ඇත්තටම මනුෂ්‍යයෙකුට එහෙම කරන්න පුළුවන්ද කියලත් හිතෙනවා. එතුමා ආශ්චර්යයක්. මේ වගේ තව කී දෙනෙක් ලංකාවේ ඉන්නවා ඇද්ද? (නි)