දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය, පරගස්තොට ප්‍රදේශයේ කිලෝමීටර් 18.1 කණුව අසලදී අද (29) පස්වරුවේ සුඛෝපභෝගී මෝටර් රථයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වූ බව පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය, පරගස්තොට ප්‍රදේශයේ කිලෝමීටර් 18.1 කණුව අසලදී අද (29) පස්වරුවේ සුඛෝපභෝගී මෝටර් රථයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයිබ්‍රිඩ් වාහන මෙරටට ගැලපෙන්නේ නෑ අලුත්වැඩියා කිරීම් වලින් පස්සේ මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් ඒ වගේම නියම අමතර කොටස් නොදමා කරන වැඩ නිසාත් මේවා සිද්දවෙනවා .රටේ පවතින අධික උෂ්ණත්වයට මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. (ර)
යසස්, ඔයාට කවුද කිව්වේ හයිබ්‍රිඩ් ලංකාවට ගැලපෙන්නේ නැහැ කියලා.? අනිත් එක මෙතන ගිනි අරන් තියෙන්නේ මොකක්ද කියලා කොහොමද දන්නේ .? (ර)
අපරාදේ! කීයක් වටිනා වාහනයක් වෙන්න ඇද්ද? (නි)
කොහොමත් ලංකාවට ජපානයෙන් එන්නේ මොන තත්වයේ වාහනද කියල කව්ද දන්නේ ? එත් ඉතින් කොම්පැනියෙන් ගන්න බැහැනේ අලුත්ම වාහන මිල අධික කම නිසා. අනික ජපානයෙන් එන වාහන වල සහතික වෙනස් කරලා තම ගොඩාක් වාහන විකුණුම් කරුවන් ගෙන එන්නේ. උදාහරණයක් හැටියට ඩිලිවරි වෑන් වලට සීට් ගහලා විකුණන ඒවා. කිසිම මගී ප්‍රවාහනයකට හරියන්නේ නැහැ. (ර)
අසු ගණන්වල, අනු ගණන්වල යකඩ ගොඩවල්ම පොලිෂ් කර කර පදින අයටම හොඳයි යසස් වගේ අයගෙ අදහස්! (නි)
මේක නම් අනිවාර්යෙන්ම පසුගිය රජයේ වැඩක් කියලා තමයි අපි කියන්නේ. නැත්නම් කොහොමද නිකන් කාර් ගිනිගන්නේ? (නි)
ඔන්න ඕක වහලා දාලා වී වේළන්න ගත්තා නම් ඔය කරදර මොකුත් නැහැනේ. (නි)
මම දන්නා තරමට දැනටම හයිබ්‍රිඩ් වාහන 5ක් ගිනි අරගෙන තියෙනවා හයිවේ එකේ. ඔක්කොම එකම මොඩල් එක (නි)
මම නම් කියන්නේ මේවට හේතුව රියදුරන්ගේ නොසැළකිල්ල (නි)
දැන් මේ වගේ අනතුරු ගැන නිතරම අහන්න දකින්න ලැබෙනවා (නි)
ඉන්දියන් වාහන මිල අඩුයි. ගිනිගන්නා සුළුයි. පරිස්සමින්! ඒ වගේම අනතුරු වලදී අලාබහානිත් වැඩියි (නි)