දවල් කෑමට යද්දී තම කණ්ඩායමේ වාහන හරස් කළ දකුණු පළාත් ඇමැතිවරයකු එජාප මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියකු වන ප්‍රේමසිරි සමරකෝන්ට පහර දුන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියයි.
දවල් කෑමට යද්දී තම කණ්ඩායමේ වාහන හරස් කළ දකුණු පළාත් ඇමැතිවරයකු එජාප මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියකු වන ප්‍රේමසිරි සමරකෝන්ට පහර දුන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර පොඩි පොඩි ගැටුම් තිබුනට අපේක්ෂකයෝ බොහොම මිත්‍රශීලීව ඡන්ද ව්‍යාපාරය ගෙනියනවා. ඒ දවස් වල අද වගේ නෙමෙයි, පයින් ඇවිදලා, ගෙයින් ගෙට ගිහින් ඡන්දය කලේ. 1970 දැදිගම අතුරු මැතිවරණය වෙලාවේදී මට මතකයි, ඩඩ්ලි සේනානායක මහත්මයත්, ධර්මසිරි සේනානායක මහත්මයත් මගදී හම්බ වෙලා ටිකක් කතා කර කර ඉදලයි ගියේ. එහෙමට තිබ්බ රටකට අවුරුදු 40 - 50 ඇතුලත වෙච්ච දේ.(නදී)
ඇන්ඩෘ මහත්මයෝ 1960 මැතිවරණ දෙකක් , 1965 හා 1970 කියන මැතිවරණ මොන තරම් සුන්දරද? සාමකාමීද ? මොන තරම් විනෝද ජනකද ? සුළු සුළු ආරවුල් ඇතිවුණත් ජය පරාජය කවුරුත් සතුටින් විද ගත්තා. අනේ ඒ යුගය කිසිම දිනක මේ රටේ නැවත ලැබෙන එකක් නැහැ. මතකය අලුත් කරගන සැනසෙමු. (නදී)
අැන්ඩෘ, දැදිගම අතුරු මැතිවරණය මතකද? ඩඩ්ලි මහත්තයා මැරුණට පස්සේ තිබ්බ ඡන්දේ. (නදී)
මනාප පලා බබ්බු සෙල්ලම පටන් ගත්ත දවසේ ඉදල රටේ දේශපාලනේ බල්ලට ගියා. බල්ලෝ මට සමා වෙන්න ඕනේ මෙහෙම ලිව්වට. (නදී)
මේවට නඩු දාන්නේ කොහොමද ? (නදී)
වරද කළ කෙනාගේ නම දාන එක හොඳ අයට කරන සාදාරණයක් ලෙසයි මම නම් දකින්නේ (නි)
දැන් කට්ටිය "විපක්ෂ බලු මැක්කටත්" බයයි වගේ. (නදී)
පහරකාපු අයගේ නම කිවුවා වගේ පහරදුන් අයගේ නම් ටිකත් කියන්නකෝ (නි)
ප්‍රේමසිරි මහත්මයා, ඕවා මරු විකලෙන් කරන වැඩ. පොඩ්ඩක් ඔහොම ඉවසලා ඉන්නකෝ. (නදී)
නිවෙන්ට ලං වෙද්දී පහන් දැල්ල නටනවා. (නදී)
ඉස්සර අපේ වමේ සමගි පෙරමුණේ නායකයෝ වුණේ සිරිමා බණ්ඩාරනායක, කොල්වින්, ඇන්. ඇම්, වික්‍රමසිංහ, වගේ අය. උගත් වැදගත්, නියම නායකයන්. අපේ ගම වල හිටියේ පාරම්පරිකව මේ නායකයින්ව අදහා ගෙන වැඩ කල අය. අනේ අපොයි ඒ පෙරමුණට ගිය කලක් හැබැටම. දැන් ඉන්නේ කවුද හැබැටම. (අ)