(රොමේෂ් මධුෂංඛ)
ස්වාභාවික විපත් අවස්ථාවකදී තිරිසන් සතුන් වන නයි මුගටින්ට එකට ඉන්නට හැකි නම් දකුණේ විපතට පත් ජනතාව වෙනුවෙන් ජාති ආගම් කුල භේද නොසලකා උතුරේ ජනතාවගේ සෙනෙහස අවශ්‍ය වී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා පැවසීය.
ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ දකුණේ ගංවතුර ගැලීමෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ආධාර එක්රැස් කිරීමේ කාර්යාලයක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී විවෘත කළ අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.
දකුණේ සහෝදර ජනතාවට උතුරේ සෙනහසේ ආධාර අවශ්‍ය බවටත් වෙනත් පළාත් වලින් දකුණේ ජනතාවට ලැබෙන ආධාරයන් වලට වඩා උතුරේ ජනතාවගෙන් ලැබෙන ආධාරයන්හි වටිනාකම වැඩි හෙයින් අද (31) සිට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට හෝ එහි නිලධාරීන්ට උතුරේ ඕනෑම පුද්ගලයෙකුට සංවිධානයකට අධාර ලබා දීමට කටයුතු යොදා ඇති බවත් ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න කතාව.. ජය වේවා! හැබැයි ඉතින් මේවා මෙහෙම ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕන නැහැ. ඒ හැඟීම නිරායාසයෙන්ම පැමිණිය යුතුයි. එතකොට තමයි සිංහල අපිට හොඳටම දැනෙන්නේ උතුරේත් ඉන්නේ අපේම අය කියල.
හම්බවෙයි බලන් ඉන්න.
සල්ලි දුන්න නම් ඇති. ද්‍රව්‍ය එපා ..
විපක්ෂ නායකතුමා කොහෙද ඉන්නේ ? උතුරේ ඉන්න සමහරක් මිනිස්සු හොඳ නැහැ.
මොනවටද ඒ අය හිඟා කන්නේ ?
අපි පොඩ්ඩක් හිතන්න ඕනේ දෙයක් තියෙනවා මේ අවස්ථාවේ.. දකුණේ මහා ගංවතුර නිසා බොහෝ පීඩා විඳිනවා . ඔබ උතුරු දෙසට යන්න.. දැඩි නියඟය නිසා වගා පාලු වෙලා.. බොන්න හරිහමන් විදිහට වතුර නැහැ. ඒ මිනිස්සුත් ඉන්නේ අන්ත අසරණ වෙලා.. එහෙන් ලැබෙන දෙයක් සතුටින් බාරගමු....
සංහිඳියාව පෙන්වනවා නම් මෙන්න හොඳම අවස්ථාව...
ඒ අයට ඕනේ අනිත් මිනිස්සුන්ට ඕනේ දෙයක් කියලා තමන්ගේ වැඩේ විතරක් කරගන්න...
උතුරේ ජනතාවගෙන් සමහරක් ගොඩක් සතුටුයි දකුණේ වෙන සමහර දේවල්වලට...