(සිතුම් චතුරංග)
උතුරු පළාතට මාස කිහිපයක සිට වර්ෂාව නොලැබීමත් සමඟ පවතින නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 130,243ක පුද්ගලයින් 440,531 දෙනකු ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව එම පළාතේ දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ජල ගැලීම් හේතුවෙන් දකුණු පළාතේ පවුල් විශාල පිරිසක් අවතැන්ව සිටින අවස්ථාවේ උතුරු පළාතේ වර්ෂාව නොමැතිව ජල අවශ්‍යතා සපුරාගැනීමට නොහැකිව ග‍්‍රාම නිලධාරී කොට්ඨාස 670ක ජනතාව මෙලෙස පීඩාවට පත්ව ඇතැයි අපදා කළමනාකරණ නිලධාරීහු කියති.
නියගයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හා ප‍්‍රදේශිය ලේකම් කාර්යාල ඔස්සේ ජලය බෙදාහැරීම කරන බවත් උතුරු පළාතට ඉදිරි සති කිහිපය තුළ හෝ ප‍්‍රමාණවත් තරම් වර්ෂාව නොලැබුණහොත් ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින ගණන ඉහළ යා හැකි බවත් එම මධ්‍යස්ථානය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමාට රැස්වීමක් අමතන්න ඉඩ සලස්සවන්න
මොනවා නැතත් ආණ්ඩුව( විශේෂයෙන් ජනාධිපතිතුමා ) මේ ගැන නම් ඉක්මනට හොයල බලයි. වන්දිත් දෙයි බලන්නත් යයි
රටක පාලකයින් අධර්මිෂ්ඨ වෙන කොට මෙවන් විපත් වෙනවා. දැන්වත් ඔය වෛරීකමින් මිදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. පාලකයනි අතීතය දෙස බලනු මැනවි.
කරුමේ, මිනිසුන් අතර තරහව සහ කෑදරකම.