ජාත්‍යන්තර ”සේව් ද චිල්ඩ්රන් ” ආයතනය 2015 වර්ෂය සඳහා සකස් කළ “ලෝකයේ මව්වරුන්ට හිමි තත්ත්ව දර්ශකය” ට අනුව ශ්‍රී ලංකාව එහි 92 වැනි ස්ථානය ලබාගෙන ඇත. මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියා කලාපයේ රටවල් අතර ප්‍රථම ස්ථානයට පත්ව ඇත. මෙම දර්ශකයේ දී මාලදිවයිනට ද හිමිව ඇත්තේ 92 වැනි ස්ථානයයි.
”ලෝකයේ මව්වරුන් හිමි තත්තවය පිළිබඳ දර්ශකයේ ” පළමු , දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් නෝර්වේ, පින්ලන්තය සහ අයිස්ලන්තය යන රටවල් ලබාගෙන ඇති අතර දර්ශකයේ අවසාන රටවල් මධ්‍යම ජනරජය, කොන්ගෝව සහ සෝමාලියාව පත්ව ඇත.
රටවල් 179 ක් යොදාගෙන සකස් කළ මෙම දර්ශකයේ සඳහා “කාන්තාවන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය , අධ්‍යාපනය ලැබීමේ හැකියාව, ආර්ථික දියුණුව සහ කාන්තා දේශපාලන සහභාගිත්වය”යන කරුණු පිළිබඳ මෑතකාලින දත්ත යොදාගෙන ඇත.
නේපාලයට 114 වැනි ස්ථානයට ද , භූතානය 122 වැනි ස්ථානය ද , ඉන්දියාවට 140 වැනි ස්ථානය ද, පාකිස්ථානයට 149 වැනි ස්ථානය ද , ඇෆ්ගනිස්ථානයට 152 වැනි ස්ථානය ද හිමිව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තු අම්මව මරණ රටේ මේ තරමින් ගිය මදැයි !(හේ)
ඕවායේ ඇත්ත නැත්ත ලංකාවේ ඉන්න අයගෙන් ඕනා දැනගන්න.(ම)
දකුණු ආසියාවෙන් ඔබ්බට කවදද (ම)
ඒ අයට එක එක විදිහට නිර්නායක හදාගෙන තමන් එක කියල තෝරනවා. මගේ අම්මා තමයි අම්මල අතර අංක එකට ඉන්නේ. (බ)
විදේශ වල සිටින ඇතැමුන්ට මෙය දරාගත නොහැකිවා වාගේය.මව්වරුන්ට (සාපේක්ෂව)යහපත් අප රටට ලැබී ඇති ස්ථානය ගැන සතුටුවිය නොහැක. එහෙත්, කලාපිය සෙසු රටවල් දෙස බැලීමේදී අප ලබා ඇති ස්ථානය පිළිබඳව අපට වඩාත් සතුටුවිය හැක. (නි)