ඉන්දියාවේ නවදිල්ලි නුවර දැන් පැවැත්වෙන නව වැනි සාක් පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව තරග (9) ජවහර්ලාල් නේරු ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ.පළමු අවසන් පූර්ව තරගය අද පස්වරු 3ට සත්කාරක ඉන්දියාව හා මාලදිවයින අතර ද, දෙවැනි අවසන් පූර්ව තරගය පස්වරු 6ට ඇෆ්ගනිස්ථානය හා නේපාලය අතරද පැවැත්වේ.අවසන් මහා තරගය අනිද්දා (11 වැනිදා) පැවැත්වෙන අතර ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 50000ක (රුපියල් 60 ලක්ෂයකට අධික) මුදල් ත්‍යාගයක් ප‍්‍රදානය කෙරේ. ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු සාවියෝ මෙදිරා මහතා එහිදී පැවසුවේ, ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි තමන්ට මෙවර තරගාවලිය ජය ගැනීම පිළිබඳ සැකයක් නොමැති බවයි.1993දී ආරම්භ වූ මෙම දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය ”රන් කුසලාන” සාෆ් කුසලාන ආදී නම් කීපයකින් හඳුන්වනු ලැබුවත්, 1997 සිට එය ”සාක්” පාපන්දු සම්මේලන කුසලාන ලෙස හැඳින්වීම ආරම්භ විය.1995දී රන් කුසලාන පාපන්දු තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව කොළඹදී සමත් වුවත් එදා මෙදා තුර මෙම තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව සිටියි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd