ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන් නුවර දී අද (1 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 121 ක ජයක් අත්කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණ අප්‍රිකානු කණ්ඩායම ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 307 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල ඕවර 37.5 කදී ලකුණු 186 කට දැවී ගියේය.
තරගයේ පන්දුවෙන් පන්දුව විස්තර සඳහා http://tinyurl.com/hn7ksea
වෙත පිවිසෙන්න.
තරගයේ සවිස්තර වාර්තාව සඳහා http://sinhala.wisdensrilanka.lk/
වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙල්ලම් කරන්නේ දිනන්නමද? දක්ෂ ලෙස ඒ අවස්ථාවේ සෙල්ලම් කරපු අය දිනයි. නියම ක්‍රීඩා ප්‍රේක්ෂකයන් ලෙස ක්‍රීඩාව නරඹා රස විඳීමට ඉගෙනගන්නා තාක්කල් අපට ක්‍රීඩා තරඟ නැරඹීම නිකම් දුක් විඳීමක් පමණක් වේවි. (නි)
දකුණු අප්‍රිකාව ලකුණු 300 ගැහුවා. අපේ කණ්ඩායමට ලකුණු 200 වත් ගහගන්න බැහැ. අර දක්ෂතා දක්වපු සික්කුගේ ප්‍රසන්න වහාම කණ්ඩායමට ගන්න (නි)
අපේ ටීම් එක දකුණු අප්‍රිකාවෙදි අඩු ලකුණුවලට අවුට් වෙනවා. ඒකෙන් රූපවාහිනී නාලිකාවලට පාඩුයි. මොකද තරගය ඉක්මනට ඉවරවෙන නිසා. ටොස් එක දිනලත් ඒ අයට බැට් කරන්න කිව්වේ ඒ නිසා කියලයි මට හිතෙන්නේ (බ)
මෙම තරඟයේ විස්තර ප්‍රකාශ කරපු අය පුල පුලා කියපු දෙයක් ටොස් එක දිනලත් මේ වාගේ තණනිල්ලක පළමුව බැට්කරන්න ප්‍රතිවිරුද්ධ පිලට දීපු එක ඉතා පුදුමසහගතයි කියලා. ඒකෙන්ම පේනවා අපේ අය ඉල්ලන්කාපු හැටි සහ ඔවුන්ගේ අවබෝධයක් නොමැතිකම. (නි)
දැන් ලංකාව තරඟයකට යවන සල්ලි වලින් අහිංසක මිනිසුන්ට කෑම දෙන්න. මොකද මෙයාලට වියදම් කරන්නෙ අහිංසක මිනිස්සු බදු ගෙවන සල්ලි (නි)
ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්නනම් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලක්ෂ ගණන් පඩි ගෙවන එක නවත්වලා සාමාන්‍ය පඩියක් ගෙවන්න ඕන. බොරුවට රටේ සල්ලි නාස්ති කරන්න එපා. (බ)
පරාජය ඉතින් අපිට අලුත් දෙයක් නෙමෙයිනේ (නි)
නුවන්, ශ්‍රී ලංකන් ක්‍රිකට් බෝර්ඩ් එක ලංකාවේ මිනිස්සු බදු ගෙවන සල්ලි සතයක්වත් ගන්නේ නැහැ. (නි)
යහපාලනය ආවත් හරි හැමදෙයක්ම කම්බස් (නි)
අපේ අය මොකද දන්නෙ නැහැ දැන් කියන්නේ? (නි)
අරවින්දට එන්න කාලේ හරි (නි)
ලංකාවෙ කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් නැහැ. ඒකයි වෙලා තියෙන්නෙ. දැන් අර කාලයක් සෙල්ලම් කරපු නැති චතුරංග සිල්වා කියලා කෙනෙක්ව එදා මැච් එකට ගත්තා. වැඩක් වුණාද? වැඩකට ඇති මැදපෙළ ක්‍රීඩකයෙක් අපිට නැති එකයි අවුල. කෝ සීකුගේ ප්‍රසන්න? ඇයි ඒ වගේ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්නෙ නැත්තෙ? (නි)