ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර පෝට් එළිසබෙත්හිදී අද පැවැති පළමු එක්දින තරගයේදී කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්රිකානු පිල සමත් විය.
ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 181 කට දැවී ගිය අතර ඕවර 34.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 185 ක් ලබාගැනීමට දකුණු අප්රිකානුවෝ සමත් වූහ.
තරගයේ පන්දුවෙන් පන්දුව විස්තර සඳහා http://tinyurl.com/jl94tqb වෙත පිවිසෙන්න
තරගයේ විස්තර වාර්තාව සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයක් නැහැ. අපේ ක්රීඩකයො ඉතාම ඇල්මැරුණු විදිහට ක්රීඩා කරන්නෙ. 181ක් ගහපු එකත් ලොකු දෙයක්. සංක්රාන්ති සමයක පසුවෙන අපේ කණ්ඩායම රිද්මය හොයාගන්න ගත් කාලය වැඩියි කියලයි හිතෙන්නෙ. පරාජයටත් වඩා හිතට දුක විලිලැජ්ජා නැති විදිහට පරදින එක. තව ටිකක් ඉවසලා බලමු. (නි)
මෙතැන හොඳටම පේනවා චන්දිමාල්, උපුල් තරංග,වගේ දිගටම ෆේල් වෙන ක්රීඩකයො දිගටම කණ්ඩායමේ තියාගෙන ඉන්නේ ඇයි කියල?බලන්න සීකුගේ ප්රශ්න,තිසර පෙරේරා ,චාමර කපුගෙදර ,වගේ ටිකක් හයිය හත්තිය තියෙන දක්ෂ අයට මොකද කරලා තියෙන්නේ,,,දක්ෂයෝ ගෙදර තියාගෙන හංගගෙන, ඇවිදගන්නවත් පන නැති මෙලෝ රහක් නැති මැච් 100 කදී ලකුණු 100ක් ගහන මේ අදක්ෂයෝ තියාගෙන ඒ මදිවට ශ්රී ලංකා කියල රටේ නමත් ගහගෙන මෙයාල රටම හිනස්සනව, දේශපාලුවෝ රටම කනකන් අපි අන්ධයො වගේ බලන් ඉන්නවා. (අ)
ක්රිකට් පාලක මණ්ඩලේ ඉන්නේ අන්ධ ගොළු බිහිරෝද?දක්ෂයෝ එළියේ තියන් වැඩ බැරී ටාසන්ලව දාගෙන ලංකාවේ ක්රිකට් විනාශ කරන්නේ? (අ)
සුදුස්සෝ යවනවා නම් අපේ අය දිනනවා (නි)