ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව පරදවා ඉනිමක සහ ලකුණු 118 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව අද (14 වැනිදා) සමත් විය. මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් දකුණු අප්‍රිකානුවෝ ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගත්හ.
පළමු ඉනිමේදී ලකුණු 426 ක් ලබාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකා පිලේ පළමු සහ දෙවැනි ඉනිම පිළිවෙලින් ලකුණු 131 කට සහ 177 කට සීමා කළේය
සම්පූර්ණ විස්තර සිංහලෙන් කියවන්න
http://sinhala.wisdensrilanka.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ ලංකාවේ ක්‍රිකට් වලට ගිය කලක්! ලෝකේ හැම ක්‍රිකට් ක්‍රීඩා කරන රටක්ම ඉදිරියේ අපි ලංකාවේ කියන්න තරම් ආඩම්බරයක් අපේ ක්‍රිකට් වලට තිබුණා. ඒක මෙතෙක් කාලයක් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ඉතාමත් අමාරුවෙන් ගොඩනඟාගත් එකක්. අද මේ රටේ දේශපානය ක්‍රිකට් වලට රිංගීම නිසා ජාතික කණ්ඩායමට ක්‍රීඩාකරන නුසුදුස්සන් නිසා අපේ රටේ ක්‍රිකට් අවුරුදු ගානක් ආපස්සට ගෙන ගිහින්. සම සමව සිටි රටවල් සමඟ නින්දාසහගතව පරාජය වෙන තැනකට ඇවිත්. (නි)
ඔව් මානෙල්, තව අවුරුදු 20 ක්වත් යන්න වෙනවා ජය ලබන්න. එතකොට ඔයා සහ මම දෙන්නම නැතිවෙලා පොළව යට ඉඳලා තමා බලා ඉන්න වෙන්නේ. (නි)
කුමාර් සංගක්කාරලව ක්‍රිකට් පිටියෙන් එලව ගත්තු උඹලට ඔහොම වෙලා මදි? ජයග්රහණයේදී ඔලුවේ අන් එන ජාතියකට කවදාවත් ඉදිරියට යන්න බැහැ. එහෙම උන්ට අනාගතයකුත් නැහැ. (බ)
ඉනිමක පරාජයෙන් බේරෙන්න ලකුණු 300 කට වඩා ගන්න තියෙන වෙලාවක ඕවර 42 ට ලකුණු 177ක් ගහන කණ්ඩායමක් ලෝකේ ඉන්නවා නම් ඒ ශ්‍රී ලංකා කණ්ඩායමම විතරක්ම වෙන්න ඇති. (නි)
මානෙල් එහෙම ජයවේවා කිවුවේ දකුණු අප්‍රිකාවේ කොල්ලන්ටද? (නි)
මම නම් හිතුවා දැවැන්ත ජයග්‍රහණයක් අරගෙනම ලංකාවට එයි කියලා. ඒත් ප්‍රතිඵල පේනවනේ.... (නි)
මේ ආණ්ඩුව ආ දවසේ ඉඳලා තරඟ ටික පරාදයි. රටත් බංකොලොත් (නි)
ආපහු එමු එහෙනම් නේද? මොනවා කරන්නද? (නි)
රුවන්, අගමැතිද තේරීම් කමිටුවේ ඉන්නේ. (නි)
චමල්, දිනනකොට ආණ්ඩුව ලකුණු දාගන්නවා නම් පරදිනකොට එ්කේ වගකීමත් ආණ්ඩුව ගන්න ඕනෑ. (නි)
ඔව් විජේපාල, ඒක ඇත්ත. අපේ අයට වේග පන්දුවට මුහුණ දෙන්නම බැහැ. ලංකාවට අාවම දඟපන්දු යවන්නන්ට පමණක් යෝග්‍ය තණතීරු හදලා තරඟ දිනනවා. පිටරටකට ගියාම වේග පන්දුවලට මුහුණ දෙන්නත් බැහැ. (නි)
පැරදුනාම ගල් ගහන්න එපා. හැමදාම දිනන්න බෑ. සමහර කාල වලදී සමහර කණ්ඩායම් වලට ක්‍රීඩකයින්ට මෙහෙම වෙනවා. ආසියාවේ රටවල් වල මිනිස්සුන්ට ඕනේ තමන්ගේ කණ්ඩායම හැමදාම දිනන්නයි. (බ)
මැච් පරදින එකටත් ආණ්ඩුවට බනින රටක් මේක. අනේ මෙහෙම දූපත්වාසීන්. කවදා මොළෙන් හිතන්න පුරුදු වෙයිද මන්දා (නි)
යහපාලන ආණ්ඩුවෙන් ඉගෙනගෙනද මන්දා ක්‍රිකට් ටීම් එකත්. ගහන ගහන ගේම් එක පරාදයි. අනාගන්නවා (නි)
සිංහ රැළගේ නායකයා බැටළුවෙකු වූ විට මෙවැනි දේ සිදු වීම විමතියට කරුණක් නොව.අප කණ්ඩායමට නව නායකයකු නව මගපෙන්වන්නකු අවශ්‍යයි...(බ)
මැතිවුස්ට නායකත්වයෙන් යන්න කාලේ හරි වගේ. (බ)
ලැජ්ජයි මේවා ඇහෙනකොටත් (නි)
කණ්ඩායමේ සමහර තනතුරු ගැන තීරණයක් ගන්න කාලය හොඳටම හරි. (නි)
ජයවේවා අපේ කොල්ලන්ට කවදාහරි . නමුත් මේ ආණ්ඩුවේ ඉන්න ගෙම්බෝ එක්ක කරන වැඩ නම් හැමදාම පරජිතයි(අ)
ලැජ්ජයි ලංකාවේ ක්‍රිකට් ගැන කතාකරන්නත් (නි)
මේ විදියට පරදින්න මොකටද දෙවියනේ කෝටි ගණන් මුදල් නාස්ති කරන්නේ. එක ක්‍රිකට් ක්රීඩකයකුට මාසෙකට ලක්ෂ ගණන් පඩි ගෙවනවා නේද. මීට වඩා හොදයි නේද? දකුණු අප්‍රිකාවට පාසල් කණ්ඩායමක් යැවුවා නම් හොඳයි. මෙයාලට මේ විදියට ලැජ්ජාසහගත විදියට පරදින්න මෙච්චර පහසුකම් දෙන්න ඕනෑද. රට බේරගන්න ජීවිත පරිත්‍යාගයෙන් කැපවුණු ආදරණීය රණවිරුවන්ට පඩි විදියට ගෙවන්නේ සොච්චමයි නේද (නි)
ආණ්ඩුවට බනින එකේ තේරුමක් නැහැ. අගමැතිතුමා හොඳ කණ්ඩායමක් සංචාරයට තේරුවා. නමුත් අප්‍රිකාව වේගවත් තණතීරු හැදුවා. දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ අධික වේගයෙන් පන්දු යැවීම අපේ පරාජයට හේතුවයි (නි)
පසුගිය රජයේ වැරදි නිසා තරඟ පරදිනවා කියන්න කෙනෙක් නැද්ද දන්නෙ නැහැ (නි)
අපේ කණ්ඩායමේ දැන් ක්‍රීඩා කරන්නේ තරුණ නවකයෝ. ඒ විදේශ රටවල ක්‍රීඩා කරලා අත්දැකීම් එකතු කරගෙන පරිනත වෙන්න ඕනි. එකට තව ටික කාලයක් යාවි. මේ විවේචන කරන කට්ටිය අපිට ටෙස්ට් තත්ත්වය ලැබුන මුල් කාලයේ තරඟ වාර්තා අරන් බලන්න. අපි කොච්චර පසු ගාමීවද හිටියේ කියල. නමුත් 1996 දී අපි ලෝක සුරයොත් වුනානේ. අපි තුන් වතාවක් විතර සුරතාව අත ළඟටම ඇවිල්ල ගිලුහුනේ.තාම ද. අප්‍රිකාවට සහ එංගලන්තය ටත් බැරි වුනානේ ලෝක සුරයෝ වෙන්න. (බ)
පසුගිය කාලේ ක්‍රිකෙට් වල හිටපු උදවිය ඒ ඒ රටවලත් එක්ක ක්‍රිකෙට් ගහද්දි ගත්තු ණය නිසා ඒ ණය ගෙවන නිසා තවම බැරි වුනානේ ක්‍රිකට් සංවර්ධනය කරන්න ඒ නිසා අපි ක්‍රිකට් ගහද්දි නාගෙන පරදින්න හේතුව එකයි. (බ)
ලංකාවේ ක්‍රිකට් වලට සහ ක්‍රීඩකයන්ට අසුභ කාලයක්. (නි)