රුපියල් කෝටි දෙකක් වටිනා වල්ලා පට්ටා තොගයක් තම ගමන් මල්ලේ සඟවාගෙන සාජා බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු 33 වියැති කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ඔහු කටාර් ගුවන්සේවයට අයත් කිව්.ආර් 668 දරණ ගුවන්යානයෙන් සාජා බලා යාමට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත රේගු අධිකාරී සුදත් සිල්වා, නියේජ්‍ය රේගු අධිකාරී උපුල් ගෝනවල සහ සහකාර රේගු අධිකාරීවරුන් වන හර්ෂණ කුලසේකර, ජීවන්ත අහංගම, කුෂාන් ගුණවර්ධන, නිරෝෂ් කවිරත්න, අසංක ප්‍රියදර්ශන යන නිළධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජසන්තක කරන ඒවා රජයට ලැබෙනවද කියල දන්නේ කව්ද. මේවා මෙච්චර වටිනවා නම් වගා කරවල රටට ආදායම් ලැබෙන විදියට ක්‍රමයක් හදන්න බැරිද ? (නදී)
මේකත් දැන් වසංගතයක් වගේ වෙලා(නි)
මෙවැනි භාණ්ඩ රාජසන්තක කරනවාද? නැත්නම් ගන්නා රටකට දීලා මුදල් ලබාගැනීමක් කරනවාද? (නි)
ගුවන් තොටුපලේ රාජසන්තක කරන දේවලට මොකද වෙන්නේ? (දී)
බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ (දී)
ඔය රාජසන්තක කරනවයි කියන්නේ මොකක්ද .එතකොට මේ කරපු රාජසන්තක වැටලීම් වලට මොකද උනේ. (දී)
මිනිස්සු ඉක්මනින් පොහොසත් වෙන්න පරිසරය විනාස කරනවා (දී)
වල්ල පට්ටා කියන්නේ මොනවද? වල්ල පට්ටා ගන්නේ මොනවා හදන්නද? වල්ල පට්ටා කියන්නේ බෙහෙතක්ද? (නදී)