රුපියල් කෝටි දෙකක් වටිනා වල්ලා පට්ටා තොගයක් තම ගමන් මල්ලේ සඟවාගෙන සාජා බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු 33 වියැති කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ඔහු කටාර් ගුවන්සේවයට අයත් කිව්.ආර් 668 දරණ ගුවන්යානයෙන් සාජා බලා යාමට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත රේගු අධිකාරී සුදත් සිල්වා, නියේජ්‍ය රේගු අධිකාරී උපුල් ගෝනවල සහ සහකාර රේගු අධිකාරීවරුන් වන හර්ෂණ කුලසේකර, ජීවන්ත අහංගම, කුෂාන් ගුණවර්ධන, නිරෝෂ් කවිරත්න, අසංක ප්‍රියදර්ශන යන නිළධාරීහු සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
428
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙකෝටියක වල්ලපට්ටා රේගුවේ හිරවේ
දිනු Tuesday, 17 June 2014 02:56 PM
රාජසන්තක කරන ඒවා රජයට ලැබෙනවද කියල දන්නේ කව්ද. මේවා මෙච්චර වටිනවා නම් වගා කරවල රටට ආදායම් ලැබෙන විදියට ක්‍රමයක් හදන්න බැරිද ? (නදී)
විමුක්ති Tuesday, 17 June 2014 09:13 AM
මේකත් දැන් වසංගතයක් වගේ වෙලා(නි)
ගාමිණී - සිරි Tuesday, 17 June 2014 09:13 AM
මෙවැනි භාණ්ඩ රාජසන්තක කරනවාද? නැත්නම් ගන්නා රටකට දීලා මුදල් ලබාගැනීමක් කරනවාද? (නි)
උදයකාන්ත Tuesday, 17 June 2014 11:04 AM
ගුවන් තොටුපලේ රාජසන්තක කරන දේවලට මොකද වෙන්නේ? (දී)
ප්‍රසන්න Tuesday, 17 June 2014 11:45 AM
බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ (දී)
ඉසුරන්දි Tuesday, 17 June 2014 01:41 PM
ඔය රාජසන්තක කරනවයි කියන්නේ මොකක්ද .එතකොට මේ කරපු රාජසන්තක වැටලීම් වලට මොකද උනේ. (දී)
ප්‍රියා Tuesday, 17 June 2014 01:49 PM
මිනිස්සු ඉක්මනින් පොහොසත් වෙන්න පරිසරය විනාස කරනවා (දී)
සයුරි Tuesday, 17 June 2014 07:46 PM
වල්ල පට්ටා කියන්නේ මොනවද? වල්ල පට්ටා ගන්නේ මොනවා හදන්නද? වල්ල පට්ටා කියන්නේ බෙහෙතක්ද? (නදී)