රුපියල් දෙකෝටි අසු ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් සරමකින් ඔතාගෙන තම ගමන් මල්ලේ සගවාගෙන ඉරානය බලා යාමට පැමිණි ඉරාන ජාතිකයෙක් (37) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද (10) අලුයම අත් අඩංගුවට ගනු ලැබීය.

ඔහු ශ්‍රි ලංකාවේ ව්‍යාපෘතියක සේවය කරන අයෙකු බව රේගුව කියයි. ඔහු දස වතාවකට වැඩිය ඉරානයේ සිට මෙරටට පැමිණ ඇති බව කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබේ. අද උදැසන කටාර් ගුවන් සේවයට අයත් කිව් ආර් 655 දරණ ගුවන් යානයෙන් කටාර් හරහා ඉරානයට යාමට උත්සහ කරද්දී රේගුවට ලැබුණු ඔත්තුවක් මත සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ ගමන් මල්ලේ තිබී යුරෝ එක් ලක්ෂ හැත්තෑ හත් දහසක් සොයා ගත් බව රේගුව කියයි. 

0-02-06-9541c7ecaebbf4e56a0cbee0a82cbd32a63ea2b6fa4926a20f8311401e7b1e14_full 0-02-06-728812c14c8a671e9233c1ecf1a0921339913373bf62d5ada1d0a0cff75e51b8_full 0-02-06-b75d557ce875397fbf15682371a5f72c464ca1b78306a7ee4cb0c1f91f5c9912_full