IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


දෙකේ සිසුවා තවත් සිසුවකුට ගෙතුම් කට්ටකින් ඇනලා

(සිසිර කැලේගම)

පොල්පිතිගම නිකවැහැර විද්‍යාලයේ 2 වසරේ සිසුවකුගේ බෙල්ලට තවත් සිසුවකු ඇන   තිබූ ගෙතුම් කට්ටක් (වූල් කට්ටකින්) පැය තුන හමාරකට පමණ ශල්‍යකර්මයකින් පසුුව  ගැල වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් කීය. 

පාසල පටන් ගැනීමෙන් අනතුරුව උදේ කාලයේ දී පංති කාමරය තුල දී සිසුුන් දෙදෙනා අතර ඇති වු ආරවුලක් අතරතුර නිවසේ සිට ගෙනෙන ලද මෙම උපකරණය පාසල් බෑගයේ සඟවාගෙන සිටි එක් සිසුවකු අනෙක් සිසුවාගේ බෙල්ලට ඇණීමෙන් එය ශරීරය තුළට කිදා බැස තිබුණු එම කට්ට ගලවා ගත නොහැකිවී ඇත.

සිසුවා වේදනාවෙන් කෑ ගැසීම දුටු ගුරුවරු හා සිසුන් කලබළයට පත්ව ඇති අතර ඒ අවස්ථාවේ දී විදුහල්පති සුනිල් පේමරත්න මහතා තවත් ගුරුවරයකුගේ සහාය ඇතිව  යතුරු පැදියකින්  සිසුවා පොල්පිතිගම මුලික රෝහලට ඇතුලත් කළ බව රෝහල් සේවකයෙක් පැවසීය.

පොල්පිතිගම රෝහලේ දී පවා එය ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති නිසා සිසුුවා ඒ අකාරයෙන්ම කට්ට පිටින්ම කුරුණෑගල ශික්ෂණ රෝහලට කඩිිනමින් ගිලන් රථයයෙන් මාරු කර යවා ඉන් අනතුරුව එක්ස් රේ වාර්තා ලබාගෙන ඉන්ද්‍රිය පද්ධතියට හානියක් නොවන ආකාරයට සිද්ධියෙන් පැය තුන හමාරකට පමණ පසුව සැත්කමකින් එය ඉවත් කළ බවත්, සිසුවා දැනට  නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවත් කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග පවසයි.



අදහස් (0)

දෙකේ සිසුවා තවත් සිසුවකුට ගෙතුම් කට්ටකින් ඇනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1133 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site