ගංවතුර ගැලීම නාය යෑම හා ස්වභාවික විපත්වලින් සිය ගණනක් මිය ගොස් ගෙවල් කැඩී ලක්ෂ ගණනක් අවතැන්වී සිටියත් ඇතැම් පිරිස් එම ඛේදවාචකය ඔවුන්ගේ විනෝදයට හරවාගෙන ඇති බව බොහෝ පළාත්වලින් දැකගත හැකිය.
ගංවතුර බැලීමට යන ඔවුනට එය විනෝදයක් බව බොහෝ දෙනෙක් කියති.
කොළඹත්, පුත්තලමත්, අරණායක නාය ගිය ප්‍රදේශයේත් එවැනි පිරිසක් සෙල්ෆි ඡායාරූප ගනිමින් විනෝදවන අයුරු දැකගත හැකි විය.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර (පුත්තලම තබ්බෝව ජලාශය අසල)
ඡායාරූප - කෞශල්‍ය සමින්ද (අරණායක නාය ගිය ස්ථානයේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහලා පන්නලා දාන්නයි තියෙන්නේ. දුකක් නොහඳුනන මිනිස්සු (නි)
මේ වගේ වෙලාවක මෙවැනි වැඩ කරන අයට ගහලා පන්නන්න ඕනෑ. මේවට වෙන කියන්න දෙයක් නැහැ. (නි)
මේක එක්තරා මානසික රෝගයක්. සුවකිරීමට බෙහෙත් නොමැත (නි)
මේ අයට පිස්සුද? මොනවද මේ වැඩ? (නි)
ලංකාවේ මිනිසුන්ගේ නැව ගිලුනත් බෑන් චූන් මානසිකත්වයෙන් බැහැරවීමට අපට තව කොපමණ කලක් බලාසිටීමට සිදුවේද? (නි)
අනේ ලංකාවේ කවුරුත් නැද්ද මුන්ටික ඔය වතුර ගොඩට තල්ලු කරලා දාන්න (බ)
විනෝද වුණාට වරදක් නෑ නේ. වරද තියෙන්නෙ අනිත් අයට කරදරයක් වෙන විදියට විනෝද වෙන එක තමයි. කාලකෙට පස්සෙ මෙහෙම වහින කොට අහිංසක විදියට ෆන් එකක් ගත්තට වරදක් නෑ. ඒත් එක්කම ඵුලුවන් විදියට අනෙත් අයටත් උදව් කරන්න. ජීවිතයේ අහිමිවු යමක් හොයන්න ආව අය. මෙයාල අහිංසකයි. පෙන්නෙ නෑද්ද එයලගෙ මූණවල්. බොරුවට ලොකු වචන වලින් බනින්න එපා. (බ)
කිසිම හිතක් පපුවක් නැති අය (බ)
අනේ මෙහෙමත් මොලයක් නැති හරක්. වෙලා තියෙන දෙයක බරක් පතලක් තෙරෙන්නැද්ද මුන්ට. රටම දුකෙන් ඉන්නේ. (බ)
මේ දවස්වල එෆ්එම් නාලිකාවල යන සමහර බයිලා ගැනත් කතාකරලා වැඩක් නැහැ (නි)
අතේ ඇඟිලි දහය වුණත් එක සමාන නැහැනේ... (නි)
මෙයාලට මිනිසුන්ගේ දුක දැනෙන්නේ නැහැ. (නි)
නැව ගිළොනත් බැන් චුන් කියන්නේ නිකන්ද.? (ර)
මේක එක්තරා මානසික රෝගයක්. තැනක් නොතැනක් නොතේරෙන්නේ ඒ නිසයි. (නි)
අනිවාර්යයෙන් මේ නම් මානසික රෝගයක්. (නි)
නවීන තාක්ෂණය ගෝත්‍රික මානසිකත්වයත් සමඟ එකතු වූ විට මෙවැනි දේ සිදුවේ (නි)
මෙවන් පුද්ගලයින් හටද මෙවන් දුකක් දැනීමෙන් මෙම තත්ත්වය තේරුම්යනු ඇති බව මට සිතේ. (නි)
මෙයාලා මෙහෙ සෙල්ෆි ගැහුවට, එහෙ මෙයාලගේ ගෙවල් යටවෙලා. මෙයාලා දන්නේ නැතුව ඇති (නි)
'ගෝත්‍රික මානසිකත්වය' යනු කිමද සෝමපාල? (නි)
කාටවත් කරදරයක් නොකර යම්කිසි සිහිවටනයක් තමන්ගේ ඡායාරූපයත් සමඟ, තව කෙනෙකුගේ ආධාරයක් නොමැතිව ඡායාරූපගත කිරීම රෝගයක් වෙන්නේ කොහොමද..? (නි)
වඳුරන්ට කණ්ණාඩිය ලැබුනා වගේ. නරකද ගිහින් මිනිසුන්ට උදවු කළා නම් (නි)
අපිත් කොල්ලෝ. අපිත් සෙල්ෆි ගහනවා තමා. එ්ත් මේ වගේ මොහොතක..? මොවුන්ට බූ වල්ලෙන් තලලා එළවන්නයි තියෙන්නේ (නි)
මේ රටේ අමුඅමුවේ මිනිසුන් මරන හැටියට මේවත් කජ්ජක්ද? (නි)
මානසික ලෙඩ්ඩු තමයි මෙහෙම හැසිරෙන්නේ (නි)
අහිංසක මිනිසුන්ගේ දුකේදීත් මේ වගේ දඟලන්නේ තමන්ට කවදාකවත් මෙවන් දුක් පැමිණෙන බව අමතක, කවදාකවත් නොමැරෙනවා යැයි හිතන මිනිස්සු. (නි)
මේ නම් මානසික රෝගියෝ කට්ටියක් වගෙයි පෙනෙන්නේ (නි)
අබුද්දස්ස කාලෙනේ...! (නි)
අනේ අනිච්චං මෙහෙමත් විපරිත ලෝකයක්! (නි)
ලංකාවෙ මිනිස්සු හරි ආසයි මිනිස්සු අඬනවා දකින්න. විපතකදි ඇඬුවෙ නැත්තම්, සිහි නැතුව වැටුනෙ නැත්තම්, පපුවෙ අත්ගසාගෙන විලාප දුන්නෙ නැත්තම් ඒක මහා පුදුමයක්, නුසුදුසු දෙයක්, මහා පාපයක් විදිහටයි දකින්නෙ. (නි)
විනෝද වුනාට වරදක් නෑනේ. වරද තියෙන්නෙ අනිත් අයට කරදරයක් වෙන විදියට විනෝද වෙන එක තමයි. කාලකෙට පස්සෙ මෙහෙම වහින කොට අහිංසක විදියට ෆන් එකක් ගත්තට වරදක් නෑ. ඒත් එක්කම පුලුවන් විදියට අනෙත් අයටත් උදව් කරන්න. (බ)
සාක්කියට පිංතූර ගන්නවා. ගොඩ දෙනෙක් කියන්නේ බොරුමනේ (බ)
සමහරක් (බ)
මේක මේ පුද්ගලයන්ගේ ජීවිතයට අමතක නොවන අත් දැකීමක්. ඒක පොටෝ එකක් හැටියට සිහිවටනයක් ලෙස තබා ගන්න උත්සාහ කිරීම මානසික රෝගයක්ද? අවමගුලක් නැත්නම් හදිසි අනතුරක් ඡායාරූප ගත කිරීමත් මේ අනුව මානසික රෝගද? (බ)
මෙහි වරදක් මටනම් නොපෙනේ (බ)
ලංකාවේ එවුන් හැමදේකින්ම වෙනස් කියලයි ඔය පෙන්නන්නේ (බ)
මේ මිනිසුන්ටත් ඔහොම දෙයක් වුණා නම් තේරෙයි (නි)
සෙල්ෆි ගහන අයත් ඔහොම කරදරයක වැටුන වෙලාවට තමයි දුක තේරෙන්නේ (නි)
අනුන්ගේ දුක් කරදර ගැන හැඟීමක් නැති හිස් මිනිස්සු. (නි)
දුකකදී හැමෝගෙම හිත් උණුවන්නේ නැහැ (නි)
විපතක් සිදුවුණා තමා. බොරුවට වැළපීමෙන් වැඩක් නැහැ. අවශ්‍ය අයට ආධාර කරමු. කැමති කෙනෙක් මතක සටහනක් ලෙස ඡායාරූපයක් ගත්තාට කමක් නැති බවයි මම කියන්නේ. (නි)
හෙමෝම පොඩ්ඩක් අපේ රටේ අතීතය ගැන මතක් කළොත් අපේ මිනිස්සු ගෝත්‍රික තමයි. නමුත් ඒ ගෝත්‍රය තුළ තිබුනේ මෙත්තාව, කරුණාව, මුදිතව, උපේක්ෂාව වගේ බොහොම උසස් ගුණධර්ම. ඒ ගෝත්‍රික මානසිකත්වය බොහොම පරිපුර්ණ වෙලා තිබුනා උසස් ගුණධර්ම තුළින්. මේ පෙනෙන්නේ නවීන තාක්ෂණය ගෝත්‍රික මානසිකත්වය සමඟ මුසුවීමක් නොවේ. ගෝත්‍රික මානසිකත්වයෙන් මිදුණු උසස් පුද්ගලයන් නවීන තාක්ෂණය භාවිතා කරනා ආකාරයයි (නි)
කොහොමත් වඳුරන්ට කණ්ණාඩි, දැලි පිහි ලැබුනහම ඔයවගේ දේවල් කරනවා. සුමනපාල මහත්තය කියනවා වගේ නවීන තාක්ෂණය ගෝත්‍රික මානසිකත්වයත් සමඟ එකතු වූ මොහොතක්. පව් මේ මානසික රෝගීන් කියනවා ඇරෙන්න කියන දෙයක් නැහැ. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේවාට කියන්න වචන නැහැ (නි)
යහපාලනයේ වෙනස තමා අපි මේ විඳින්නේ (නි)
සෙල්ෆි ඡායාරූප ගන්නේ ෆොටෝ ගහන කෙනාවත් ෆොටෝ එකට වැටෙන නිසා. නැතිනම් ෆොටෝ එක ගහන්න තව එකෙක් හොයන්න වෙනවා. (නි)
අම්මා තාත්තගේ අවමඟුලට යන්නත් පේෂල් කරන හා කොණ්ඩ මෝස්‌තර කරන වනචාරීන් ඉන්න අපේ රටේ මේවා ගැන මොන කතාද? (නි)