සබරගමුව පළාත, ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (27) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  කියයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද එම දෙපාර්තමෙන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල, වව්නියාව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැති අතර , ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලයි.