(ගයාන් සූරිය ආරච්චි)
ත්‍රිරෝද රථයක් විකිණීමට ඇති බවට අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පලකර පොලිස් සැරයන්වරයකු සහ ගුවන් හමුදා සෙබළෙකු ලෙස පෙනී සිටිමින් දිවයින පුරා විවිධ පුද්ගලයන්ගෙන් අත්තිකාරම් මුදල් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ සහ සියඹලා ගුණය ප්‍රදේශයේ පදිංචි 43 සහ 47 වියේ පසුවන පෙදරේරුවන් දෙදෙනෙකි.
අන්තර්ජාලයේ දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව තමා පොලිසියේ සහ ගුවන් හමුදාවේ සේවය කරන බව පවසමින් දුරකථන ඇමතුම් ලබා දෙන පුද්ගලයන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා පොලිස් සැරයන්වරයකුගේ සහ ගුවන් හමුදා නිලධාරියකුගේ හැදුනුම්පත්වල ඡායාරූප ‘වට්සඅප්‘ හරහා ගැනුම්කරුවන්ට යවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කොළඹ මධ්‍යම කොට්ඨාශයේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකුගේ සහ ගුවන් හමුදාවට අනුයුක්ත සෙබලෙකුගේ නිල හැඳුනුම්පත්වල ඡායාරුප සැකකරුවන් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මහියංගනය, බදුල්ල, නුවරඑළිය, කටුවන සහ රාගම යන ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් අත්තිකාරම් මුදල් වශයෙන් 230,000 ක් පමණ මුදල් ගිණුම් වලට බැර කරගෙන තිබු බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd