රිලවු හා නයින් නටවමින් අත බලා සාත්තර කියන තෙළිගු ජනතාව සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කුතාඩි ,අහිකුණ්ටික යන වචන වලින් තම වර්ගයා හදුන්වා නොදෙන ලෙසයි. තෙළිගු ජාතිය නමින් ආමන්ත්‍රණය කරන ලෙස ඔවුහු ඉල්ලති.
මෙම ජනතාව ජිවත්වන ලංකාවේ කලාවැව විජිතපුර කොමාරිකා ගල යායේ 300ක් පමණ ජනතාවක් ජිවත් වෙති. ඔවුන් සංවිධාන ගතවී රැහේ නායකයෙක් පත් කරගෙන ඔවුන්ට ආවේනික වූ සංස්කෘති ආරක්ෂා කිරීමට පියවර ගනිමින් සිටිති.
ඔවුහු ගමේ ප්‍රජා ශාලා ක්‍රීඩා පිටි තනාගෙන පාරවල් සුද්ධ පවිත්‍ර කිරීම් කරති ඔවුන්ට ආවේනික වූ රැකියාව සිදු කිරීමද ජනතාවට වඩාත් සමීප ව සාධාරණව සිදු කිරීමට නීතිද පනවා ගෙන ඇත .තෙළිගු ජනතාවගේ නායකයා ලෙස පත්කරගෙන ඇත්තේ කේ .ආර්. අනවත්තු මහතාය. ගමේ සභාපති වරයා එම් .අජිත් ය. උපදේශක වරයා එස් .එරන්නා ය.
තෙළිගු ජාතික පිරිස අතීතයේ උතුරු ඉන්දියාවෙන් පැමිණි පිරිසකගෙන් පැවත එන්නකි .






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වල කතාකරන භාෂාවට තමයි තෙලිඟු කියන්නේ. මේ අය අතීතයේදී අන්ද්‍රා වලින් ලංකාවට සංක්‍රමණය වෙච්ච ජන කොටසක්. (කේ)
අප එම වචනය අද සිට භාවිතා කරමු. තෙලගු කීවාම ඉන්දියාව මතකයට එනවා. (අ)
තෙලිඟු භාෂාව දන්නවද දන්නෙත් නැහැ. තෙලිඟු කට්ටිය ඉන්නේ ඉන්දියාවේ අන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලන්ගානා ප්‍රාන්තයේ . තෙලිඟු ජනතාවගේ ප්‍රධාන රැකියාව ගොවිතැන . නමුත් මොවුන් රැකියාව කරන්නේ නයි නැටවීම, ශාස්ත්‍ර කීම ,රිලවුන් නැටවීම . (අ)
තෙලිඟු ජාතික ඉන්දියන් කාරයින් ඉන්නේ උතුරු ඉන්දියාවේ නොව දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයේයි. ඔවුන් කතා කරන්නේ තෙලිඟු භාෂාව වන අතර එය ද්‍රවිධ භාෂා වලට අයත් භාෂාවකි. දකුණු ඉන්දියාවේ මලයාලම් සහ දෙමළ භාෂා වලට සමාන කමක් දක්වන අතර එම සෑම භාෂාවක්ම එකිනෙකට තේරුම් ගත හැකිය. (කේ)
තෙලුගු අක්ෂර සිංහල වගේමයි. ඇත සිට බලන විට සිංහල අකුරු කියල රැවටෙනවා. විජය රජ්ජුරුවෝ අවේ තෙලගන ප්‍රාන්තයට අල්ලපු ප්‍රාන්තය වන ඔරිස්සා(ඔරියා බාෂාව කතාකරන ) සිට. ඔරියා තලගු සහ සිංහල සමාන වචන කිහිපයක් නම් කුල්ල, මාර්ග, මැටි, පටශාලා (පාසැල) අභ්‍යාස .... (කේ)
මේඅයට තමන්ගේ නිදහසට අනුව කාටවත් කරදරයක් නැතුව ජීවත් වීමට ඉඩදියුතුය මෙය අයට ඉඩම් වෙන්කරදීල ගොවිතෙන්කිරීමට පහසුකම් දියයුතුය සමාජට ගෙන තැනක් දෙමු (කේ)
සමන්ති මේ අයව මුණගැසුනොත් තෙලිගු බෂාවෙන් කතාකරන්න. එතකොට දැනගන්න පුළුවන් කට්ටියට තෙලිගු පුලුවන්ද කියල .(කේ)
තෙළිඟු ද්‍රවිඩ පවුලේ භාෂාවක්. තමිල් මලයාලම් කන්නඩ සහ තෙළිගු යනු ද්‍රවිඩ නමින් අමතන දේකට සමානයි (බ)
හැම මිනිසෙකුටම ඔව්න්ට අවේනික ආඩම්බරයක් තියනව .එක රැකෙ දෙන්න හැම කෙනෙක්ම බැදී සිටිනවා . සිංහල අපිත් අන් යට ගව්රව කරලා කතා කරන්න පුරුදේ වෙන්න ඕනි. තෙලෙගු වචනය වඩාත් හොදයි. රැකියාව කුමක් උවත් ඔවුන් මනුස්සයෝ . (කේ)
ජීවිතයේ යතාර්ථය හරියට තේරුම් ගත් පුද්ගලයා ජාති ,කුලමල ,ගෝත්‍ර අතරේ අතරමන් වෙන්නේ නැහැ රටේ කිසියම්ම ජනකොටසක් කොන්කර දමනවානම් එය ගැනෙන්නේ මානව හිමිකම් උල්ලංගනය කිරීමේ ක්‍රියාවකටයි.... (කේ)
ආර් . ප්‍රේමදාස ජනාධිපති සමයේ උදාගම් සංකල්පය යටතේ ඔවුන් මේ ප්‍රදේශයේ පදිංචිකළ බව අසා ඇති අතර උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව සිටින ප්‍රදේශවල මේ තෙළිඟු ජනතාව පදිංචි කළා නම් මේ අයට පහසුවක් බව මගේ හැඟීමයි.එය සංකෘතිමය සහ භාෂාමය ලෙසත් යම් සමානකම් ඇති බැවින් ඔවුන් තනිවූ බවක් නොදැනෙනු ඇති. (නි)
සතුන්ට හිංසා කිරීම නවතා දැමීමට ශ්‍රී ලංකාවේ සැමට අධ්‍යාපනයක් ලබාදිය යුතුයි (නි)
මෙම ලිපියට ලංකාදීපයට තුති! (නි)
මේ ලස්සන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන වැඩපිළිවෙලක් හදන්න. නම් ගම් වැඩක් නැහැ. (නි)
මේ විදිහට අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇනලා කියනතුරු අපි අපහාසාත්මක විදිහට අපේම රටේ ජන කොටසක් හැඳින්වීම ගැන මට ඇත්තේ තදබල ලැජ්ජාවක් කළකිරීමක් මා ගැනම.අනික් හැම ජාතියකම අයට ඇති සියළුම අයිතිවාසිකම් ඔවුන් සතුයි. හැමදාම නයි නැටවිල්ල සාස්තර කියවිල්ල වෙනුවට දරුවන්ට උඅගත්කම ලබාදී දියුණු සමාජයට යන්නට අතදීම අපි සැමගේම යුතුකම (නි)
හේමන්ත, ඔබ දන්නවද?උදාහරණයක් ලෙස ලංකාවේ චීන ජාතිකයන් ඉන්නවා සිංහල පමණක් දන්න. දෙමළ ජාතිකයන් ඉන්නවා සිංහල පමණක් දන්න. සිංහල ජාතිකයන් ඉන්නවා දෙමළ පමණක් දන්න. මෙය මොවුන් සියලු දෙනාම කාලයක් තිස්සේ ලැබූ සංස්කෘතිය අනුව සිදුවූ දෙයක්. ආගමික ඇදහීම් පවා වෙනස්වෙලා. මේ ළමයි යන ලංකාවේ පාසල්වල තෙළිඟු භාෂාව උගන්වනවාද දන්නේ නැහැ. සමහර සිංහලයන් ඉන්නවා සිංහලෙන් නම ලියන්න බැරි. (නි)
අර අහවල් ස්වාමින් වහන්සේ එහෙම දැනගත්තොත් වැඩේ ලේසි වෙන එකක් නැහැ .ඕන් කිව්වා . (නි)
ඒක හොඳ යෝජනාවක් (නි)
මේ දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් කව්රුත් උදව් කිරීම ලොකු පිනක් වගේම මිනිස් ජාතියට කරන ලොකු සේවයක් (කේ)
ඇත්ත. ඒක ඒ මිනිසුන්ගේ අනන්‍යතාවය (නි)
ශිෂ්ටසම්පන්න බවකුත් තිබෙනවා තෙළිඟු කියන වචනයේ (නි)
මේ සිංහලයන්ම වෙනුවෙන් කෑ ගසන මමත් සිංහල රජ උතුරු ඉන්දියාවේ කුරු කියන ප්‍රදේශයන් මෙහි පැමිණි එකෙකුගෙන් පැවත එන එකෙක්ලු. එසේ උතුරු ඉන්දියාවෙන් පැමිණි මිනිසුන්ට මෙහි සිටි සිංහලයන් හා අනුගත වී සිංහලයන් වුව. මේ දෙමල බස කතාකරන් අසින්හලයන්ට විතරි බැරි උනේ සිංහලයන් සහ අනුගත වීමට. හැමදාම ජාති වාදය රැක්කා වෙනම ජාතියක් වසයෙන් සිංහලයාගේ විනාශය මග . දැන් මේ ගොල්ලත් හදන්නේ සිංහලයාගේ විනාශයට මග පාදන්නද. බල පෙරේත කමට සිංහල අයිතිය පාවාදෙන, (බ)