(අංජුල මහික වීරරත්න)

 තහනම් උත්තේජක (තහනම් කරන ලද ලැයිස්තුව) නියෝග පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් ක්‍රීඩකයන් සඳහා තහනම් කර ඇති ද්‍රව්‍ය ලැයිස්තුව වාර්ෂිකව යාවත්කාලීන කරනු ලබන අතර, ඊට සමගාමී ව සම්මුතිගත රටවල්ද එම ලැයිස්තුව තම රට තුළ බලාත්මක කරනු ලැබේ. ඒ අනුව, 2026 වර්ෂයට අදාළ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව මෙරට තුළ බලාත්මක කිරීම සඳහා 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ විධි විධාන යටතේ, අංක 2471/51 දරන 2026-01-16 දිනැති අතිවිශෙෂ ගැසට්‌ නිවේදනය මඟින් 2025 අංක 11 දරන තහනම් උත්තේජක (තහනම් කරන ලද ලැයිස්තුව) නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 

එම නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.