(එච්. චන්දන, පත්මා කුමාරි කංකානම්ගේ )
තහනම් පළිබෝධ නාශක තොගයක් ඉන්දියාවේ සිට මෙරරට හොර රහසේ ගෙනැවිත් ප්රවාහනයට සුදානම් කරමින් සිටි සැකකරුවන් තිදෙනකු අද(13) අලුයම අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුත් මෙම පළිබෝධ පැකට්වල වෙළඳ නාමය අඩංගු වන අතර මෙහි ලංකාවේ භාවිතා කළ නොහැකි ග්ලයිෆොසේට් 71%ක් අඩංගු බව දක්වා තිබෙන බවත් පොලිසිය ලද තොරතුරක් අනුව මුහුදු මාර්ගයෙන් ගෙනැවිත් පනිඅඩිය ප්රදේශයෙන් ගොඩ බිමට ගෙන එන මොහොතේ ඒවා සොයාගත් බවත් පොලිසිය පවසයි.
බෝට්ටු දෙකක තිබු මෙම විස පළිබෝධ නාශක මලු 23 ක් පොලිසිය බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd