සේවයේ අවශ්‍යතා මත වහා ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු හතර දෙනෙක් හා සහකාර පොලිස් අධිකාරීවරු තිදෙනෙක් ස්ථාන මාරු කරනු ලැබ සිටිති.
කුලියාපිටිය ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී ආර් එම් හරිස්චන්ද්‍ර බණ්ඩාර ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ද, අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම් එච් කේ ඩී මහගෙදර කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයයේ අධ්‍යක්ෂ ලෙස ද, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී ආර් එල් රණවීර අම්පාර කොට්ඨාසය භාරව ද, පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ අයි ද ඒ ගුණතිලක ගල්කිස්ස කොට්ඨාස භාරව ද මාරු කර ඇත.
සහකාර පොලිස් අධිකාරී ජී ඩී එන් ගුණරත්න පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස ද, සහකාර පොලිස් අධිකාරී එස් එම් කීර්තිපාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට හලාවත කොට්ඨාසයේ වෙන්නප්පුව දිස්ත්‍රික් භාරව ද, සහකාර පොලිස් අධිකාරී ඒ ආර් පී ජේ අල්විස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සිට තංගල කොට්ඨාසයට ද ස්ථාන මාරු කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ ලඟ නිසා ඕනේ ඕනේ අය ඒ ඒ ප්‍රදේශ වලට දා ගත්තම වැඩේ ලේසියි. ඒ උනාට මේ පාර ජනතාව රවටන්න බැහැ ගියපාර වගේ දවස් 100 යට ඉස්සෙල්ලා.(නදී)
මේ ටික කාලෙට පුදුම මාරු කිරිල්ලක්නේ මාරු කලේ (නදී)
මේ තරමින් විතරක් මාරු කරන එක ඇති. එජාප ආණ්ඩුවක් ආවොත් ස්ථාන මාරුවීම් කියන්නෙ මොනවද කියල බලන්න පුළුවන්. (නදී)