IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තිස්සගේ පෙත්සම අදත් විභාග වේ

එක්සත් ජාතික පක්ෂයේ  හිටපු මහ ලේකම්  තිස්ස අත්තනායක  මහතා එම පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට එරෙහි ඔහු විසින්  ගොනු කැරුණු විරෝධතා පෙත්සම  අද (02)ශ්‍රේෂ්ධිකරණයේදී  සලකා බැලිණි.

සදුදාත් (01) අදත් (02) පෙත්සම  පිළිබඳව පුර්ණ විභාගයක් විනිසුරු  මණ්ඩලය සිදු කර ඇති බවටත්  ඒ අනුව හැකි ඉක්මණින් සාධාරණ තීන්දුවක් ලැබෙනු ඇතැයි  තමන් විශ්වාස කරන බව අත්තනායක මහතා පැවසීය.

‘මම එක්සත් ජාතික පක්ෂය සිදු කළ අවුරුදු 30ක අනුපමේය සේවය  සලකා බලද්දී එහෙම එකපාරට ඉවත් කරන්න පුළුවන්  පක්ෂ සාමාජිකත්වයක්ද නැද්ද කියලා මම පක්ෂ නායකයාගෙන් අසා සිටිනවා.මම දේශපාලන තීන්දුවක්  ගත්තා තමයි,හැබැයි එහෙම කියලා මා පක්ෂයෙන් එලවන එක හරිම අසාධාරණයි.‘යැයි තිස්ස අත්තනායක මහතා මෙහිදී පැවසීය.

 

RDS_11772

 



අදහස් (0)

තිස්සගේ පෙත්සම අදත් විභාග වේ

සිල්වා Thursday, 02 April 2015 04:44 PM

බැරිවෙලාවත් ඔබතුමා පැනපු පක්ෂේ දිනුවානම් මේ වගේ ක්‍රියා මාර්ගයක් ගන්නවද ? නැහැ. හොඳට එහෙට වෙලා ගරු රනිල්ට දෙහි කපයි. කොනක ඉදලා එකනේ කෙරුවෙත් හොරුත් එක්ක සෙට් වෙලා. ඕකට තායි කියන්නේ "දුවන මුවන් දැක නොදමන් නෙලූ පලා " දැන් තියෙන්නේ ගෙදරට වෙලා හාමිනේට උදවු වෙන්න. (ස)

:       0       0

පද්මිණි Thursday, 02 April 2015 06:46 PM

අවුරුදු 30 ක් පොහොර,වතුර දාලා පෝෂණය කළ වෘක්ෂය කපන්න නේද එදා තැත්කළේ? අපිට මතකයි ලියවිල්ලක් උස්සගෙන කරපු දේ. (නි)

:       0       0

සමීර Thursday, 02 April 2015 07:02 PM

එක්කෙනෙක් රටපුරා රැස්වීම් තිය තියා නිදහසේ සැරිසරනවා.තව කෙනෙක් රට පැනලා. සිදුකළ විශාල මුදල් නාස්තියට කවදාද දඬුවම් දෙන්නේ? (නි)

:       0       0

විද්‍යා Thursday, 02 April 2015 07:15 PM

ඉතින් ළමයෝ,ඔයා දාලා ගියානේ. දැන් විවේක ගන්න. ලැජ්ජා නැද්ද? (නි)

:       0       0

අත්තනායක Saturday, 04 April 2015 03:56 AM

දැන් මන්ත්‍රීලා ඇමතිලා ජනාධිපතිලා වගේ කට්ටියගේ ඇඳුම් මහපු ටේලර් සාප්පු වහල ඇති නේද ඕඩර්ස් නැතුව (නදී)

:       0       0

නවර්ධන Friday, 03 April 2015 08:34 AM

මෙයා තමයී පක්ෂයට දිනන්න බැරිව තිබුන ඇණය. ගියා විතරය් දිනුව. (ස)

:       0       0

රම්‍යා Friday, 03 April 2015 09:48 AM

මහින්දට කඩේ ගියහම ඔහොම වෙනවා. (ස)

:       0       0

සමන්ති Friday, 03 April 2015 12:10 AM

දැන් කරන්න තියෙන්නේ විවේකීව ඉන්න එක (නි)

:       0       0

සුනිල් Thursday, 02 April 2015 11:55 AM

පක්ෂයට කරපු අනුපමය සේවය හොඳින් ප්‍රදර්ශනය කලා එතුමා ඡන්දෙට කලින්. (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 02 April 2015 12:06 PM

අනේ මන්දා මම මේ කල්පනා කලේ මෙතුමා කොහොමද ආපහු පක්ෂ සාමාජිකත්වය අරන් කට්ටියත් එක්ක එකට වැඩ කරන්නේ කියලයි. (ර)

:       0       0

වීකී Thursday, 02 April 2015 12:35 PM

මේවත් මේ නඩු කියන්න දේවල්ද, මහජනතාවට වෙන සෙතේ මොකද්ද මෙයාට ඕක ලැබුනම. බල තණ්හාධික මිනිස්සු. ධර්මතාව කියල දෙයකුත් තියෙනවා හැබැයි. (ර)

:       0       0

නිපුණ Friday, 03 April 2015 02:52 AM

ඔබ තුමා ඇදුමක් ඇඳගෙනද පෙත්සම ලිව්වේ? වැදගත්කම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැද්ද? (නදී)

:       0       0

අනුරුද්ධ Thursday, 02 April 2015 01:00 PM

මොනවා වුණත් වැඩක් නැහැ. ආයේ ජාතික ලැයිස්තුවෙන් එන්න ලැබෙන්නේ නැහැ. ඕනේ නම් සමාජිකයෙක් වෙලා ගෙදර හිටිය හැකි. මේ ට්‍රයි එක මන්ත්‍රී කම බේරගන්න නේ (දිල්)

:       0       0

රුවන් ලක්මල් Friday, 03 April 2015 03:04 AM

මේ මහාතාට ගිය කල (නදී)

:       0       0

සිල්රුවන් Thursday, 02 April 2015 01:33 PM

පස්ස බිම ඇනිල යන එන මං නැති උනහම තමා කාටත් සධාරණේ මතක් වෙන්නෙ. (ර)

:       0       0

සමන්ජය Friday, 03 April 2015 03:28 AM

දෝනිව දැක්කෙත් නැහැ හුඟ දවසකින්. (නදී)

:       0       0

අසෝක Thursday, 02 April 2015 01:58 PM

මෙයා ඒ දවස්වල කිව්වේ යූ.එන්.පී.යේ ස්විච් එක ඕෆ් කරලා යතුරත් අරගෙන ආවේ කියලා. (නි)

:       0       0

සචී Thursday, 02 April 2015 02:39 PM

ලැජ්ජාවට වඩා මහමුදලිකම ලොකුයි කියලා කියන්නේ නිකමටද? (නි)

:       0       0

හේමන්ත Thursday, 02 April 2015 02:50 PM

ඔයා තමයි අපේ පක්ෂයට හිටිය හිතවත්ම කෙනා. අනේ දුකයි ඔබට වෙච්ච්දේට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site