එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා එම පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට එරෙහි ඔහු විසින් ගොනු කැරුණු විරෝධතා පෙත්සම අද (02)ශ්‍රේෂ්ධිකරණයේදී සලකා බැලිණි.
සදුදාත් (01) අදත් (02) පෙත්සම පිළිබඳව පුර්ණ විභාගයක් විනිසුරු මණ්ඩලය සිදු කර ඇති බවටත් ඒ අනුව හැකි ඉක්මණින් සාධාරණ තීන්දුවක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව අත්තනායක මහතා පැවසීය.
‘මම එක්සත් ජාතික පක්ෂය සිදු කළ අවුරුදු 30ක අනුපමේය සේවය සලකා බලද්දී එහෙම එකපාරට ඉවත් කරන්න පුළුවන් පක්ෂ සාමාජිකත්වයක්ද නැද්ද කියලා මම පක්ෂ නායකයාගෙන් අසා සිටිනවා.මම දේශපාලන තීන්දුවක් ගත්තා තමයි,හැබැයි එහෙම කියලා මා පක්ෂයෙන් එලවන එක හරිම අසාධාරණයි.‘යැයි තිස්ස අත්තනායක මහතා මෙහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිවෙලාවත් ඔබතුමා පැනපු පක්ෂේ දිනුවානම් මේ වගේ ක්‍රියා මාර්ගයක් ගන්නවද ? නැහැ. හොඳට එහෙට වෙලා ගරු රනිල්ට දෙහි කපයි. කොනක ඉදලා එකනේ කෙරුවෙත් හොරුත් එක්ක සෙට් වෙලා. ඕකට තායි කියන්නේ "දුවන මුවන් දැක නොදමන් නෙලූ පලා " දැන් තියෙන්නේ ගෙදරට වෙලා හාමිනේට උදවු වෙන්න. (ස)
අවුරුදු 30 ක් පොහොර,වතුර දාලා පෝෂණය කළ වෘක්ෂය කපන්න නේද එදා තැත්කළේ? අපිට මතකයි ලියවිල්ලක් උස්සගෙන කරපු දේ. (නි)
එක්කෙනෙක් රටපුරා රැස්වීම් තිය තියා නිදහසේ සැරිසරනවා.තව කෙනෙක් රට පැනලා. සිදුකළ විශාල මුදල් නාස්තියට කවදාද දඬුවම් දෙන්නේ? (නි)
ඉතින් ළමයෝ,ඔයා දාලා ගියානේ. දැන් විවේක ගන්න. ලැජ්ජා නැද්ද? (නි)
දැන් මන්ත්‍රීලා ඇමතිලා ජනාධිපතිලා වගේ කට්ටියගේ ඇඳුම් මහපු ටේලර් සාප්පු වහල ඇති නේද ඕඩර්ස් නැතුව (නදී)
මෙයා තමයී පක්ෂයට දිනන්න බැරිව තිබුන ඇණය. ගියා විතරය් දිනුව. (ස)
මහින්දට කඩේ ගියහම ඔහොම වෙනවා. (ස)
දැන් කරන්න තියෙන්නේ විවේකීව ඉන්න එක (නි)
පක්ෂයට කරපු අනුපමය සේවය හොඳින් ප්‍රදර්ශනය කලා එතුමා ඡන්දෙට කලින්. (ර)
අනේ මන්දා මම මේ කල්පනා කලේ මෙතුමා කොහොමද ආපහු පක්ෂ සාමාජිකත්වය අරන් කට්ටියත් එක්ක එකට වැඩ කරන්නේ කියලයි. (ර)
මේවත් මේ නඩු කියන්න දේවල්ද, මහජනතාවට වෙන සෙතේ මොකද්ද මෙයාට ඕක ලැබුනම. බල තණ්හාධික මිනිස්සු. ධර්මතාව කියල දෙයකුත් තියෙනවා හැබැයි. (ර)
ඔබ තුමා ඇදුමක් ඇඳගෙනද පෙත්සම ලිව්වේ? වැදගත්කම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැද්ද? (නදී)
මොනවා වුණත් වැඩක් නැහැ. ආයේ ජාතික ලැයිස්තුවෙන් එන්න ලැබෙන්නේ නැහැ. ඕනේ නම් සමාජිකයෙක් වෙලා ගෙදර හිටිය හැකි. මේ ට්‍රයි එක මන්ත්‍රී කම බේරගන්න නේ (දිල්)
මේ මහාතාට ගිය කල (නදී)
පස්ස බිම ඇනිල යන එන මං නැති උනහම තමා කාටත් සධාරණේ මතක් වෙන්නෙ. (ර)
දෝනිව දැක්කෙත් නැහැ හුඟ දවසකින්. (නදී)
මෙයා ඒ දවස්වල කිව්වේ යූ.එන්.පී.යේ ස්විච් එක ඕෆ් කරලා යතුරත් අරගෙන ආවේ කියලා. (නි)
ලැජ්ජාවට වඩා මහමුදලිකම ලොකුයි කියලා කියන්නේ නිකමටද? (නි)
ඔයා තමයි අපේ පක්ෂයට හිටිය හිතවත්ම කෙනා. අනේ දුකයි ඔබට වෙච්ච්දේට. (නි)