එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක මහතා ඉකුත් ජනාධිපතිවරණ මැතිවරණ සමයේදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනවිමට කටයුතු කිරිමට පක්ෂයේ මහලේකම් ධුරය අත් හළේ කිසිම ප්‍රතිපත්තියක් නැතිව යැයි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද (01) ශේෂ්ධාධිකරණයේදි සඳහන් කළේය.
පෙත්සමේ මහින්ද රාජපක්ෂ මහතා දිනවිමට ගත් තිරණය එක්සත් ජාතික පක්ෂයේ තින්දු තිරණ වලට පටහැනි යැයිද කියා සිටියේය.
තමා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් නොකරන තිස්ස අත්තනායක මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නිතිඥ රෝමේෂ් ද සිල්වා මහතා අධිකරණයට කරුණු දක්වමින් ඔහු එසේ කීවේය.
රෝහණි මාරසිංහ, බුවනෙක අළුවිහාරේ සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම විභාග වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂයක් නියෝජනය කර ඡන්දයකින් හෝ ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට පත්වන අය පක්ෂ මාරු කිරීමේදී එම ආසනයත් දමා ගිය පක්ෂයේ සාමාජිකත්වය ඉබේම නැතිවන පනතක් පාර්ලිමේන්තුවෙන් සම්මත කර, මෙවැනි පක්ෂ මාරුකරන අය දේශපාලන ලෝකයෙන්ම ඉවත්වන ක්‍රමයක් ඇතිකළ යුතුය (නි)
මට නම් ඔහු පෙනෙන්න බැහැ (නි)
තිස්ස කියපු සමහර දේවල් දැන් සිදු නොවෙනවමත් නෙවෙයි. (ම)
දූෂිත චෝදනාවලට කට උත්තර දීල එන ගමන් ඇමතිකම් ලැබෙන අබුද්දස්ස කලක-ප්‍රතිපත්ති ගැන කවර කතාද? (ස)
කාගෙද ගොන් වස්සා...... (ස)
ගියා මදිවට ගිහින් කියපු දේවල් වලට වෙනම නඩුවක් දාන්න ඕනෑ. (නි)
ඉස්සර මේ වගේ කෙනෙක් හිටියනම් වෙන දේ හිත ගන්නවත් හම්බ වෙන්නේ නෑ. (ස)
තිස්ස අත්තනායක මෙයාව නම් පැත්ත පළාතේ ගාව ගන්න එපා මෙයා හැසුරුනේ වැඩකරේ හරියට තක්කඩියෙක් වගේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දෙන්නම එපා රටත් කෑවා ගමත් කැවා. (බ)
මෛත්‍රී කළෙත් ඔය වැඩේමයි (බ)
ඒවුණාට වෙන අය තමන් ආපසු තියාගන්න කියා ඉල්ලුවේ නැහැ. (නි)