බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා ද විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමේ ගිවිසුමට අද අත්සන් තැබීය.
ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරන කාරියවසම් මහතා එම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ වමේ කේන්ද්‍රය නියෝජනය කරමිනි.
ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ද ඔහු කටයුතු කරයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුය යන්න ලංකා සම සමාජ පක්ෂයේ මතය වන බැවින් ඒ වෙනුවෙන් ඉදිරිපත් වී සිටින සිරිසේන මහතාට සහාය දීමට තමන් තීරණය කළ බව කාරියවසම් මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සාදුකින් පෙළෙන උන් - දැන් ඉතින් නැගිටියව්...! අන්තිමත් සටනටත් සැරසියව්! (නදී)
බුද්ධමත් තීරණයක්.(ම)
මොහු කාලයක් පැරිසියේ කම්කරුවකු වශයෙන් සේවය කරනා කාලයේ ,මාගේ මිතුරෙකුය , කිර්ති කාරියවසම් ඔබගේ සහාය පොදු අපේක්ෂකට දීම මම අගයමි (නදී)
මේකට සමසමාජ පක්ෂයේ හිටපු කාමිණි මීදෙනිය මහත්මිය ලංකාවේ හිටියා නම් අත්සන් කරයි. (නදී)
බොහොම හොඳ තීරණයක්. ප්‍රතිපත්ති ගරුක දේශපාලනයට ලංකාවේ කුඩා පිරිසක් හරි ඉන්න බව පේනවා. (නදී)
ලංකා සම සමාජ පක්ෂයේ හිටපු නායකයන් වන අචාර්ය එන්.ඇම්.පෙරේරා, අචාර්ය කොල්වින් ආර් ද සිල්වා වැනි නායකයෝ මේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි වූ අතර වර්තමාන නායකයන් අද මේ ක්‍රමයට විරුද්ධ බව පවසමින් මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන්නේ තමන්ට ලැබී ඇති තනතුරු හා වරප්‍රසාද වලට කෑදර වී බව ඉතා පැහැදිලි කරුණක් වන අතර මෙම පක්ෂයේ සාමාජිකයන්ගෙන් බහුතරයක් මෙම තීරණය විරුද්ධ බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභික අචාර්ය ජයම්පති වික්‍රමරත්න මහාතා පසුගිය දා මාධ්‍යට අනාවරණය කල අතර ඉදිරි කාලසීමාවේදී තවදුරටත් සම සමාජ පක්ෂයේ සාමාජිකයන් පොදු අපේක්ෂකයා සහය දීමට ඉදිරිපත් වනු ඇත (අ)
දේශපාලන සුනාමියක් අල්ලස් දුෂණ ෆයිල් වලින් නවත්වන්න බැහැ කියල වත්මන් ජනාධිපති දැන්වත් තේරුම් ගන්න ඕනේ. ඔහුට ලංවූ බොහෝ දෙනෙක් එසේ ලංවුයේ වන්දි භට්ට කම් තුලින් ලාභ ප්‍රයෝජන ගන්න බව ඔහු දැන දැනත් ඒ වංචා කරන අයව ඔය කියන ෆයිල් වලින් ම වහලයි ආරක්ෂා කලේ. හොර කම් කළ අයත් හොරුන්ව ආරක්ෂා කළ අයත් ලජ්ජා භය හඳුනා නොගැනීම ම මේ සියලන්ගේ ම විනාශය ට හේතු වී තිබෙනවා. (අ)
ස්තුතියි ඔබට. (ර)
මම සිතුවේ නැහැ මෙහෙම වෙයි කියලා (නි)
තිස්ස විතාරණ, වාසුදේව සහ ඩියු මේගොල්ලන්ගේ මොන වාමාංශික ප්‍රතිපත්තිද? (අ)