අනියම් බිරියගේ 14 හැවිරිදි දියණිය හෝටලයකට රැගෙන ගොස් කෙළෙසී යැයි ව්‍යාපාරිකයකු ද ඔහුට ආධාර අනුබල දුන්නැයි කියන හෝටල හිමියකු ද අද තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි. ටියුෂන් පන්තියට ගොස් එමින් සිටි දැරිය වෑන් රියකින් රැගෙන ගොස් කෙළෙසා රුපියල් 1200ක් අතට දී ගෙදර යන ලෙස බසයකට නංවා ඇතැයි පොලිසිය කියයි. පොලිස් ස්ථානාධිපති ජනක කුමාර හා කාන්තා පොලිස් පරීක්ෂක එම්.එච්. චාන්දනී මහත්මිය පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද අපේ රටේ සාර ධර්ම අයාලේ ගිහින් මිනිසා තිරිසන් වෙලා (නදී)
ෂුවර් එකටම ප්‍රාදේශීය සභාවේ කව්රු හරිද? (නදී)
සදහටම මෙවැනි දේවල් නොකරන්න දඩුවමක් දෙන්ඩ ඕනේ (නදී)
බැලුවහම මේ දකුණේ වැඩකාරයෙක්නේ. රටට ගිය කල! (නි)
පුදුමය කියන්නේ වැඩියෙන්ම මේ වගේ ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ දකුණු පැත්තෙන්මනේ. මම නම් පුස් පැටියෙක්වත් එහෙන් අපේ පැත්තට ගෙනෙන්නේ නැහැ. (නි)
මේ සිද්ධියේදී අම්මාගේ වරද හොයන්න යන්න තරම් පහළ තත්ත්වයකට වැටෙන්න එපා. මේ මිනිසා මනුෂ්‍යයෙක් වෙන්න බැහැ. ගැහැණු ළමයා ඔහු හඳුනන නිසා වාහනයට නගින්න ඇති. සමාජයේ පිරිහීම මින් පෙනෙනවා. (නි)
ආගමික නායකයන් වහන්සේලා වෙනත් දේවලට කාර්යබහුල වෙලාම හරියන්නෙ නැහැ. සමාජයට මේවායේ හොඳ නරක කියාදෙන්න අවශ්‍යයි (නි)
අනේ මෙහෙමත් සත්තු. (නදී)
දැන් ඉතින් මොන නීතිය ක්‍රියාත්මක කළත් අර දරුවාගේ විනාශ වූ ජීවිතය ලැබෙන්නේ නැහැනේ (නි)
තිස්ස මුදලාලි කියන්නේ මිනිස් ආත්මයක් ලැබූ කෙනෙක් නෙමෙයිද මෙහෙම තිරිසන් වැඩ කරන්නේ? (නි)
"තිස්ස මුදලාලි තහනම් ගහේ පුංචි ගෙඩියකුත් කුරෝලු කරලා" හරිම ලස්සන හෙඩිම. (ස)
අන්තිමේදී මේවායින් බැටකන්නේ අහිංසක දරුවන් (නි)
ලුම්බිණි, මේ කාන්තාව තරුණ දැරිවියක් සමඟ තනිවූ මවක්. ඇගේ අනියම් සම්බන්ධකමේ ප්‍රතිඵල තමා මේ. මේක අපේ කාන්තාවන්ට හොඳ පාඩමක්. ලුම්බිනිට මේකේ වරදක් නැති වුණාට පොදු සමාජයේ නම් අම්මා කෙනෙකුගේ මෙවන් චර්යා සහ අසම්මත සම්බන්ධකම් වැරැද්දක්. (නි)
මේ වගේ මිනිසුන්ව සිද්ධිය සිදු වූ ස්ථානය පෙන්වන්න එක්ක ගියොත් නරකද? (නි)
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)
විවාහක කාන්තාවන් කීදෙනෙක් මේ ලෝකයේ ඉන්නවාද දරුවන් නැතුව ලතවෙන? මෙහෙම අයට අම්මා කියා ඇමතීමත් මදිකමක් ලෙසයි මම නම් දකින්නේ. (නි)
දුවලා ඉන්න කාන්තාවෝ අම්මලා වෙනවා වෙනුවට අක්කලා වෙන්න ගියාම ඇති වන ප්‍රතිපල තමා. (නදී)
සමහර අම්මලාට තමන්ට දුවලා ඉන්නවා කියලා මතක් වෙන්නේ අශ්වයා ඉස්තාලෙන් පැන ගියාට පස්සේ. (නදී)
මේ මුදලාලිට නෙවෙයි නොහොබිනා වැඩ කර දරුවාත් අමාරුවේ දැමු අම්මාවයි හිරේ යවන්න ඕනා. සල්ලි වලට වහ වැටුනාම තමන් බිරිඳක් මවක් කියලා අමතක වෙනවා. කවුද දන්නේ දුවවත් ඕන කමින්ම මේ අපරාධයට පත් කලාද කියලා. එහෙම පුවතක් දැන් කලකට පෙර වාර්තා වුනා නේ. (නදී)
ලබන පාර පළාත් සභාවට නාම යෝජනා බාර දුන්නම ඔක්කොම හරි. (නදී)
ජනතාවට වෙලාව දක්වන්නෝ කියන පරණ වෙළඳ දැන්වීම මතකද ? දකුණු පළාත කියන්නේ දැන් ජනතාවට මුලාව පෙන්වන්නෝ. (නදී)
හැමදාම මෙවැනි පුවත් දැක්කා. නීතිය බලගන්වයි කියලා හිතුවා. දඩුවම් වැඩිවෙයි කියලා හිතුවා. ඒත් තවමත් විසදුමක් නැහැ. මේවට සම්පුර්ණයෙන්ම වගකිවයුත්තේ කව්රුන්ද? (නදී)
තමාට සරණක් කියා පවත්වන අනියම් සබඳකම් වලින් පලක් වූ කෙනෙක් ගැන කවදාවත් අහලා නැහැ.ඒකෙන් වෙන්නේ ඉන්න දරු පැටවු තව තවත් අසරණ වීම විතරයි.දෙපාරක් සිතන්න ඕනෑ ගැහැණු දරුවන් ඉන්න අම්මලා මේ ගැන. (නි)
අපේ මහගෙදර වත්තේ මීටර් දහයක් විතර දුරින් එකිනෙකට පැලවෙච්ච මීටර් පහළොවක් තරම් සමාන උසක් ඇති පුවක් ගස් දෙකක් තියෙනවා. ඒක දකින හැම වෙලාවේම මට මතක් වෙන්නේ සිංහල රජකාලේ දුන්නු දඬුවමක්. මේ පුවතට සම්බන්ධ දෙන්න මට දෙනව නම් "ඕන දෙයක් කරන්න කියලා" මටත් පැය දෙක තුනකට ගහලයෙක් වෙන්න පුළුවන්. එක මම කරන්නේ කැමැත්තෙන්. (ස)
මෙවෙනි දෙයට හැමෝම දන්නවා ලංකාවේ දඩුවම් දෙන්න කල් යනවා කියා. නඩුව අවසන් වෙනකොට වැරදිකරු ජීවතුන් අතර නැහැ. එහෙම නැත්නම් සුළු දඩයකට යටත් වෙනවා. ලංකාව ආසන්නයේ රටවල් හැර අනිත් දියුණු රටවල් ආදර්ශයට ගන්නවා නම් මෙවැනි වැරදි අඩුකරගන්න පුළුවන්. (නදී)
අර අතීත කතාවක් තියෙනවනේ ඉදිරියට මීට වැඩිය දරුණු වෙනවා කියා. පරිහානියේ ලක්ෂණ තමා සමාජයෙන්ම මේ වගේ මිනිසුන්ට දඩුවම් නොදෙන එකයි ප්‍රශ්නය (නදී)
මොන නීති රීති දැම්මත් වැඩේ මොකක්ද මෙහෙම තිරිසන් වැඩ වෙනවා නම් හැමදාමත් රටේ. (නදී)
පොඩි හෝඩුවාවක් දෙන්න බැරිද තිස්ස මුදලාලි කව්ද කියලා (නදී)
තිස්ස පොලිසිය කලින් සෙල්ලම් පිස්තෝලය ගෙනාව කෙනාට කලා වගේ මෙදා කියයිද දන්නේ නැහැ මේකත් සෙල්ලම් බෝනික්කෙක් කියලා (නදී)
මේ අයට දෙන්න ඕනේ රජකාලේ දඩුවම් (නදී)
පවු අහිංසක දරුවන්! (නි)
තිස්ස පොලීසිය මේ වෙලාවේ හරියට වැඩ නොකලෝතින් අහිංසක දැරියට කාගේ පිහිටද ? (නදී)
මේ දෙන්නවම ආයුද පෙන්නන්න එක්ක යනවා නම් තව කී දෙනෙක් හැදෙයිද? (නදී)
අම්මලාගේ තාත්තලාගේ වැරදි වලට ළමයින්ටත් වන්දි ගෙවන්න වෙනවා. ඒක හැමෝම මතක තියාගෙන වැඩ කරන්න. (නදී)
ලුම්බිණි, තනිවූ ගැහැණුන් අසම්මත දේ කරන එක සම්පුර්ණයෙන් වැරදියි. හැබැයි කසාද බිරිඳ ගෙදර සිටියදී අසම්මත දේ කරන පිරිමින් සියයට සියක් නිවැරදියි. අනේ මෙහෙමත් රටක්.....? (නි)
මේ මිනිසුන් කිසිම බයක් සැකක් නැතිව ලැජ්ජාවක් නැතිව මෙවැනි වැඩ කරලා ඇඳුනුත් ඇඳන් පාරේ යනවනේ. හැමතැනම දරු පැටව් දුෂණය කරනවා. වග කිව යුත්තන්ට මේවා ගැන පෙනෙන්නේ නැද්ද ? (නදී)
ලුම්බිණි මොනවා කිවුවත් මේකෙ මූලික වරද කළේ අනියම් බිරිඳ යැයි හඳුන්වා දෙන ගැහැණියයි.මේ වගේ කෙනෙක් ගැන මුලින්ම හිතද්දී, ඇයට හිතන්න තිබුනා තමන්ට දුවක් ඉන්නවා නේද කියලා. (නි)
අම්ම කරපු දේටද දුව වන්දි ගෙව්වේ. මොකද ගැහැනුන් මේ තරම් අනියම් බිරියන් වෙන්නේ. හිතන්න තමන්ගේ ආත්ම ගරුත්වය ගැන. කාමය ගැනම හිතන්න එපා. ඇතිවෙන්නේ පාඩුවක් සහා වසාගත නොහැකි ලැජ්ජාවකුත් පසුතැවීමකුත් පමණයි.(නදී)
අචි, ගොඩක් වෙලාවට කාමයට වඩා අසරණකම නිසා මේ වගේ දේවල් වලට පැටලෙනවා. (නදී)
දුෂනයකදී , බලහත්කාරකමකදී පිරිමියාට ඇඟිල්ල දික් කලාට කමක් නැහැ. ඒත්, අසම්මත සම්බන්ධකම් පවත්තවා, තමන්ගේ දරු පවුල විනාශ වුනාම පිරිමියාට වරද පටවලා වැඩක් නැහැ. සමහර කාන්තාවන්ට සල්ලි දැක්කාම උන් හිටි තැන් අමතක වෙනවා. මෙන්න ප්‍රතිපල. ! (නදී)
කනාටු කරලා කිව්වොත් තවත් අගෙයි (නදී)
පේන හැටියට බවලතෙක් වෙලා දකුණු පළාතේ ඉපදෙනවාට වැඩිය ඇෆ්ගනිස්තානයේ බවලතෙක් වෙලා ඉපදෙන එක හොඳයි වගේ. ඉපදුනදා ඉඳලාම කොයි වෙලාවේ අතවරයක් ද දන්නේ නැහැ. (නදී)