ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අරලියගහ මන්දිරයේ දී අද උදේ සන්ධානයට එක් විය.
ඌව පළාත් සභාවේ සන්ධානයට ආසන 19ක් ද විපක්ෂයට ආසන 15ක් ද තිබිණි.
ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ නිසා තමා මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දැක්වීමට තීරණය කළ බව ආණ්ඩුවට එකතුවූ තිස්ස කුට්ටිආරච්චි මහතා ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරුද මාධ්‍ය සාකච්ඡාවට එක්වූහ.
කුට්ටිආරච්චි මහතා හා සම්බන්ධ පුවත්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ කෙරෙන ඔය වගේ පැනිලි ජනතාව තේරුම් ගන්නේ වෙන විදිහකට. (නදී)
" හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලි කිසි වාසියක් නැහැ , හාමතේ නැත්නම් අතේ සල්ලි හොඳ මිලක් ලැබුනම නොයා කොහොමද සාටකේ එල්ලී මට කමා කරපන් එහෙට පැන්නට සුදු හරේන් මල්ලි " (අ)
කමල් යොහාන්, ඔබ හරි. සේරම අවුරුදු 4ට කරන්න පුලුවන්ද? ලෝකේ දියුණුවුණ හැම රටක්ම එක පාලකයෙක් එක්ක අවුරුදු ගානක් ඉඳලා තමා ඒවා ලබාගත්තේ.හොයලා බලන්න. මිනිස්සු වුණාම ඔලුව් පාවිච්චි කරන්න ඉගෙනගන්න. ඔය කියන සුන්දර ලෝකය මෛත්‍රීට හදන්න බැහැ (නි)
ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඉතින් කවුරුවත් දේශපාලනය කරනවද? (නි)
මට න්ම මේක පුදුමයක් නෙමෙයි (නි)
තිස්සලාට හොද කාලයක් උදාවෙලා තියෙන්නේ ...... හම්බවෙන්නේ මුට්ටිවලට කුට්ටි කුට්ටි.(හේ)
ඒකාධිපති වියරුව කියන්නේ නිකන්ද?(හේ)
යටි අරමුණ කුමක් වුවත් හැම කෙනෙක්ම ප්‍රසිද්ධියේ කියන්න හේතුවකුත් හදාගෙන තමයි පනින්නේ. (නි)
දේශපාලනයට මේවාත් අයිතියි (දී)
මොකද මේ එහාට මෙහාට පනින්නේ (දී)
"කුට්ටිආරච්චි" .... මම කැමතිම නමක්.... (නි)
සල්ලි හදිසියට නියම තැන යන අය දැන්ම යන එක හොදයි (බ)
මෙයා ගැන අපි දන්නවා. නඩු තියෙනවා මොනරාගල උසාවියේ. මෙයට මොනරාගල පැත්තේ යන්න තියා එහෙ දේශපාලනය කරන්නත් බෑ. ආණ්ඩුවට ගියේ මහින්දට ආදරේට නෙවේ. ප්‍රශ්නවලින් බේරෙන්න. හරින්ගේ කුළුපග මිත්‍රයා නේද මේ හාදය. පිරිසිදු නොවන මේවගේ තුට්ටු දෙකේ මිනිස්සු අරගෙන ලබන ජය මොකක්ද (බ)
විපක්ෂයේ කමෙන්ට් කරන කටිටිය මානසික රෝහල්වලට ගෙනියන එක හොදයි. ආණ්ඩුවට පක්ෂ වුණොත් ඒ නමින් විරුද්ධව දානවා. (බ)
කවුරු කොහොම ගියත් ජනතාවගේ අතේ අන්තිම කැමැත්ත.(හේ)
කුට්ටියට මුට්ටිය ගැලපෙනවා.(හේ)
දේශපාලනය කියන්නේ එක්තරා රැකියාවක සේවා නාමයක් පමණයි. එය විසිතුර කර තිබෙන්නේ අපේ මිනිස්සුන්ගේම මෝඩකම් නිසා උපන් වරදින්.එම රැකියාවට වරප්‍රසාද ලබා දී ඇත්තේ රටේ ව්‍යවස්ථාව මගිනුයි. හරියට ආයතන සංග්‍රහය වගේ. අර කියු රැකියාවට කෙනෙකු තෝරා ගැනීමට අවශ්‍ය මයි කියලා හිතෙනවා නම් ඔබට එය කළ හැකියි. ඉන් එහාට හිතන්න එපා. ඔබත් ඒ රැකියාවට කැමතිනම් එයට ඉදිරිපත්වෙන්න.(හේ)
දෙපැත්තටම පනිනවා කට්ටිය (දී)
මාර පැනිලි ටිකක්නේ තියෙන්නේ (දී)
ගණන් ගන්න එපා ජගත් අපිටත් පසුගිය දවස වල ඔය වැඩේ වුනා. මෙතන දේශපාලන පුවත් වලට නොලියන අයගේ නම් වලිනුත් කවුදෝ කෙනෙක් මෙතන ලියලා ඒ අයත් බැන බැන හිට්යේ. (දී)
දේශපාලනය කරන්න ඕනේ කොන්දක් තියෙන මිනිස්සු (දී)
ගියානම් ඔය පැත්තේම ඉන්න (දී)
මේ පුවතට දාන්න පුළුවන් නියම කමෙන්ට් එකක් තියෙනවා මගේ ලග නමුත් මම ඒක ප්‍රකාශ කරන්නේ නැහැ (දී)
ඒ ජ පයේ ඉන්නකම් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රශ්න ඇතිකරගෙනනේ හිටියේ. (දී)
ලජ්ජා නැද්ද ඔහොම පැති මාරු කරන්න.(හේ)
මේ විදිහට පක්ෂ මාරු කරන එකට මොකුත් නීතිමය පියවරක් ගන්න බැරිද (දී)
මහජන නියෝජිතයෙක් කියන්නේ ගරු කටයුතු සේවයක්. දැන් බලනකොට මේකට වැඩිය ලාබ ලබන්න පුළුවන් ව්‍යාපාරයක් තවත් නැහැ. ලැජ්ජයි ලංකාවේ දේශපාලනය ගැන. (නි)
ගණන් ගන්න එපා. සල්ලි හදිසියක් වෙන්න ඇති.(හේ)
මේ දාම් ඇදිල්ල මටනම් එපා වෙලා.(හේ)
මේකටත් කියන්න තියෙන්නේ එකමයි.... මේ වනවිට පාර්ලිමේන්තුව පොළක් බවට පත්වී ඇත්තේය. මේ පොළ නිර්මාණය වන්නේ ප්‍රකාශිත ජනාධිපතිවරණයත් සමගය. රට මේ මොහොතේ ජනාධිපතිවරණයක් අපේක්‌ෂා කළේ නැත. මේ ජනාධිපතිවරයාට සියලු වරදාන සමඟ තවත් අවුරුදු දෙකක් රට පාලනය කරන්නට හැකියාව තිබිණි. එසේ තිබෙද්දී ඔහු ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර, කිසිම ශිෂ්ට සමාජයක් අනුමත නොකරන ආකාරයේ ව්‍යවස්‌ථා සංශෝධනයකින් ලබාගත් තුන්වන ධුර කාලයක් සඳහා ජනාධිපති අපේක්‌ෂකත්වය ලබා ගන්නේය. පාර්ලිමේන්තුව පොළක් වන්නේ විධායක බලය සහිත තවත් අවුරුදු හයක් සඳහා බලයට පත්වීමේ සිහිනය ජනාධිපතිවරයාගේ ඇස් ඉදිරිපිටම පුපුරා යෑමත් සමගය.(හේ)
මේකද ජනතිපති මැතිවරණය. මිට කලින් මේවගේ බහුබූත තිබුනද අද වගේ. .මුදලට බලයට තමාගේ පුද්ගලික උවමනාවන්ට දේශපාලනය කරන සහ කරවන අය ගැන ජනතාව හරි තීන්දුව ගනීවි කියා විශ්වාස කරනවාද. මෙහෙම වෙන්න ගියොත් මහජන නියෝජිතයින්ව විශ්වාස කරලා අපිට කිසිම පක්ෂයකට අපේ මතය ගරු කරලා සහය දෙන්න බැරිවෙනවා. අපි කාවද විශ්වාස කරලා ඡන්දය දෙන්නේ. (හේ)
අවසනාවක මහත.(හේ)
තිස්ස නම තියෙන සියලු දෙනා පනින සුලුයි.(හේ)
අනේ මෙහෙමත් මනුස්සයෝ.(හේ)
පැනලා පුරුද්දනේ.(හේ)
මේක නම් මාර වැඩකාරයෙක්... විපක්ෂය රැකගන්න වහපු සැලෝන් දොරෙන් කොහොම රින්ගුවද මන්ද... කොහොම වුනත් කුට්ටියගේ කුට්ටිය නම් බරවෙලා ඇති.(හේ)
චන්ද දායකයා අනාත කරමින් මේ විදීහට එහෙට මෙහෙට පනින ප්‍රතිපත්තියක් නැති මිනිසුන් ගෙදරම යවන්න පුළුවන් විධියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය කිරීමට කාලය එළඹ ඇත. කවුරු ජනපති උනත් එතුමා රටේ ජනතාව වෙනුවෙන් එය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට කරන මහගු සේවයක් වේවි. (දී)
ලොකු කුට්ටියක් හම්බෙන්න ඇති. (හේ)
ආණ්ඩුවට එන්නේ සල්ලි අරන් නම්...ආණ්ඩුවෙන් යන්නේ අනිත් පැත්තෙන් සල්ලි අරන් නෙමෙයිද?(හේ)
හොද කුට්ටියක් ලැබෙන්න ඇති.(හේ)
හොද වෙලාවට සීතලට හරි වැහුවේ.(හේ)
දැන් ඉතින් මේ මනුස්සයාට කරන්න තියෙන අවලාද ඔක්කොම කරයි සමහරු (නි)
මෙහෙම පිල් මාරුකරන අයට නම් ආයෙත් ඡන්දය නම් දෙන්න එපා (නි)
කුට්ටියක් ලැබෙන්න නියමිත ඇති. වෙන මොනවද ? (බ)
වැදගත් කතාවක් ජයංගනී කියලා තියෙන්නේ. ඒක හරියටම හරි. (නි)
එතකොට ජේ.ආර්.ජයවර්ධන සිරිමාවෝ මැතිනියට මුණ දෙන්න බයේ ධුර කාලයෙන් අවුරුදු 4 කට පස්සේ ඉන්න ජනාධිපතිට කැමතිනම් මැතිවරණයක් කැඳවන්න හැකි විදියට තමන්ම හැදු ව්‍යවස්ථාව වෙනස් කරපු එක ප්‍රජාතන්ත්‍රවාදීද? දෙපාරට වැඩිය ජනාධිපති ධුරය දරපු අයත් දරන අයත් ලෝකයේ ඕනෑතරම් ඉන්නවා. ඕනනම් නම් ගම් ඇතුළුව විස්තර දෙන්නම්. (බ)
දැන් වෙනස පේනවා. ආණ්ඩුවෙන් 38 ක් විපක්ෂයට (හරින් ගෙනෙන කොට), ඌවෙන්, ආණ්ඩුවට ගන්න පුළුවන් වුනේ තිස්ස (1) විතරයි. ඇයි ආණ්ඩුව තිස්සලාගේ අනාගතය අදුරු කරන්නේ ? මෛත්‍රී ඌව දිනන බව ස්ථිරයි. (බ)
දුකට ලියන කවි. කව්රු පිළිගත්තත් නැතත් හරියට බලනවානම් ජෝතිර්වේදය කියන්නේ නියම ශාස්ත්‍රයක්. කල් යල් බලල තමන්ගේ හොඳම වෙලාවේ ඡන්දයක් තියන්න උන්නැහේට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා. (නදී)
දැන් ඉතින් මෙයාගෙත් ලෝකයක් නැති වැරදි දකී කට්ටිය.(බ)
රොඩු බොඩු එක පැත්තකට එකතුවෙනවා....පිරිසිදු රත්තරන් ඉතුරු වෙනවා....හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නවා....අපිට 8 වෙනිදට පස්සේ පිරිසිදු මිනිසුන්ගේ පාලනයක් ලැබෙනවා....ජයවේවා! (බ)
අයියෝ එතකොට ඌවෙ බලය පෙරළලා ඉවරද? මෛත්‍රී පරාජය දකිනඅය තව ඉන්නවා එයාලත් වෙලාවට එයි (බ)
ඔය එන අයවත්, යන අයවත් ඡන්ද ගොඩවල් අරගෙන යන එන අය කියලා හිතන අයට තරු පෙනෙන්නේ 9 වෙනිදාට තමයි. (නි)
සිරිපාල හීන දකිනවා. 38 කෙසේ වෙතත් දැන් ගිහින් ඉන්න කට්ටියත් එනවා."ඒ තිස්සත් මේ තිස්සත් හැර තවත් තිස්සලා සිටීද?" (නදී)
තිස්ස කුට්ටිට හොඳ කුට්ටියක් හම්බවුනා වත්ද ?(හේ)
මේ වගේ දේශපාලකයෝ අපේ රට විනාශ කරනවා. මේ යන විදිහට කවදාවත් මේ රට සහ ජනතාව සංවර්ධනය වෙන්නේ නෑ. දේශපාලුවන්ගේ මඩි තරවෙනවා විතරයි. රටේ නීතිය සමානව ක්‍රියාත්මක වෙන්නේ නෑ. එහෙම වෙනවා නම් දේශපාලන අල්ලස් දීම සහ ගැනීම යටතේ මේ අයවත් අත්අඩංගුවට ගත යුතුයි. (නදී)
ඊලගට වෙන්දේසි වෙන්නේ කවුද? ඈවරයි, දෑවරයි, තුන්....ඈවරයි.(හේ)
මමත් උපන්දා ඉඳලම අලියෙක්.අපිත් පිල මාරු කරනවාමයි. මගේ ඡන්ද ඔක්කොම බුලත් කොළයට. (නි)
දැන් ඉතින් මෙතුමාට ලෝකෙ නැති කතා කියලා බනියි සමහරු (නි)
යන අය අපේ රට විනාශ කරනවා, එන අය හොදායි.... (අ)
හැමදෙනාම ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කරන්න කියලනේ කලින් පැන්නෙ (නි)
මේ පැනිලි දිහා බලන් ඉදලා අපිට එපා වෙලා.(හේ)
සිහින කවදත් බිඳෙන හින්දා කදුළු දුක රහසේම වින්දා.... (නි)
ප්‍රසාද්. ඔබ හරි. රොඩු බොඩු එක තැනකට එකතුවෙනවා. එය දැක ගම්මන්පිල මෙන්ම කුට්ටිආරච්චි වැනි දේශපාලන න්‍යායාචාර්යවරුන් රත්තරන් පැත්තට එකතුවෙනවා. (බ)
මේවට වගකියන්න ඕනා වෙන කවුරුවත් නොවෙයි අපි අපිමයි,මීට පස්සෙවත් ප්‍රතිපත්ති ගරුක මහත්මා ගුණයෙන් යුත් පුද්ගලයන්ව පාර්ලිමේන්තුවට,පළාත් සභාවට,ප්‍රාදේශීය සභාවට යැවීමට චන්ද දායකයන් වන අපි කටයුතු කළයුතුයි, දැන් එහෙම නොවෙයි නේ වෙන්නේ ඡන්දය දෙන්නේ ඉල්ලන අයගෙන් අන්තිම දුෂ් චරිත තියන පුද්ගලයන්ට තමයි වැඩිපුරම මනාප ඡන්ද ලැබෙන්නේ ලජ්ජා බයක් නැති මොවුන් සල්ලිවලට තම බ්රිද හා දරුවන් පමණක් නොව තමන්වද විකිනීමට සුදානම් බව පැහැදිලියි. (බ)
කුට්ටිආරච්චි මහත්තයාට ජයවේවා! (නි)
මේ මිනිස්සුන්ට ප්‍රතිපත්තියක් නෑ.(හේ)
ජයවේවා! (නි)
ජයවේවා මැතිඳුනි. ඔබ ගත්තේ හොඳ තීරණයක් (නි)
ඔබ ගත්තේ හොඳ තීරණයක් (නදී)
ඔබ ගත්තේ හරි තීරණයක්.(හේ)